අ‘පුර අධිකරණය අධ්‍යාපන බලධාරීන්ට දෙහි කපයි
විදුහල්පතිවරයකුගේ ස්ථාන මාරුවක් අත්හිටුවමින් මහාධිකරණය පනවා තිබූ අතුරු තහනම් නියෝගය කඩකර ඇති බව තහවුරු වුවහොත් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ උතුරුමැද පළාතේ අධ්‍යාපන බලධාරීන්ට එරෙහිව දැඩි දඬවම් පමුණුවන බව අනුරාධපුර මහාධිකරණ විනිසුරු ශ්‍රීනාත් ගුණසේකර මහතා විවෘත අධිකරණය හමුවේ අද පැවැසීය.