පුනරුත්ථාපන පනත ව්‍යවස්ථාවට පටහැනියි කැරලිකරුවන් පුනරුත්ථාපනයට අදාළ වගන්ති ඇතුළත් පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. 20 October 2022
ගිණුම් වාර්තා නොදුන් ආයතන ප්‍රධානීන් මැතිසබයට කැඳවන්න මෙතෙක් ගිණුම් වාර්තා ඉදිරිපත් කර නැති රජයේ ආයතනවල ප්‍රධානීන් අයවැයට පෙර පාර්ලිමේන්තුවට කැඳවීමට උපදෙසක් හෝ නියෝගයක් නිකුත් කරන්නැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (20) ඉල්ලීමක් කළේය. 20 October 2022
පාපන්දු නිලවරනය තියන්න පොරොන්දු වෙයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරනය අද දින සිට දින 69ක් තුල පැවැත්වීමට කටයුතු කරන බව ක්‍රීඩා සංවරධන අධ්යක්ෂ ජනරාල්වරයා අභියාචනාධිකරණයට පොරොන්දු විය. 20 October 2022
සජබ 22ට සහය පළ කරයි විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කොන්දේසි තුනක් මත සහය ලබාදීමට සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 20 October 2022
බන්ඩි පෝර ගන්න ගොවීන්ට රු: 10,000 සහනාධාරයක් මහ කන්නයේ වී වගා කරන සෑම ගොවියකුටම බණ්ඩි පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් 10,000ක සහනාධාරයක් ලබා දීමට තීරණය කළ බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ. එච්.එම්. එල්. අබේරත්න මහතා පවසයි. 20 October 2022
මෝදි ආපසු පාසලේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ගුජරාඨ ප්‍රාන්තයේ රජයේ පාසලක නිරීක්ෂණ චාරිකාවකට එක් විය. අග්‍රාමාත්‍යවරයා පංති කාමරවලට ගොස් දරු දැරියන් හමුවුණු අතර ඔවුන් අතර අසුන් ගෙන ගුරුවරුන්ගේ ඉගැන්වීම්වලට කන්දීමට ද අමතක නොකළේය. 20 October 2022
බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු ඇමැති අස්වෙයි අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් මුහුණ දී සිටින අර්බුදය තවත් උග්‍ර කරමින් ස්වදේශ කටයුතු අමාත්‍ය සුඑල්ලා බ්‍රේවර්මන් ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් අද (19) ඉවත් විය. 20 October 2022
මාධ්‍යවේදීන්ගේ තේ කෝප්පයත් සිවු ගුණයකින් ඉහළට මාධ්‍යවේදීන් සඳහා පාර්ලිමේන්තුවෙන් සැපයුණු තේ වෙනුවෙන් අය කෙරෙනු මුදල සිවු ගුණයකින් ඉහළ දමා ඇත. 20 October 2022
වැස්ස තවත් වැඩි වෙන හැඩ වැසි තත්වයේ සුළු වැඩිවීමක් අද (20) සහ හෙට (21) දිනවල අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 20 October 2022
අන්ධ පුද්ගලයාගේ සමෘදිය කපලා උපතින්ම දෑස් නොපෙනෙන පුද්ගලයකුට වසර විස්සකට අධික කාලයක් සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් ලබා දුන් දීමනාව ඔහු පොල් කැඩිමේ රැකියාවක නියුතු අයකු බව සඳහන් කරමින් ව්‍යාජ වාර්තාවක් ලබා දී එම දීමනාව අහිමි කිරීමේ සිද්ධියක් බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තා වේ. 20 October 2022
ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඇමෙරිකා අඛණ්ඩ සහාය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කෙරෙන සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවට එක්සත් ජනපදයේ අඛණ්ඩ සහාය ලබාදෙන බව අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කලාප බාර සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා (Donald Lu) සඳහන් කළේය. 20 October 2022
යූරියා ටෙන්ඩරයෙන් කෝටි 690 ක පාඩුවක් ලෝක බැංකු ආධාර යටතේ යූරියා ආනයනය සඳහා කළ ටෙන්ඩර් ක්‍රියාවලියේදී වැඩි ලංසුවක් ඉදිරිපත් කළ සමාගමකට ටෙන්ඩරය ලබාදීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 690 ක අලාභයක් සිදුවී ඇති බව ශ්‍රී ලංකා ගල්ෆ් වෙළෙඳ හා ආයෝජන මණ්ඩලයේ සභාපති මොහාන් පෙරේරා මහතා පැවසීය. 20 October 2022
