
(විමුක්ති එස් රුද්‍රිගු)
ආණ්ඩුව පිළිබඳ ජනතා අනුමැතිය ජූනි මසට සාපේක්ෂව ඔක්තෝබර් මසදී හරි අඩකටත් වඩා වැඩි ප්‍රමාණයකින් අඩු වී ඇතැයි රට හිතන හැටි දීප ව්‍යාප්ත ජනමත විමසුමේ නවතම ප්‍රතිඵලවලින් හෙළි වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
ජූනි මාසයේදී සියයට 21 ක් වූ ආණ්ඩුව පිළිබඳ ජනතා අනුමැතිය ඔක්තෝබර් මාසයේදී සියයට 9ක් දක්වා පහත වැටී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දුන්නේය.
රටේ වැඩකටයුතු සිදුවෙමින් පවතින ආකාරය පිළිබඳ ජූනි මාසයේදී සියයට 12 ක් වූ ජනතා තෘප්තිය ඔක්තෝබර් මාසයේදී සියයට 6 දක්වා හරි අඩකින් පහත වැටී ඇති බව රට හිතන හැටි ජනමත විමසුමෙන් හෙළි වී ඇත.ජූනි මාසයේදී රටේ ආර්ථිකය පිළිබඳ ජනතාව අතර පවතින විශ්වාසය සෘණ සියයට 44 ක්ව පැවති බවත් එය ඔක්තෝබර් මාසයේදී සෘණ සියයට 62 ක් දක්වා පහත වැටී ඇති බවත් රට හිතන හැටි ජනමත විමසුමේ නවතම ප්‍රතිඵල වලින් අනාවරණය වී තිබේ.එය සියයට 18ක පහළ යාමකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ මිනිසුන් හිතන හැටි..., මේ 225 නම් නැවත ඡන්දයක් ඉල්ලගෙන එන්න එපා...
මේවා දැක්කොත් පින්පතිතුමයි, පිනට ආපු ගොලයෝ රොත්තයි එන අවුරුද්දේත් ඡන්දෙ තියන්නෑ... සල්ලි නැහැ කියයි...!
9% ක් ඉන්නේ හොරු ටික තමයි...
ආණ්ඩුව ගැන නම් කිසිම ජනතා කැමැත්තක් නැහැ. ඒ වුණාට පින් ජනපතියාට කැමැති පොහොට්ටුවෙ සෙට් එකක් නම් ආණ්ඩුව ඇතුලේම ඉන්නවා...!
ආණ්ඩුවේ එවුන්ට ජනතා කැමැත්ත අදාලයක් නැහැ.පොලිසියේ හමුදාවල්වල කැමැත්ත තමයි ආණ්ඩුවට අදාළ .ඒක තියනවා 80% එහා
ඔය කිව්වට හෙට අනිද්දට වෙන පත්තරේකට කියලා දාගනී ජනතා කැමැත්ත වැඩිවෙලා ලියලා.ඕන නම් ටීවී එක දාගෙන ඉන්නකෝ .අර රාලහාමි දොඹ තෙල් පාරකුත් කටේ උලාගෙන කියයි අපේ නායක තුමාට අභීතව රට ගොඩ ගනිමින් ඉන්නවා.ඒ නිසා ජනතාව මාර කැමැත්තෙන් ඉන්නේ කියලා.
ජනතා කැමැත්ත මොකටද? හොරු බහුතරයේ කැමැත්ත තියෙනවානේ...!
රටට මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් 6%ක් තවමත් කැමතියි, මේ 6% නම් මිනිස්සු වෙන්න බෑ.
ඕක හොයන්න ආයේ ජනමත සමීක්ෂණ කරන්න ඕනේ නැහැ... රනිල්ලා මහපාරට බැහැලා අඩි 10ක්, 15ක් යන්න කියන්න...
ඒ කියන්නේ මේ කාලකන්නි ආණ්ඩුවට කැමති බයියෝ තාමත් ඉන්නවා නේ ?