(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා කොත්මලේ ජලාශයට ඉහලින් අක්කර 600ක භූමිභාගයක් මේ වන විටත් වෙන් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට සහ හරිත ආර්ථිකයකට මාරුවීම සඳහා සැලකිය යුතු පියවර ගනිමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අරලිගහ මන්දිරයේ පැවති පළවැනි ජාත්‍යන්තර දේශගුණික විපර්යාස සමුළුවේ සමාරම්භක අවස්ථාව අමතමිනි.
තමන් පසුගිය වසරේ දී දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ඉදිරිපත් කළ බවත් මෙම වසරේ COP 28 හිදී ශුද්ධ ශුන්‍ය විමෝචන සැලැස්ම ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න සීයා තව කතන්දරයක් කිව්වා...!
කොත්මලේ ජලාශයත් හිඳෙන වැඩක්ද? වනාන්තර ඉතුරු කරලා මව්බිමත් සංවර්ධනය කර ගත්තා නම් පරිසරය රැකෙනවා නේද?
තවත් ලෝක ව්හිළුවක්...
නිකන් මතක්වුණා අර මීරිගම වොක්ස්වැගන් ෆැක්ටරි එක...!
දැනට තියෙන විශ්ව වවිද්‍යාල වල අඩුපාඩු හදල හිටිනවකෝ හලෝ.
ඔය ව්‍යාපෘතිය දැනට අපේ තියෙන පේරාදෙණිය හරි, රජරට එහෙම නැතිනම් සබරගමුව කැම්පස් එකක් එක්ක එකතු කරලා දැනට තියන තත්වය උසස්කරලා අන්තර්ජාතික තත්වයට ගේන්න පුළුවන් නේද? එතකොට පිරිවැයත් අඩුයි.
ඔය අක්කර 600යේ තවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය වැනි ඒත් මුදල් අයකර අධ්‍යාපනය දෙන විශ්වවිද්‍යාලයක් ඇතිකර පරිසරය ඉගැන්වීම එක විෂයක් කරන්න. එතකොට අපිට බලාගන්න පුළුවන් කීදෙනෙක් මුදල් ගෙවා ඒ විෂය ඉගෙනගන්න එනවාද කියලා...