IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඊශ්‍රායලයට වරෙන්තු නිකුත් කරන්න

ඊශ්‍රායල බලධාරීන්ට සහ එරට හමුදාවට එරෙහි වරෙන්තු නිකුත් කරන්නැයි පලස්තීන වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඉල්ලයි.

පලස්තීන වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් මෙසේ ඉල්ලා ඇත්තේ ඊශ්‍රායලය දිගට හරහට ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් පලස්තීන වැසියන් ජීවිතක්ෂයට පත් වීම නැවැත්වීමේ අරමුණ ඇතිවය.

ඊශ්‍රායල බලධාරීන් සහ ඊශ්‍රායල හමුදාව යුද අපරාධ කරනවා යැයි ද පලස්තීන වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් චෝදනා නගා තිබේ. මේ වනවිට පලස්තීන වැසියන්ට ලබා දෙන ආහාර, ජලය සහ විදුලිය නැවැත්වීමට ද ඊශ්‍රායලය පියවර ගෙන ඇත. එය ද යුද අපරාධයක් බවට චෝදනා එල්ල වෙයි.

(අල් ජසීරා)



අදහස් (6)

ඊශ්‍රායලයට වරෙන්තු නිකුත් කරන්න

සුරංග Wednesday, 01 November 2023 07:06 AM

ඊශ්‍රායලයට නොවෙයි, තහනම් නියෝග දෙන්න ඕනෑ මුලින්ම යුද්ධය ආරම්භ කරපු අයට හා ඔවුන්ට සහයෝගයක් දුන්නු අයට තමයි කියලා තේරුම් ගන්න බැරිද? ගහන්න ගහන්න වදින්න ගියාම බැහැ. ඒනිසා මුලින්ම ගහපු කට්ටිය වැන්දොත් යුද්ධය නැවැත්වීමට කටයුතු කරන්න ඕනෑ.

:       18       22

රංබොඩ Wednesday, 01 November 2023 09:38 AM

ත්‍රස්තවාදීන් පළමුව ඊශ්‍රායලය ට නොකියාම ප්‍රහාරයක් එල්ල කර අඅහිංසකයින් ට කළ මහා අපරාධය ගැන මොවුන් කිසිවක් කතා කරනැත. එදා අපේ රටේ L.T.T. E ත්‍රස්තවාදීන් ට ඇතැම් සංවිධාන උපකාර කළේ මේ අයුරිනි.

:       10       38

chandaniWednesday, 01 November 2023 12:18 PM

ප්‍රරශ්නය අරම්භකලේ යුදෙව්වෝ !!! ඉන්න හිටින්න තැනක් නැතිව පෙට්ටි ඔලුවේ තියාගෙන රටක් රටක් ගානේ ඇවිද්ද යුදෙව්වන්ට පලස්තීනයෙන් කොටසක් වෙන්කර දුන්න එංගලන්තයටත් ශාපවෙනවා.හමාස් ත්‍රස්තයින් බිහිවුනේ ඉස්රයලයේ විනාශකාරී වැඩ නිසා.මේ යුද්ධය අවසන් නැහැ, මෙවර ඉස්රායලය පරදිනවා,තවම වැඩ පටන් අරගෙන නැහැ වගෙයි පෙනෙන්නේ.දෙවියන්ටත් අකිකරුවුන යුදෙව්වන්ව දෙවියන් විසින් සමුලඝාතනය කරනබව බයිබලයේත්, කුරානයේත් ලියවිලා තියෙනවා.

:       14       14

සම්පත්Thursday, 02 November 2023 01:25 PM

ඔබ ඉතිහාසය නොදැන කතා කරන්න එපා... ඊශ්‍රායලෙය් අතීතය හොඳින් විමසා බලන්න. සිදුවිය යුත්ත සිදුවෙයි.

:       0       1

චන්දන Wednesday, 01 November 2023 10:08 AM

ඒක හරි. රුසියාවට වරෙන්තු නිකුත් කලා නම්...මෙතරම් දෙයක් කරන ඊශ්‍රායලයට නැත්තෙ ඇයි? එහෙම නම් රුසියාවට නිකුත් කළ වරෙන්තුව ඉවත් කරන්නත් ඔ්න. ලංකාවට එරෙහි ක්‍රියා නවත්තන්න ඔ්න

:       6       29

සම්පත් Thursday, 02 November 2023 01:22 PM

ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කර ඔවුන් ලෝක සිතියමින් අයින් කරන්නයි මුස්ලිම් ත්‍රස්තවාදී කණ්ඩායම්වලට අවශ්‍ය වුනේ.. ගාසාතීරය පුරාම උමං මාර්ග හදලා, ආයුධ එක්රැස්කරනකන් ෙම් ඔක්කෝම බලං හිටියා.. නිකං සමාදානෙන් හිටපු ඊශ්‍රායලයට රොකට් 7000ක් එල්ල කරලා රට විනාශ කරලා මිනිස්සුන් මරා දැම්මා.. දැන් විඳවනවා.. අහිංසක දරුවෝ, වැඩිහිටියන් කොහොමත් පව්, ඔවුන්ට ඉවත් වන්නට තිබුණා.., ඔවුන්ව මිනිස් පලිහක් විදිහට භාවිතා කරනවා.. දැන් ත්‍රස්තවාදීන්ට ඕනෑ මුළු ඉස්ලාම් සමාජයම මෙයට එකතු කරගන්න විතරයි. යුද්ධය දෙන්නේ විනාශයක්ම විතරයි..

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 114 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site