(සුජිත් හේවාජුලිගේ)
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට රුපියල් කෝටියකට වැඩි වටිනා දීමනා පසුගිය 2022 වර්ෂයේදී ඇඟිලි සලකුණු යන්ත්‍ර මගින් කාලය තහවුරු කර නොගෙන නීති විරෝධීව ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
අතිකාල හෝ නිවාඩු දින ආදී දීමනා ගෙවීම් කිරීමට කාලය පදනම් කර ගන්නේ නම් ඇඟිලි සලකුණු යන්ත්‍ර මගින් කාලය තහවුරු කරගත යුතු බව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ සඳහන් වන්නේ යැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ සම්බන්ධයෙන් විගණන අංශ කළ විමසුමකදී එහි නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ එකම වේලාවේ සේවය නිම කර පිට වීම සහ නැවත පැමිණීම සටහන් කිරීමට වේලා සටහන් යන්ත්‍රයේ පහසුකම නොමැති බවයි.
වේලා සටහන් යන්ත්‍රය මිලදී ගත් ආයතනය සමඟ සාකච්ඡා කර එම පහසුකම ස්ථාපිත කිරීමට කටයුතු කරගෙන යන බවද එම නිලධාරීන් ප්‍රකාශ කර ඇත.
චක්‍රලේඛය ප්‍රකාරව කටයුතු කළ යුතු බව විගණන නිලධාරීහු එම නිලධාරීන්ට මෙහිදී නිර්දේශ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සම්බන්ධයෙන් ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ග කවරේද ? මෙම ගෙවීම් සඳහා අනුමැතිය ලබාදීම සිදු කළ නිලධාරීන් සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය දැඩි පියවර ගතයුතු නොවේද ?
තුන්වැනි ඡේදය කියෙව්වාම පිස්සු හැදෙනවා... කෙනෙක් උදේ අටට ආවා කියමුකෝ... පිටවීම රාත්‍රියේ දොළහට නම් ඕටී හැදීමේදී ඇතුල්වීම පිටවීම ගැටළුවක් වෙන්නේ කොහොමද? සම්පූර්ණ පැය ගණනින් සේවා කාලය ඉවත්කලාම අතිකාල පැය ගණන ලැබෙනවා. සාමාන්‍ය පෙළ ගණිතය සමත් කෙනෙකුට ඕවා ප්‍රශ්න නොවෙයි.. මොවුන් කරලා ්තියෙන්නේ දේශපාලුවෝ ඇන්දිල්ල තමයි කිතුල් ගහට ගිය එකා කියපු උත්තර තමයි දීලා තියෙන්නේ... ඔය කට්ටියට ගෙවූ සියලු දීමනා අධිභාර කරන්න ඕනෑ...
ජාතික විගණන කාර්යාලය, COPE, වාතයක් වැනිය. ශබ්දය පමණි. එයද ටික වෙලාවකට පසු නොමැත.
පින් පඩි කාරයෝ...!
තව විසිදාහකුත් ඉල්ලනවා...
මේ ගොල්ලන්ට කොපමණ දුන්නත් පාඩු නැහැ. ඒගොල්ලොනේ අපට වර්ෂාව ලබා දෙන්නේ...!