(තිලකරත්න දිසානායක.)
ගම්පහ - මිනුවන්ගොඩ පැරණි මාර්ගයේ යතුරු පැදියකින් ගමන් ගනිමින් සිටි 24 හැවිරිදි කාන්තාවක අස්ගිරිය වයි හන්දිය අසලදී අත්තනගලු ඔයෙහි ජල පහරට හසුව ගසාගෙන යමින් සිටියදී ගසක අත්තක එල්ලී දිවි ගලවාගෙන ඇතැයි පොලිසිය පවසයි.
උඩුගම්පොල , කෙහෙල්බද්දදර ප්‍රදේශයේ කාන්තාවක් අත්තනගලු ඔයෙහි අස්ගිරිය සපත්තු පාලම හරහා යතුරුපැදිය ධාවනය කරමින් සිටියදී සැඩ පහරට හසුව ගසාගෙන ගිය අවස්ථාවේදී ගසක අත්තක එල්ලී දිවි ගලවාගෙන ඇති බවත් මෙහිදී යතුරු පැදිය ගසාගෙන ගොස් ඇති බවත් සිද්ධිය පිළිබඳ පැහැදිලි කරමින් ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් සිල්වා මහතා පැවසීය.
මෙම අනතුර සම්බන්ධයෙන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ප්‍රකාශ කර සිටියේ , මේ දිනවල අත්තනගලු ඔයෙහි ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් පැරණි මිනුවන්ගොඩ මාර්ගයේ ගමන් ගැනීමේදී සැලකිලිමත් විය යුතු බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් මිනුවන්ගොඩ කියලා එකකුත් තියෙනවාද? මිනුවන්ගොඩ පැරණි මාර්ගයේ කිව්වාම වඩා පැහැදිලි නැද්ද මේවායින් පේන්නේ සිංහල මිනිස්සු දුරදිග බලා කටයුතු නොකරන බව තමයි. මම අත් දැක්ක දෙයක් කියන්නම්... මේක මාර්ග අංක 600 සම්බන්ධ එකක් ඒ මාර්ගය ආසන්න සුළු නගරයේ සිට යාබද ග්‍රාම සේවාවසම තමයි... ඉතින් අවුරුදු හැටකට හැත්තෑවකට පෙර ඒ ගමට බසයක් යෙදුවා... ඊළඟට එහා ගමට දීර්ඝ කළා... ඔහොම ගිහිල්ලා කිලෝමීටර් 15ක පමණ දුර තවත් නගරයක් දක්වා මාර්ගය සංවර්ධනය වුණා... දැනට හොඳින්ම කාපට් කළ මාර්ගයක් වුණත් මාර්ගයේ දෙකෙලවර සම්බන්ධ කර මාර්ගය නම් කළයුතු වුණත් තවමත් කියන්නේ අවුරුදු හැට හැත්තෑවකට පෙර කියූ නම තමයි. ඕන කෙනෙක් ගූගල් බලන්න ඒකේ තියෙන්නේ එහෙම තමයි...
කාන්තාව ආයෙත් ජීවිතයටම ඔය වගේ මෝඩකම් කරන එකක් නැහැ.