(නිමන්ති රණසිංහ)
නීති විරෝධී අන්දමින් පිරමීඩ ජාවාරම් වල මුදල් ගනුදෙනු කළේ යැයි ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කර ඇති "ඔන්මැක්ස් ඩීටී" පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් පස්දෙනකු මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
මෙම සැකකරුවන්ගේ බැංකු ගිණුම් වල ඉකුත් මාර්තු මස 21 වැනි දින වන විට කෝටි 79 කට අධික මුදලක් තැන්පත්ව තිබූ බවට මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ට අධිකරණය විසින් විදෙස් ගමන් තහනම් ද පමුණුවනු ලැබ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ගේ නම්ගම් හෙළි කරන්න. තැන්පත්කරුවන් පමා වූවා වැඩියි. මෙවැනි කූට ව්‍යාපාර පිළිබඳව කොතෙකුත් කියා තිබියදීත් තවමත් මෙවන් හොරුන් ළඟ මුදල් තැන්ලත් කරක එක තමයි වරද...!