
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
දළදාගම්මන කැබිලිතිගොඩවල පුරාණ විහාරස්ථානය අසල දී සිදු වූමාරක අනතුරකින් යතුරුපැදියක ගමන්ගත් 16 හැවිරිදි පාසල් සිසුවියක කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීෆමන් පසු මියගොස් මාවතගම පොලිසිය කියයි.
යතුරු පැදිය පදවාගෙන ගිය සිසුවියගේ මව ද බරපතල තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසු වන බව පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ අතපත්තු මුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි හිමායා කරුණාරත්න නැමැති සිසුවියකි.
සිසුවිය මව විසින් පදවාගෙන ගිය යතුරු පැදියේ පිටුපස අසුනේ වාඩිවී ගමන් කරමින් සිටියදී මාර්ගය මැද එම යතුරු පැදිය පෙරළී ඇතැයි පොලිසිය කියයි.
විරුද්ධ දෙසින් පැමිණි බස් රථයක මාර්ගයේ පෙරළී තිබූ යතුරුපැදියේ ගැටීමෙන් මව සහ දියණිය දෙදෙනාම බරපතල තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මලා පැදපු බයික්වල හිටපු දියණියන් මියගිය තෙවන වාර්තාව මසක්, දෙකක් ඇතුළත... නතර කරගන්න හැකි වේගය නොදැනීම.. ලොකු වාහන අස්සේ යාම ... වගේ දේවල් මේවාට හේතුයි.
හුඟක් ගැහැණු අයට මෝටර්සයිකලේ පාලනය කරගන්න බැහැ...!
ගොඩක් කාන්තාවෝ බයික් එකක් පදින්නේ දකුණු පැත්තෙන් ,ඒක හරිම අවදානම් ,වමෙන් යනවා නම් හුඟක් අනතුරු වලින් බේරෙන්න පුළුවන්