
(අංජුල මහික වීරරත්න)
මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරය සඳහා පිරිසිදු දෑතින් එන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (3)පැවසීය.
මානව හිමිකම් ප්‍රශ්න සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ක්‍රියා කරන ආකාරයේ සාධාරණත්වයක් නැතිනම් ඔවුන් නගන ප්‍රශ්නවලට ශ්‍රී ලංකාව පිළිතුරු සැපයිය යුතු දැයි ජනාධිපතිවරයා ප්‍රශ්න කළේය.
ගාසා තීරයේ මතුවී තිබෙන ගැටළුව සම්බන්ධව එක් ආකාරයකට සලකමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාව වෙනත් ආකාරයකට විනිශ්චය කිරීමේ සාධාරණත්වයක් නොමැති බව කී ජනාධිපතිවරයා ලබන සැප්තැම්බර් මස පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරයේදී පිරිසිදු දෑතින් පැමිණෙන ලෙස එක්සත් ජාතීන්ගෙන් සංවිධානයෙන් ඉල්ලා සිටින්නේ ඒ නිසා යැයි කීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පිරිසිදු දෑතින් ආවොත් ශ්‍රී ලංකාව ඔවුන් නගන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
වැලිමඩ අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාටත් දැන් තමයි ඕවා තේරෙන්නේ...!
මානව හිමිකම් ගැන මාර සුදනෙක් මේ කියන්නේ... අනේ මන්දා මේවට කොහෙන් හිනාවෙන්නද කියලා... තාම හිතාගෙන ඉන්නේ මිනිස්සු මෝඩයින් කියලා...!
යන්නේ කොහේද මල්ලේ පොල්. ඔය කතාව වැලිමඩ කියලා හරියන්නෙ නෑ. එතැනට ගිහින් කියන්න. අපිට මතකනේ යුද්දේ කාලේ දීපු ගේම්. දැන් මෙතන ලොරි ටෝක්...!
කවුන්සිලේ බයවෙන්ටෝනේ ඈ...!
අපේ ලොක්කා පිනට පත්වුණාට යූ එන් එකෙන් ගේම ඉල්ලන තත්වයට දියුණුවෙලා. අපිට බොක්කෙන්ම සතුටුයි. ඔහොම යං ඊළඟට එන එකාටවත් කරගන්න බැරිවෙන්න...!
ඊශ්‍රායලය ගාසා තීරයේ කෙරෙන මානව සංහාරයට මමත් විරුද්ධ වෙනවා. නමුත් ප්‍රශ්නයකට තිබෙන්නේ ලබන වසරේ සැප්තැම්බර් වෙනකන් බලයේ ඉන්න චණ්ඩි රනිල්ට පුළුවන්ද කියන එක...
ගංජා පාවිච්චි කරනවා නම්... මේ වගේ දේවල් කියවනවා
ජනාධිපතිවරයෙකු ලෙස කරන එම ප්‍රකාශය අගය කළ යුත්තක්...!
ඔච්චර කියවන්නේ නැතිව එජා සංවිධානයෙන් අයින් වෙලා ඔවුන්ට ලංකාවේ කාර්යාලයේ වහලා ලංකාවෙනුත් එළවලා දාන්නකෝ...!
අනේ අපේ සුපිරිසිදු දේශපාලනය... ඉහළ පටන් පහළටම වංචාවෙන් හා දූෂණයෙන් පිරිලා...!
මානව හිමිකම් ප්‍රශ්න සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ක්‍රියා කරන ආකාරයේ සාධාරණත්වයක් නොමැත. එක්සත් ජාතීන්ගේ සංවිධානය ගන්නා වූ තීන්දු මහලේකම්වරයාගේ තීන්දු නොව රටවල් 193ක බහුතරයක් සාමාජිකත්වය දරන්නා වූ ඒකමතික අනුමැතිය වේ. රටවල් 193ක් සාමාජිකත්වය දැරුවද සාමසාධක මෙහෙයුමක් පිහිටුවීම, පවත්වාගෙන යාම හෝ ව්‍යාප්ත කිරීම පිළිබඳ තීරණ ආරක්ෂක මණ්ඩලය විසින් ගනු ලබන අතර, එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා මුදල් සැපයීම එක්සත් ජාතීන්ගේ සියලුම සාමාජික රටවල සාමූහික වගකීම වේ. එසේ වුවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩි මුදලක් ලබාදෙනු ලබන්නේ United States (27.89%) රජය මගිනි. එමනිසා බොහෝ අවස්ථාවන්හිදී ලෝකයේ කොතැනක හෝ ඇමෙරිකාව මැදිහත්වන්නා වූ ගැටුම් හෝ මැදිහත්වීම් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ක්‍රියාකරන ආකාරය පමණක් නොව ලෝකයේ බලවත් රටවල් පවා යුද්ධයට මැදිහත් නොවූවද නිහඬ පිළිවෙතක සිටියි. කුඩා රටවලට පීඩන එල්ල වුවද බලවත් රටවල පරිත්‍යාග මත එක්සත් ජාතීන්ගේ සංවිධානය පවත්වාගෙන යාමට සිදුව තිබෙන්නාවූ නිසාම එක්සත් ජාතීන්ගේ සංවිධානය මන්දගාමී ආකාරයෙන් කටයුතු කිරීම කරයි...!
