(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රීඩා සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් කෝටි 400 කට වැඩි මුදලක් වියදම් කර ඇතත් ඒ කිසිදු ව්‍යාපෘතියක් වෙනුවෙන් ශක්‍යතා අධ්‍යනයක් කර නැතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා) තොරතුරු අනාවරණය විය.
ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් මුදල් යෙදවීම සහ ඒ සම්බන්ධයෙන් වන කාර්ය සාධනය පිළිබඳව කමිටුවේ අවධානය යොමුවිය.
මෙහිදී අදහස් දැක්වූ ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති අර්ජුන රණතුංග මහතා පැවසුවේ සුසන්තිකා ජයසිංහ මහත්මිය මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සකස් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට කටයුතු කෙරෙමින් පවතින බවයි.
දක්ෂතා සහිත ක්‍රීඩකයන් පස්දෙනකු සකස් කිරීම වෙනුවෙන් උපරිමයෙන් කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
දිස්ත්‍රික් මට්ටමෙන් ක්‍රීඩාවේ දියුණුව සම්බන්ධයෙන් කෙරෙන ඉදිකිරීම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2020 සහ 2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගිය 20 වැනිදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදී ය.
කමිටුවේ ඉල්ලීම පරිදි ක්‍රීඩා සංවර්ධන සැලැස්ම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කමිටුවට මෙහිදී ඉදිරිපත් කරන ලදී.
මෙම කාරක සභා රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක අබේසිංහ නිරෝෂන් පෙරේරා,වීරසුමන වීරසිංහ සහ සහන් ප්‍රදීප් විතාන යන මහත්වරුද සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයින්ට දුවන්න සපත්තු දෙකක් අරන් දෙන්නේ නැති කාලකණ්ණි, කෝටි ගණන් සල්ලි නාස්ති කරලා... මොවුන්ට අනිවාර්යයෙන් දඬුවම් දිය යුතුයි.