(ඉන්දිකා රාමනායක)
ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කරමින් හදිසි ඖෂධ මිලදී ගැනීම් හරහා රුපියල් කෝටි ගණනින් ඖෂධ අවභාවිතය සිදුකර ඇති බවට කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පැය පහකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කරමින් ඖෂධ ගෙන්වා විශාල මුදල් අවභාවිතයක් සිදුව ඇති බවට මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයකට එරෙහිව පුද්ගලික ඖෂධ සමාගමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශය ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට ද අදාළ පුද්ගලික ඖෂධ සමාගම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.
2025 දෙසැම්බර් මස 18
123
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරගෙන් සී.අයි.ඩිය පැය පහක් ප්‍රශ්න කරයි
ravin Tuesday, 31 October 2023 06:20 PM
අදාළ පුද්ගලික ඖෂධ සමාගම කාගේද?