(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන කර්මාන්තය ඉහළ නැංවීම සදහා අවශ්‍ය තාක්ෂණික හා මුල්‍ය සහයෝගය ලබා දීමට ඇමරිකා එක්සත් ජනපදයේ සහයෝගීතා සංවිධානයක් වන International Executive Services Corps ( IESC) හි සහයෝගය පළ කර තිබේ.
දිනකට ලීටර් 100ක් පමණ කිරි නිෂ්පාදනය කරන කුඩා පරිමාණ කිරි ගව පාලන ඒකක වල ධාරිතාවය ඉහල නැංවීම, නව තාක්ෂණය හා අවශ්‍ය තාක්ෂණික හා මුල්‍යමය සහයෝගීතාවය ලබා දීම එම IESC ආයතනය විසින් සිදු කරනු ලබයි.
මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී IESC ආයතනයේ ප්‍රධාන විධායක හා සභාපති David Hartinch මහතා පැවැසූයේ ප්‍රජාව ශක්තිමත් කිරීම සඳහා ආර්ථික තත්ත්වය ඉහල නැංවීම අරමුණ වන අතර කිසිසේත්ම ලාභ ඉපයීමේ අරමුණක් තම සංවිධානයට නොමැති බවයි.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ඇමැතිට තමයි ලාභ උපයන එක ගැන බලන්න තියෙන්නේ...!
ඒ පාර අමෙරිකාවෙන් කිරි ගවයන් ගෙන්නා ඉතිරි ටිකත් ඉවරයක්ම කරලා දාමු.
"කන්න දීපු අත හපා කන ජාතියේ" මිනිස්සු ඉන්න රටකට මෙවැනි උපකාර කරන්න ඇමරිකන් කාරයින්ට පිස්සුද මන්දා...තව ටික කාලෙකින් කියයි ඇමරිකන් කාරයෝ ඇවිත් දේශීය කිරි කර්මාන්තය විනාශ කළා කියලා... මතකනේ අර MCC ගිවිසුම හරහා පිනට දෙන්න ගිය මුදලට නටපු නාඩගම්.. මොවුන්ව චීන මකරාට ගිලගන්න ඉඩදීලා ඔබලා පාඩුවේ ඉන්න...!
නව තාක්ෂණය කියන්නෙ සත්තුන්ට හෝමෝන ගහලා, ප්‍රතිජීවක දීලා, කිරි වැඩිපුර ගන්න එක. දැනට ලෝකයම භාවිතා කරන්නේ ඒ ක්‍රමවේදය. අන්තිමට මේවා බොන ජනතාව ලෙඩ්ඩු බවට පත් වෙනවා. කරන්න දෙයක් නෑ. ලෝකය අදට වඩා හෙට හොඳ වෙන්නේ නෑ...!
තාක්ෂණයයි, සල්ලියි දීලා වැඩක් නැහැ පරණ ගවයන්ටම... ඇමෙරිකාවෙන් අලුතින් ගවයෝ ටිකක් එවන්න නම් අලුත් ඇමැති තනතුරු ටිකක් දෙන්න තිබුණා...