IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බිරිඳ කියා වෙනත් කතක් ඉතාලියට ගෙනියනන හැදු සැමියා මාට්ටු

( ටී.කේ.ජී.කපිල )

තම බිරිඳගේ ගුවන් ගමන් බලපත්‍රය යොදා ගෙන , වෙනත් කාන්තාවක් ඉතාලිය වෙත රැගෙන යාමට තැත් කළ සැමියෙකු 10/31 දින දහවල් කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර , ඔහුගේ පස් හැවිරිදි කුඩා පුතා සමග තම බිරිඳ ලෙස හැගවෙන පරිදි කන්කසන්තුරය ප්‍රදේශයේ 29 හැවිරිදි කාන්තාවක සමග ඉතාලිය වෙත පිටත්ව යාම සදහා 10/31 දින දහවල් 01.45 ට එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී.9509 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ .

 එහිදී මෙම පවුලේ ලියකියවිලි නිශ්කාශන කර ගැනීමට විගමන කවුළුව වෙත පැමිණි අවස්ථාවේ මොවුන් පිළිබඳව ඇති වූ සැකය මත , මොවුන් තිදෙනා දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කර තිබේ .

 එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂා වන් වලදී සහ සිදු කළ මූලික විමර්ශන වලදී මෙම කුඩා දරුවා , මෙම පියාගේ වුද  සැබැ බිරිය නොවන බවට හෙලිවී තිබේ.

මෙම පුද්ගලයා මීට සති කීපයකට පෙර ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවේ ඉතාලියේ සිටින සිය බිරිඳගේ ගුවන් ගමන් බලපත්‍රය ද රැගෙන පැමිණ , එයට කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන මුද්‍රාව , ව්‍යාජ ලෙස සකස් කර , එය තබා ගෙන තිබේ .

එම ගුවන් ගමන් බලපත්‍රය යොදා ගෙන මෙසේ වෙනත් කාන්තාවක් මොහු ඉතාලිය වෙත රැගෙන යාමට තැත් කර ඇති අතර , මීට පෙර අවස්ථාවකදී ද සිය බිරිඳගේ ගුවන් ගමන් බලපත්‍රය මෙසේ යොදා ගෙන තවත් වෙනත්  කාන්තාවක් ද ඉතාලිය වෙත රැගෙන ගොස් ඇති බව ද ආගමන විගමන නිලධාරීන් වැඩිදුරටත්  අනාවරණය කර ගෙන තිබේ .

 

 



අදහස් (2)

බිරිඳ කියා වෙනත් කතක් ඉතාලියට ගෙනියනන හැදු සැමියා මාට්ටු

බද්රානි Tuesday, 31 October 2023 05:20 PM

බිරිඳගේ නමින් ගුවන් බලපත්‍ර දෙකක් තිබුණා නම් ලංකාවේ නඩු වැටෙන්නේ නැති බව මේ පුද්ගලයා දන්නේ නැද්ද...? අනික අර ගුවන් ගමන් බලපත්‍ර දෙකක් තිබුණ මන්ත්‍රී වරයාගේ බිරිඳ ඔය ෂෝක් එකට ඉන්නේ...?

:       1       4

නිහාල් Tuesday, 31 October 2023 08:53 PM

ආගමන විගමන මුද්‍රාවට ඇතුලෙන් උදව්වක් ලැබුණාද කියලත් හොයන්න වෙයි. මොකද පහුගිය කාලේ මේ වගේ සිදුවීම් කීපයක් ම වාර්තා වුණු නිසා..!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site