අර්බුදයකට මැදිහත් විය යුතු අවස්ථාවන්හිදී මනුස්සත්වය වෙනුවෙන් ඍජු මැදිහත්වීම් නොමැතිව මන්දගාමී ආකාරයෙන් කටයුතු සිදුවීම නිසාම මේවනවිට එම ආයතනයේ තිබූ පිළිගැනීම යම් ආකාරයකට අවතක්සේරුවකට හෝ කොන් කිරීමකට ලක්වී තිබෙන්නාවූ බවක් පෙනෙන්නට තිබේ. එසේ වුවත් සාමාජිකත්වය දරන්නාවූ රටවල් සියල්ල එක්ව වර්තමාන එක්සත් ජාතීන්ගේ සංවිධානය ශක්තිමත් ආයතනයක් පමණක් නොව ඕනෑම බලවත් රටක අමානුෂික ක්‍රියාකාරිත්වයන් අභිබවා ක්‍රියාකිරීමේ හැකියාවක් තිබිය යුතුවේ. වසර 78ක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉතිහාසයේ මීළඟ මහලේකම් වරයා වශයෙන් පළමු වතාවට කාන්තාවක් පත්වනු ඇතිබව පෙනෙන්නට තිබේ...
මේවා ඇහුණාම දැන් සමහරු පණ දෙන්න හදයි.... වීරයෙක් පහළ වෙලා කියලා...!
තමන්ගේ ඇහේ පොල්පරාල තියාගෙන අනුන්ගේ ඇහේ පොල් කෙන්ද දකිනවාද මොකද්ද කීවා... කව්ද ගොඩක් කල්...?
ඔබ බොහොම කෙළින් කතාකරන නායකයෙක්.. මෙයාට ඉස්සර සමුළු අමතපු නායකයෝ කතා කළේ වෙව්ල වෙව්ලා හරිම බයෙන්... ඔබට මගේ ප්‍රණාමය...!
දැන් රනිල්, මහින්ද රාජපක්ෂගේ සහෝදරයෙක් වගේමයි. ඒ ගතිගුණමයි තියෙන්නේ...
අන්න නියම කතාව. ඇමරිකාව ඇතුලු අනික් බටහිර රටවල් වලටත් ඕකම කියන්න. අපි කලොත් තමා යුද අපරාධ. ඊශ්‍රායලය බබා...!
ලෝකේ හැමතැනම මානව හිමිකම් ප්‍රශ්න... මෙහෙ ඒක හොර බල්ලාට පොල් බෑයෙන් ගැහුවා වගේ...
ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාට සිය දහස් වාරයක් ස්තුතියි. ඔබතුමා නිවැරදියි. එඩිතරයි.
දේශපාලනය කොහොම වුණත් මේ කතාව ඇත්ත. මෙන්න මේ ස්ථාවරයේ එදා ඉඳලා හිටියා නම් අදටත් බොහෝ ප්‍රශ්න විසඳිලා...!
අදහස් තෝරා ගැනීම පක්ෂය අනුවද? රටේ තරුණ පරම්පරාව දෙයක් දැනගන්න හරි පාඨක අදහස් මේ දේශපාලුවන් ගැන හිතන්නේ නැතිව දාන්න...
ඔන්න දැන්නම් පොටක් පෑදීගෙන එනවා යුද අපරාධ හා මානව හිමිකම් ගැන කතාකරන්න. මේ සැරේ නම් ඊශ්‍රායලයට බේරුමක් ලැබෙන එකක් නැහැ. මේකට බයේ ඊශ්‍රායලය අදම යුද්දෙ නවත්තයිද දන්නේනෑ.
ලංකාවේ මුස්ලිම් ඡන්ද ටිකට ඉව අල්ලමින් ලොකු කතා කියන නරි, ඉන්දියාවට හරි චීනෙට හරි මිසයිලයක් ගැහුවා නම්, ඔවුන් දක්වන ප්‍රති ප්‍රහාරය, අද පලස්තීනයට අත්වෙලා තියන ඉරණමට වඩා වෙනස් වෙයි කියලද හිතාගෙන ඉන්නේ...? ඇඟිල්ලේ තරමටයි ඉදිමෙන්න ඕනෑ... අනුන්ගේ වැරදි පෙන්වලා, තමන්ගේ වැරදි වහ ගන්න දඟලන්නේ , අශිෂ්ඨයින්...!!
