
(අංජුල මහික වීරරත්න)
ලංකාවේ තැඹිලි වලට ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන අතර 2023 වසරේ තැඹිලි අපනයනය සියයට 117කින් ඉහල ගොස් ඇතැයි ශ්‍රී ලංකා පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොල් සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා පොල් පර්යේෂණායතනය හා පොල් සංවර්ධන අධිකාරිය යන ආයතනවල නිලධාරීන් සමග මෙරට පොල් වගාව සංවර්ධනය සඳහා ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග හා මෙතෙක් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කළේය.
2022 වසරේ තැඹිලි ගෙඩි මිලියන 11ක් අපනයනය කර ඇති අතර ඉන් රුපියල් මිලියන 110ක ආදායමක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
මෙම වසරේ මෙතෙක් අපනයනය කර ඇති තැඹිලි ගෙඩි ප්‍රමාණය මිලියන 14ක් බවත් ඉන් උපයා ඇති ආදායම රුපියල් මිලියන 140ක් බව එම අධිකාරිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
114
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’අපේ තැඹිලි’’ මාස 10ට මිලියන 140ක් රටට දෙයි
Zam Wednesday, 01 November 2023 11:10 AM
එක ගෙඩියකින් රු 10ක්ද ලැබෙන්නේ...?
NimalWednesday, 01 November 2023 11:32 AM
ඉතුරු ආදායමට වුණු දේ කියන්න දෙයක් නෑ. ඔක්කොම හොරා කාලා ඇති...
Chandi kulathungaWednesday, 01 November 2023 09:26 PM
පොල් සංවර්ධන අධිකාරිය උපයාගත් මුදල මෙයයි. රට 2022දී රුපියල් බිලියන 3.8ක් සහ මේ වසරේ සැප්තැම්බර් දක්වා බිලියන 4.6ක් උපයා ඇත.
ජනිත් ගුණසේකර Wednesday, 01 November 2023 11:28 AM
"2022 වසරේ තැඹිලි ගෙඩි මිලියන 11ක් අපනයනය කර ඇති අතර ඉන් රුපියල් මිලියන 110ක ආදායමක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි. මෙම වසරේ මෙතෙක් අපනයනය කර ඇති තැඹිලි ගෙඩි ප්‍රමාණය මිලියන 14ක් බවත් ඉන් උපයා ඇති ආදායම රුපියල් මිලියන 140ක් බවත් එම අධිකාරිය සඳහන් කරයි." මේ කියන විදියට තැඹිලි ගෙඩියක් විකුණලා තියෙන්නේ රුපියල් 10කට... අපි ගෙඩියක් ගන්නේ රුපියල් 120 කට...!
නිශාන්ත Wednesday, 01 November 2023 11:35 AM
කොහොමද තැඹිලි ගෙඩියකින් ගහන ගැහිල්ල. මෙහෙ විකුණුවත් අඩුම තරමේ ගෙඩියකින් Rs. 100 ගන්න පුළුවන්...!
wimal Wednesday, 01 November 2023 12:18 PM
මෙ තනිකර බොරු නෙ අඩු ගානෙ තැබිලිගෙඩියක් විකුනගන, එකෙ ගානක් හදාගන්න බැරි අය කොහොමද රටක් පාලනය කරන්නෙ.
Chamila Fernando Wednesday, 01 November 2023 01:22 PM
නිසි මිලක් නියම කරලා කරනවා නම්, මිනිස්සු තව වවන්න උනන්දු වෙනවා..
Chandi kulathunga Wednesday, 01 November 2023 09:24 PM
පොල් සංවර්ධන අධිකාරිය උපයාගත් මුදල මෙයයි. රට 2022 දී රුපියල් බිලියන 3.8 ක් සහ මේ වසරේ සැප්තැම්බර් දක්වා බිලියන 4.6 ක් උපයා ඇත. පුවත්පත් ලිපිය වැරදියි.
Banda Thursday, 02 November 2023 05:46 AM
ගෙඩි මිලියන් 10, ආදායම් රුපියල් මිලි 140.ගෙඩියක් රුපියල් 10 ගානෙ දේල.මේ ඩොල්ලර් හොරා කන ක්‍රමයක්ද?නැතිනම් ගනන් වැරදිලාද.