
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රැගෙන වැලිමඩ බලා පියාසර කරමින් තිබූ හෙලිකොප්ටර් යානය අයහපත් කාලගුණ තත්ත්වය නිසා අද (3) දහවල් වැල්ලවාය ප්‍රදේශයට හදිසියේ ගොඩ බස්වා තිබේ.
ගුවනේ මතු වූ මිහිදුම් සහිත කාලගුණික තත්ත්වය නිසා හෙලිකොප්ටරය ගමනාන්තය කරා මෙහෙයවීම අපහසු වී ඇති අතර පැයකුත් විනාඩි විස්සක් පමණ ගුවනේ සැරිසැරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා රැඟත් හෙලිකොප්ටර් යානය සහ පරිවාර හෙලිකොප්ටරය වැල්ලවාය බුදුරුවගල පාසල් ක්‍රීඩාංගනයට හදිසියේ ගොඩ බැස්සවීමට නියමුවෝ තීරණය කළහ.
හෙලිකොප්ටරය පාසල් ක්‍රීඩාංගනයට ගොඩ බැසීමෙන් අනතුරුව එහි පැමිණියේ ජනාධිපතිවරයා බව දුටු සිසු සිසුවියන් මෙන්ම ගුරුවරුන් හෙලිකොප්ටරය අසල වටවී ජනපති සමඟ සුහදශීලීව අදහස් හුවමාරු කරගත් බව ජනාධිපති ආරක්ෂක අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධරයෙක් පැවැසීය.
විදුහලේ ගුරුවරුන් විසින් එහිදී අවට ග්‍රාමයේ මෙන්ම පාසලේ අඩුපාඩුකම් පිළිබඳව ජනාධිපතිවරයා දැනුම්වත් කර ඇති අතර ඒ ප්‍රශ්න සම්බන්ධයෙන් සටහන් කර ගන්නා ලෙස ජනාධිපතිවරයා එහි සිටි ලේකම්වරයකුට දැනුම් දී තිබේ.
නැවත පිටත්ව යාමට වාහනයක් එනතුරු ජනාධිපතිවරයා බුදුරුවගල පාසලේ පැය භාගයකට ආසන්න කාලයක් රැඳී සිට ඇත.
අනතුරුව රථය පැමිණි පසු ජනාධිපතිවරයා වැල්ලවායේ සිට වැලමඩ දක්වා ගොඩබිම් මාර්ගය ඔස්සේ පිටත්ව ගොස් තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අෂ්රෆ් මතක් වුණා...
මම හිතුවේ නාකියාට අවීචි නරකාදියෙන් ටිකට් එක ඇවිල්ලා කියලා. මේක කඩන් වැටුනේ නැහැනේ... අපරාදේ හෙට කිරිබත් කන්න තිබුන චාන්ස් එක...
රට වල පල්ලේ තිබුණු වෙලාවේ.. ඇවිත් එක ගොඩ දැම්මේ මෙයා තමයි... දැන් කතාකාරයෝ හැමතැනම... ඉතිරි ටිකත් කරන්න පුළුවන්...
දුක් වෙන්න එපා. සුබ පණිවිඩයක් අද හෙටම එනවා..!
අයියෝ... කවදා හොඳ පුවතක් ඒවිද මන්දා...?
පව් ළමයින්ට දවසක් ඉස්කෝලෙ පාඩු වුණා... මෙයා කඩාපාත්වෙලා... අනේ අම්මපා පෙරළියන් බර කරත්තෙ පෙරළියන්...!
ගියා නම් ඉවරයි...!
තවත් කෙනෙකුට මරණය ප්‍රාර්ථනා කරනා පුද්ගලයා හොඳ කෙනෙකු නෙවෙයි..!
ඒ හෙලිකොප්ටර්ය පැදවූ නියමුවාට නිකමටවත් රට වෙනුවෙන් තම ජිවිතය පරිත්‍යාග කරලා ජාතික වීරයෙක් වෙන්න තිබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න ඕන කියලා හිතුනේම නැද්ද?
මල්වෙඩි සංදර්ශනයක් බලන්න තිබුණු වාසනාව නැතිවුණා...!