කොන්ද පන නෑ කියූ ඔබතුමාට පමණයි එජා මහා මන්ඩලයට ඔවැනි අභියෝගයක් කරන්න පුළුවන් වුනේ. කොන්ද තියෙනවා කියලා ලෝකෙට පෙන්වන උන්දැලාගේ කකුල් වෙව්ලන්නට පටන් අරන් ඔබතුමන්ගේ කතාව අහලා. අනේ පව් වහල්ලු. ජයවේවා. ශ්‍රීලංකාව බොරු යුද අපරාධ නාමයෙන් ගලවාගත හැකි ඔබතුමාටම පමණි ජයවේවා...!
ගාසා තීරයේ මිනිසුන් 10,000 ක් මිය යාම එක්සත් ජාතීන්ගේ මානව හිමකම් කවුන්සලය විසින් සොයන්නේ නැත්නම් අප ගැන සොයන්න දෑත් පිරිසිදු කර ගෙන එන්න කියා කියන විට ප්‍රමාණාත්මක අගයන් වලින් වෙනස් වුවත් මානව හිමිකම් කවුන්සලය විසින් අප රටට, යුද්ධය සම්බන්ධව කරන චෝදනාව සහ ගාසා තීරයේ මනුෂ්‍යයන් මරණයට පත් වීම සම්බන්ධ කාරණය යන දෙකරුණ සමපාත වන බව ද මේ අනියමින් කියා සිටින්නේ... එනම්:- 1. මේ කියන කරුණු සම්බන්ධ ඝාතන හරියැයි (සාධාරණයි) සමපාත වේ. 2. නැතිනම් මේ ඝාතන වැරැදි යැයි (අසාධාරණයි සමපාත වේ.) අප ගත යුත්තේ කුමන ආකරයටද? යන්න මේ කතිකාවෙන් පැහැදිලි නොවේ. චෝදනාවක් කළ පමණින් වැරැදිකරු නොවන බව නීතී සිද්ධාන්තයකි. පහළ උසාවියෙන් නඩු කටයුත්තක් විනිශ්චය කොට දෙන ලද තීන්දුව අභියෝගයට ලක්කොට ඉහළ අභියාචනා බලය ලත් ඉහළ උසාවියේදී අභියාචනා කළ විට, පහළ උසාවියේ තීන්දුව නිශ්ප්‍රභා කරවිට පැහැදිළිවම පහළ උසාවියේ තීන්දුව වැරදි බව තහවුරුයි. එවිට යමෙක් ඒ නඩු කටයුත්ත තිබූ පහළ උසාවියේ තිබෙන අනෙක් නඩු ඇසීම වැරැදියැයි කීම, ඒ නඩු සම්බන්ධ ප්‍රශ්න කිරීම වැරැදියැයි කීම සධාරණ වන්නේ කෙසේද?
දෙන තෙක් නිවැරැදි කරුවන් ලෙස සලකයි. අවසන් තීන්දුවෙන්, එම නඩුවල පාර්ශ්ව කරුවන් (පැමිණිල්ල හෝ විත්තිය) වැරදි කරුවන් වීමටද ඉඩ ඇත. නිවැරැදි කරුවන් වීමට ද ඉඩ ඇත. පවතින නඩුවක් ඇසීම වැරැදි යැයි කීම නීතියේ සාධාරණයට කෙසේ එකඟ වන්නේද?
ඊශ්‍රායලයේ මානව හිමිකම් කඩකිරීම සහ මහබැංකු හොරකම්, කබ්රාල් වැනි නිලධාරීන්ගේ හොරකම්, රාජපක්ෂලාගේ දූෂණ, පාස්කු ප්‍රහාරය නිසා අපේ රටේ මිනිස්සුන්ට සිදුවුණු මානව හිමිකම් කැඳවීම් ගැන සොයාබලන එක නැවැත්විය යුතුද?
රනිල් මහත්තයෝ ඔය ටික ලංකාවේ ඉඳන් කියලා වැඩක් නැහැ... ඝට තිබෙනවා නම් එජා කවුන්සිලයටම ගිහිල්ලා කියන්න.
අහවල් එක කරන්න අහවල් එකේ අහවල් එක නැතුව ඉඳන් අහවල් එකාගේ ටොයිලට් එකේ දොර කැඩිච්චි එක පෙන්නනවා කියන්නේ මේකට තමයි... !
මෙයා මේ හන්දියේ ගණන් කාරයෙක් වගේ හැසිරෙනවා.. ඒකෙන් වෙන්නේ රටේ නම තවත් කැත වෙන එක - අන්ත්හිමට ජී එස් පී එකට කෙලවුණාම ඒකෙනුත් පාඩුව රටේ මිනිස්සුන්ට...!
දෙන්න උත්තර නැත්නම් නොදී හිටියාට කමක් නෑ. ඒක අපි නොදන්නවයෑ... මොකද මානව හිමිකම් කවුන්සිලේත් අපේ කෝප් කමිටුව වගේමනේ... සද්දේ දදා විමර්ෂන තියනවා. කිසි දෙයක් කරන්න බලයක් නෑ...
අපේ පිරිසිදුකම ගැන දන්නෝ දනී...!
එතකොට අප පිරිසුදුද?