(ඉන්දිකා රාමනායක)

පිටකොටුව ප්‍රදේශයේ හය මහල් රෙදිපිළි වෙළෙඳ සැල් සංකීර්ණයක ඉකුත් (27) දින හටගත් ගින්නෙන්   දුම ආග්‍රහනය වීමෙන් කොළඹ ජාතික රෝහලේ  ප්‍රතිකාර ලබමින් සිටි තරුණියක් අද (3) පෙරවරුවේ මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙම තරුණිය ඉකුත් (27) දින සිට මියයන තෙක්ම   දැඩිසත්කාර එකකයේ  ප්‍රතිකාර ලබමින්  සිටි බව  පොලිසිය පවසයි
 සිද්ධියෙන් මියගොස් ඇත්තේ වටවල පදිංචි  ගයන්තිකා (22) නමැති තරුණිය බව පොලිසිය පවසයි.

 ඇය මෙම වෙළෙඳ සැලක සේවිකාවක් වශයෙන් සේවය කර ඇත.

මෙම සිද්ධිය  21 දෙනකු පළිස්සුම් තුවාල හා දුම ආග්‍රහනය වීමෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් සිව් දෙනකු තවදුරටක් ප්‍රතිකාර ලබමින් පසුවේ.

පිටකොටුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වයි.