(කුෂාන් ජයවර්ධන)

මීට වසර වසර එකයි මාස 03කට ඉහතදී එනම් 2022-07-26 වන දින කිසියම් පුද්ගලයකු  විදුලි සැර යොදා ඝාතනය කළ කලාවැවේ හැඩකාරයා ලෙසින් දෙස් විදේස් සංරකයින් අතර ජනප්‍රියත්වයට පත්ව සිටි භරණ හස්ථියාගේ වල දමා තිබූ දළ යුගලය ඇතුළත් හිස කොටස අද පස්වරුවේ වනජීවී නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ  ගොඩ ගැනුණි.

ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක එච්.එම්.එස්.බංඩාර මහතාගේ අධීක්ෂණය යටතේ එම හිස කොටස ගොඩ ගත්තේය.

ඒ කලාවැව ජාතික උද්‍යානයේ ඇත් පංතියේ සිටි දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනා සිටි භරණ හස්ථියාගේ දළ යුගලය ඇතුළත් එම හිස කොටස සංරක්ෂණය කර මහජන ප්‍රදර්ශණයට ඉදිරිපත් කිරීම සදහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණයක් සමගය.

කලාවැව ආසන්නයේ පිහිටි ගල්කිරියාගම රණව කන්ද රක්ෂිතයේ දී ඉකුත් 2022 වසරේ ජූලි මස 26 වන දින කිසියම් පුද්ගලයකු විසින් විදුලි සැර යොදා භරණ හස්ථියා සාහසික අයුරින් ඝාතනය කර තිබිණ.