(සුජිත් හේවාජුලිගේ)

නව පොලිස්පතිවරයකු පත්කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

එසේම නව පොලිස්පතිවරයකු පත් කිරීමට නාම යෝජනාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට මෙතෙක් ඉදිරිපත් ව නැතැයි  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව  ලබන 9 වැනිදා රැස්වීමට නියමිතය.

වර්තමාන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාට දැනට සේවා දිගු තුනක් ලබාදී ඇත.