(ටී.කේ.ජී.කපිල)
ශීත ඍතුව ස්විට්සර්ලන්තය වෙත උදා වීමත් සමග එරට පළමු සංචාරකයන් පිරිස අද උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
මොවුන් ස්විට්සර්ලන්තයේ සුරීච් ( Zurich ) සිට ඊඩල්වයිස් ගුවන් සේවයේ කුළී ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
මෙම ශීත ඍතු කුළී ගුවන් ගමන් සේවා 2023 වසරේ නොවැම්බර් මස 03 දින සිට එළඹෙන 2024 වසරේ මැයි මස 17 දින දක්වා ස්විට්සර්ලන්තයේ සුරීච් සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර ක්‍රියාත්මක වීමට නියමිතය .
මෙසේ පැමිණි ස්විට්සර්ලන්ත ගුවන් මගීන් පිරිස පිළිගැනීම සදහා කටුනායක ගුවන් තොටුපොළ තුළ විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ගුවන් තොටුපොළ එක්ව සංවිධානය කර තිබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීතලෙන් බේරෙන්න කක්කුස්සි වලට බැහැලා කිව්වා නම් මීට වඩා හොඳයි...
එහෙ සුද්දෝ සීතලෙන් බේරෙන්න අතින් සල්ලි වියදම් කරලා ප්ලේන් එකේ මෙහෙ එනවා අපේ ලොක්කා ගුටිකට එකෙන් බේරෙන්න ජනතාවගේ සල්ලි වියදම් කරලා හෙලිකොප්ටරේ එහෙ මෙහෙ යනවා.
මාස් පතා ලංකාවට මුදල් එවන ශ්‍රී ලාංකිකයින්ට ගුවන් තොටුපොලේදී රවලා, ගෙම්බර් දාන අමනයෝ, සතියකට දෙකකට ලංකාවට එන සුද්දන්ව මල් මාලා දාලා පිලිගන්නවා... තමන්ගේ ජාතියේ කෙනාව සතේකට මායිම් නොකරන පරයෝ, සුද්දන් ඉදිරියේ දෙකට නැමෙද්දී ජාතික අභිමානයක් දැනෙනවා ඇති නේද..? ඔබලා වගේ අමන, නින්දිත, දීන, තුප්පහි සල්ලි ඉදිරියේ හතර ගාතෙන් වැඳ වැටෙන නිවට, තක්කඩි ජාතියකට අයත් වීම ගැන මට නම් ඇත්තේ විශාල කලකිරීමක්... දැන් ඔය ඔබලා මල්මාලා දාලා පිළිගන්න ජාතීන් සිටින රටවල් වලට "ශ්‍රී ලන්කන් පාස්පෝට්" එකෙන් යද්දීත් ඔවුන් මල් මාලා දාලා පිළිගන්නවාද...? ඇත්තෙන්ම ඔබලාට ගහලා එලොව ගන්නේ නැත්තේ, ඒ රටවල මිනිස්සුන්ගේ තියන වැදගත් කමටයි... රටට එන පිටරැටියන් මල්මාලා දාලා පිළිගන්න ඔබලාට පිස්සුද...? පුද්ගලයාට නොවේ, ඒ මනුස්සයින්ගේ පොකට් එකට නේද ඒ වඳින්නේ....? ලැජ්ජයි!!!