(අංජුල මහික වීරරත්න)
වන සතුන්ගෙන් වන වගා හානි නිසා වසරකට රුපියල් බිලියන 17-20ත් අතර පාඩුවක් වන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය කළ සමීක්ෂණයකින් අනාවරණය වූ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගා ආරක්ෂා කර ගැනීමට ගොවීන්ට වායු රයිෆල් ලබා දීමේ වැඩසටහන් සඳහා සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙි බව කීය.
ලුණුගම්වෙහෙර තල් සංවර්ධන මණ්ඩලයේ දී හා සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී මෙම වැඩ සටහන් පැවැත්විණි.
ශ්‍රී ලංකා හදබිම අධිකාරිය විසින් සියයට 50 ක ණය සහන පදනමක් මත මෙම වායු රයිෆල් ලබා දීමේ වැඩ සටහන ක්‍රියාත්මක කර ඇත. මෙහිදී එම වායු රයිෆල් වල වටිනාකමින් සියයට 50ක් රජය විසින් දරන අතර ඉතිරි සියයට 50 ගොවීන් විසින් ගෙවිය යුතුය.
2025 දෙසැම්බර් මස 18
41
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
129
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
928
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වන සත්තු වසරකට බිලියන 20ක් කාබාසිනියා කරති
Nimal Sunday, 05 November 2023 12:00 PM
ඊට වඩා එක ඩීල් එකකින් ඔබතුමාලා හොරාකන්නේ නැද්ද?
නිශාන්ත Sunday, 05 November 2023 12:19 PM
මාදිවෙල කැලේ ඉන්න වන සත්තුනේ...!
Deshapriya Sunday, 05 November 2023 12:36 PM
දියවන්නාවේ අම්බරුවෝ වසරකට කොපමණ මුදලක් කාබාසිනියා කරනවා ද ?
Upali Nawarathna Sunday, 05 November 2023 01:13 PM
දියවන්නාවේ ඉන්න සත්තු ටික දවසකට කාබාසිනියා කරන ගාන එක්ක බැලුවාම ඕක නිකං නොසලකා හැරිය හැකි ප්‍රමාණයක්...
Thusantha Monday, 06 November 2023 12:17 AM
ඔයාලා තමා කාළකන්ණි වන සත්තු..
Saman Monday, 06 November 2023 06:03 AM
විශිෂ්ට බෞද්ධ රටක් විදිහට සතා සිව්පාවට අහාර පාන ලබාදීම ගැන අප ආඩම්බර විය යුතුයි..නිවන් දකින්න පහසු වෙනවා..