IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ගල් කුට්ටියක් පෙරැලී දුම්රිය නිලධාරීන් 5ක් රෝහලේ

(ප්‍රසාද් රුක්මල්)

 උඩරට  දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල සහ කිණිගම  දුම්රිය ස්ථාන අතර  දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතු වල නිරතව සිටි දුම්රිය නිලධාරීන් පිරිසක් මතට දුම්රිය මාර්ගයට ඉහලින් පිහිටි ගල්කුට්ටි කීපයක් හදිසියේ කඩා වැටීමෙන් ඊට යටවු බණ්ඩාරවෙල දුම්රිය මාර්ග කොට්ඨාසයේ  දුම්රිය නිලධාරීන්  පස්දෙනෙකු බණ්ඩාරවෙල නගරයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

මෙසේ දුම්රිය මාර්ග නඩත්තු රාජකාරියේ නිරතව සිටියදී මෙම සිද්ධියට මුහුණ පා රෝහල් ගත කර ඇත්තේ බණ්ඩාරවෙල දුම්රිය මාර්ග කොට්ඨාසයේ දුම්රිය මාර්ග අංශ ප්‍රධාන නිලධාරී , සහයක දුම්රිය මාර්ග අධීක්ෂණ කළමනාකරු , සහ දුම්රිය තාක්ෂණ සහයක ශිල්පීන් තිදෙනකු යැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කීය .

පවතින අධික වර්ෂාව පවා නොතකා බණ්ඩාරවෙල දුම්රිය මාර්ග කොට්ඨාසයේ නිලධාරීන් උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල සහ කිණිගම දුම්රිය ස්ථාන අතර සැතපුම් 162 දම්වැල් 47 දරණ ස්ථානයේ ගල් ඇක්ක පාලම  ආසන්නයේ  රාජකාරියේ නිරතව සිටියදී හදිසියේම දුම්රිය මාර්ගය ට ඉහලින් පිහිටි කන්දේ ගල් කුට්ටි කීපයක් එක්වරම පහළ දුම්රිය මාර්ගයට කඩා වැටී ඇති අතර ,ඒ සමගම මෙම නිලධාරීන් එම ගල් කුට්ටි වලට යටවී ඇතැයි එම දුම්රිය සේවකයන් පැවසූහ .



අදහස් (1)

ගල් කුට්ටියක් පෙරැලී දුම්රිය නිලධාරීන් 5ක් රෝහලේ

Prabha Sunday, 05 November 2023 03:01 PM

දැන් ඕකටත් වර්ජනය කරයිද දන්නේ නෑ...!

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 41 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 129 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site