
ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර ජාත්‍යාන්තර බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම විහාරස්ථ විශාඛා කුළඟන සමිතියේ සහ ජිනීවා නුවර වෙසෙන වියට්නාම්,ලාඕස්, කාම්බෝජ බංගලාදේශ, ප්‍රංශ, ස්විස් ජාතිකයන් සමග ස්විස්ටර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සහභගීත්වයෙන් 31 වැනි වරටත් විහරස්ථ පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙවර කඨින පිංකමේ අනුශාසකත්වය ස්විස්ටරලන්තයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය තවලම ධම්මික නා හිමියන් සහ සුජාත යන හිමිවරු දක්වනු ලැබූහ.
ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන නාහිමියන්ගේ සහ රාගම හීන්කෙන්ද පුරාණ විහාරාධිපති සහ කැලණිය ජනාධිපති විදුහලේ නියෝජ්‍ය විදුහල්පති අරටු මැඩල්ලේ ඉන්ද්‍රරතන තායි ජාතික ශාන්තා භික්ෂුනී සහ වියට්නාම් ජාතික මහාසාසන භික්ෂුණියගේ ප්‍රධානත්වයෙන් විහාරස්ථ පරිශ්‍රයේ දී වස් පිංකම පැවැත්විණි.
මෙම අවස්ථාවට ස්විට්සර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලංකා භාවන සමිතිය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක මහත්මිය සහ ශ්‍රී ලංකා බුරුම තානාපතිනි කාර්ය මණ්ඩල නිලධාරින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම වටිනා පින්කමක් දැකබලා සතුටු සිතින් පින් අනුමෝදම් වෙමි. ලොකු ස්වාමීන් වහන්සේටත්, සුජාත ස්වාමීන් වහන්සේටත්, සහභාගි වුණු සියලුම දෙනාටත් තුණුරුවන්ගේ සරණ වේවා...!