IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ආණ්ඩුව ගැන ජනතා කැමැත්ත අඩුවෙලා

(විමුක්ති එස් රුද්‍රිගු)

ආණ්ඩුව පිළිබඳ ජනතා අනුමැතිය ජූනි මසට සාපේක්ෂව ඔක්තෝබර් මසදී හරි අඩකටත් වඩා වැඩි ප්‍රමාණයකින් අඩු වී ඇතැයි රට හිතන හැටි දීප ව්‍යාප්ත ජනමත  විමසුමේ නවතම ප්‍රතිඵලවලින් හෙළි වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

ජූනි මාසයේදී සියයට 21 ක් වූ ආණ්ඩුව පිළිබඳ ජනතා අනුමැතිය ඔක්තෝබර් මාසයේදී සියයට 9ක් දක්වා පහත වැටී ඇතැයි  වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දුන්නේය.

රටේ වැඩකටයුතු සිදුවෙමින් පවතින ආකාරය පිළිබඳ ජූනි මාසයේදී සියයට 12 ක් වූ ජනතා තෘප්තිය ඔක්තෝබර් මාසයේදී සියයට 6 දක්වා හරි අඩකින්  පහත වැටී ඇති බව රට හිතන හැටි ජනමත විමසුමෙන් හෙළි වී ඇත.ජූනි මාසයේදී රටේ ආර්ථිකය පිළිබඳ ජනතාව අතර පවතින විශ්වාසය සෘණ සියයට 44 ක්ව පැවති බවත් එය ඔක්තෝබර් මාසයේදී සෘණ සියයට 62 ක් දක්වා පහත වැටී ඇති බවත් රට හිතන හැටි ජනමත විමසුමේ නවතම ප්‍රතිඵල වලින් අනාවරණය වී තිබේ.එය සියයට 18ක පහළ යාමකි.



අදහස් (11)

ආණ්ඩුව ගැන ජනතා කැමැත්ත අඩුවෙලා

nimal Sunday, 05 November 2023 06:16 PM

රටේ මිනිසුන් හිතන හැටි..., මේ 225 නම් නැවත ඡන්දයක් ඉල්ලගෙන එන්න එපා...

:       5       66

Asela Sunday, 05 November 2023 06:25 PM

මේවා දැක්කොත් පින්පතිතුමයි, පිනට ආපු ගොලයෝ රොත්තයි එන අවුරුද්දේත් ඡන්දෙ තියන්නෑ... සල්ලි නැහැ කියයි...!

:       6       72

Nimal Sunday, 05 November 2023 06:31 PM

9% ක් ඉන්නේ හොරු ටික තමයි...

:       6       53

උපුල්Monday, 06 November 2023 05:40 AM

එතකොට 2020 චන්ද ප්‍රතිපල වලින් හොරු 97% ද? විහිලු සපයන්න එපා

:       0       2

විපරමා Sunday, 05 November 2023 07:03 PM

ආණ්ඩුව ගැන නම් කිසිම ජනතා කැමැත්තක් නැහැ. ඒ වුණාට පින් ජනපතියාට කැමැති පොහොට්ටුවෙ සෙට් එකක් නම් ආණ්ඩුව ඇතුලේම ඉන්නවා...!

:       4       49

Perera Sunday, 05 November 2023 11:58 PM

ආණ්ඩුවේ එවුන්ට ජනතා කැමැත්ත අදාලයක් නැහැ.පොලිසියේ හමුදාවල්වල කැමැත්ත තමයි ආණ්ඩුවට අදාළ .ඒක තියනවා 80% එහා

:       0       2

Chandima Monday, 06 November 2023 03:09 AM

ඔය කිව්වට හෙට අනිද්දට වෙන පත්තරේකට කියලා දාගනී ජනතා කැමැත්ත වැඩිවෙලා ලියලා.ඕන නම් ටීවී එක දාගෙන ඉන්නකෝ .අර රාලහාමි දොඹ තෙල් පාරකුත් කටේ උලාගෙන කියයි අපේ නායක තුමාට අභීතව රට ගොඩ ගනිමින් ඉන්නවා.ඒ නිසා ජනතාව මාර කැමැත්තෙන් ඉන්නේ කියලා.

:       0       2

ගාමිණි Monday, 06 November 2023 06:19 AM

ජනතා කැමැත්ත මොකටද? හොරු බහුතරයේ කැමැත්ත තියෙනවානේ...!

:       0       2

Pradeep Kumara Monday, 06 November 2023 08:13 AM

රටට මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් 6%ක් තවමත් කැමතියි, මේ 6% නම් මිනිස්සු වෙන්න බෑ.

:       1       2

Aravinda Monarawila Monday, 06 November 2023 09:23 AM

ඕක හොයන්න ආයේ ජනමත සමීක්ෂණ කරන්න ඕනේ නැහැ... රනිල්ලා මහපාරට බැහැලා අඩි 10ක්, 15ක් යන්න කියන්න...

:       3       9

fairoos Monday, 06 November 2023 12:40 PM

ඒ කියන්නේ මේ කාලකන්නි ආණ්ඩුවට කැමති බයියෝ තාමත් ඉන්නවා නේ ?

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site