(නිමන්ති රණසිංහ)
නීති විරෝධී අන්දමින් පිරමීඩ ජාවාරම් වල මුදල් ගනුදෙනු කළේ යැයි ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කර ඇති "ඔන්මැක්ස් ඩීටී" පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් පස්දෙනා ලබන 16 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (03) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ඉන්දික සම්පත්, ගයාෂාන් අබයරත්න, සම්පත් සඳරුවන් සාරංග රන්දීප සහ ධනංජය ජයාන් යන අයවලුන්ය.
මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැවටී සුවහසක් බොරුකාරයින් හට, පාඩම් ලබා නැත... යුග යුග ගණන් සිට... !
මුදල්වලට කෑදර, තණ්හාව අධික මෝඩ මිනිසුන් සිටින තාක්කල් මෙවැනි වංචාකාරයින්ට හොඳයි.