IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වී අස්වනු දෙගුණ කරන්න ජනාධිපතිගෙන් උපදෙස්

(අංජුල මහික වීරරත්න)

ඉදිරි  වගා කන්න හය ඇතුලත  මෙරට වී අස්වැන්න දෙගුණයකින් ඉහල දැමීමට වැඩ සටහන් ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  කෘෂිකර්ම අමාත්‍යාංශයට උපදෙස් දුන්නේය.

වී අස්වැන්න වැඩි කර ගැනීම සඳහා නව තාක්ෂණය ගොවීන්ට හඳුන්වා දීම මූල්‍ය ප්‍රතිපාදන රජය විසින් ලබා දෙන බව  ජනාධිපතිවරයා පවසා ඇතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

දැනට ලංකාවේ  ඇති කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් ලක්ෂ 08කි. වර්ෂයකට යල හා මහ කන්න දෙකේ වගා කෙරෙන කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් මිලියන 1.3කි. ඉන් දැනට ලද හැකි සමස්ත වී අස්වැන්න වී මෙට්‍රික් ටොන් මිලියන 5.2ක් පමණ වේ. එමගින් නිපදවා ගත හැකි සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 3.1ක් වන අතර මෙරට පාරිභෝජනය සඳහා  වාර්ෂිකව සහල් මෙට්‍රික් ටොන් මිලියන 2.4ක් අවශ්‍ය වේ.

2023 වර්ෂයේ  කෘෂිකර්මාන්තය සඳහා රුපියල් බිලියන 132ක මුදලක් ලබා දුන් බවත්  2024 වර්ෂයේ  වී වගාවේ නව තාක්ෂණය හඳුන්වා දීම සඳහා වැඩිපුර මුදල් රජය විසින් ලබා දෙනු ඇතැයි ද කෘෂිකර්ම  අමාත්‍යවරයා සඳහන් කළේය.

 



අදහස් (6)

වී අස්වනු දෙගුණ කරන්න ජනාධිපතිගෙන් උපදෙස්

Pinjana Sunday, 05 November 2023 10:20 AM

මීට ඉස්සර වී වගාව ඕනෑ නෑ. කුඹුරු ගොඩකරලා කෙසෙල් හිටුවන්න කියපු අය දැන් වී වගාවට උපදෙස් දෙනවා. ඒවා තමුන්ගේ කුරුඳුවත්ත, රෝයල් කොලීජියේ අයට උගන්වන්නේ මහ බැංකුවට වැඩේ දෙන විදිය, පඬි වදන් දෙසීම, ධවල පත්‍රිකාව ගෙනත් අධ්‍යාපනය කාබාසීනියා කිරීම වගේ දේවල් නේද?

:       1       1

රනේ Sunday, 05 November 2023 11:13 AM

“කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් ලක්ෂ 08කි. යල හා මහ කන්න දෙකේ වගා කෙරෙන කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් මිලියන 1.3කි.“ ලොකු ප්‍රශ්නයක් නෑ...!

:       0       0

Monaragala Sunday, 05 November 2023 11:39 AM

සර් ජනාධිපති විෂයට ටියුෂන් යන්න. ටියුෂන් මාස්ටර් කියාවි කුඹුරු අක්කරයක අස්වැන්න දෙගුණ කරලා බලන්න කියලා...!

:       2       0

Upali Nawarathna Sunday, 05 November 2023 01:33 PM

හිතට එන පලියට බෑ... ඕක ගැන හරි සැලැස්මක් තියෙන්න ඕනේ... පොහොර ප්‍රශ්න වගේම දේශගුණික ප්‍රශ්න, බිත්තර වී ඵලදායිතාව ගොඩාක් දේවල් අධ්‍යයනය කරලා කරන්න ඕනේ... එක පට්ට ගහෙන් ගෙඩිඑනවා වගේ අස්වැන්න වැඩි කරන්න බෑ.. රට වටේ මුහුද තියාගෙන රටින් ටුනා මාළු ගේනවා වගේ තමයි...!

:       0       4

Rata Perata Sunday, 05 November 2023 02:01 PM

මේ විහිළු කවදා නවත්තයිද දන්නේ නෑ. උපදෙස් නැතිනම් දෙගුණ කරන්නේ නෑ.. මේක නම් පිස්සු හැදෙන රටක්...

:       2       6

Sunil C.B Sunday, 05 November 2023 02:10 PM

ඉඩම් ටික විකුණයි වගේ ඉන්දියාවට...!

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 39 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 129 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site