පොරොන්දුවක් කැඩී බ්‍රිතාන්‍ය ස්වදේශ ඇමති අස්වේ අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් මුහුණ දී සිටින අර්බුදය තවත් උග්‍ර කරමින් ස්වදේශ කටයුතු අමාත්‍ය සුඑල්ලා බ්‍රේවර්මන් ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. 20 October 2022
පිටි මිල 265 දක්වා පහළට ආනයනික තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක තොග මිල තවත් රුපියල් 25 කින් අඩු කළ බව පිටකොටුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. 20 October 2022
ප්‍රියමාලිට මුදල් දුන් දේශපාලකයෝ ගොළු වෙති ‘තිකෝ සමූහ ව්‍යාපාරයේ’ හිමිකාරිනිය වන තිළිණී ප්‍රියමාලි නමැත්තියට මෙරට දේශපාලනඥයන් පිරිසක් රුපියල් කෝටි ගණනින් මුදල් ලබා දී ඇති බවත්, ඔවුන් කිසිවකු හෝ ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට මෙතෙක් ඉදිරිපත් වී නොමැති බවත්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනී පෙරේරා මහත්මිය ඉදිරියේ ඊයේ (19) කරුණු වාර්තා කරමින් සඳහන් කළේය. 19 October 2022
අම්බලන්ගොඩදී සිසුන් දෙදෙනෙක් මුහුදේ ගසාගෙන යති අම්බලන්ගොඩ වෙරළ තිරයෙන් අද (20)පස්වරුවේ දිය නෑමට ගිය පාසල් සිසුන් පිරිසක් දියේ ගසාගෙන ගොස් එක් අයෙකු මරුමුවට පත්වී තවත් සිසුවකු අතුරුදහන්වී ඇති අම්බලන්ගොඩ පොලිසිය කියයි. 19 October 2022
22කට පොහොට්ටු සහායනෑ පාර්ලිමේන්තුවේ හෙට සහ අනිද්දා විවාදයට ගැනීමට නියමිත විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සහාය නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ගණනාවක් අද (19) පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. 19 October 2022
සිසුන් දෙකක් මහවැලි ගඟෙ ගසාගෙන යයි වරාතැන්න සීමාමාලකය අසල මහවැලි ගඟ අසබඩ සාදයක් පවත්වමින් සිටි පාසල් සිසුන් පිරිසක් අතරින්ක සිසුන් දෙදෙනකු මහවැලි ගඟට ඇදවැටීයදී එක් සිසුවකු බේරාගෙන ඇති අතර අනෙක් සිසුවා ජලයේ ගසාගෙන ගොස් අතුරුදහන්ව ඇතැයි කටුගස්තොට පොලීසිය කියයි. 19 October 2022
හරි තැනකට එන්න රජය සූදානම් ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථක කරගෙන නිවැරදි ආර්ථික කළමනාකරණයක් ඇති කිරීමට රජය සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. 19 October 2022
අසීරු කාලයේ අසීරු තීන්දු ගන්න වෙයි අසීරු කාලයේ අසීරු තීන්දු ගැනීමට සිදු විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. 19 October 2022
‘බදු බර අඩු කිරීමෙන් රට කඩා වැටුණා‘‘ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට ප්‍රධාන වූ හේතු තුනක් පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශය කරමින් අද පැවසීය. 19 October 2022
රුසියාව අල්ලාගත් පළාත්වලට හමුදා නීතිය රුසියන් හමුදා විසින් යටත් කර ගැනීමෙන් පසු, රුසියාවට එක් කර ගැණුනු යුක්රේන පළාත් සදහා හමුදා නීතිය පැනැවීමේ නියෝගයකට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අත්සන් තබා ඇත. 19 October 2022
කතක් මරූ තරුණයාට දිවි ඇති තෙක් වාහන තහනම් බීමතින් වෑන් රථයක් පදවා 36 හැවිරිදි කතක අනතුරට ලක් කර මරණය සිදු කිරීමේ චෝදානාවට වරදකරුවූ 19 හැවිරිදි තරුණයකුගේ රියැදුරු බලපත්‍රය ජීවිතාන්තය දක්වා තහනම් කරන්නැයි මීගමුව මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා 19 නියෝග කළේය. 19 October 2022
සතොස ආහාර වර්ග 6 ක මිල අඩු කරයි ලංකා සතොස ආහාර වර්ග 6 ක මිල තව දුරටත් අඩු කළ බවත් එම මිල පහළ දැමීම අද (19) සිට ක්‍රියාත්මක බවත් එහි ප්‍රධාන නිලධාරියෙක් පැවසීය. 19 October 2022
මුදල් රාජ්‍ය ඇමැති හොර රාවලට වැටබඳී නීති විරෝධී සහ සෞඛ්‍ය සම්පන්න නොවන ආකාරයෙන් රා නිෂ්පාදනය කරන ජාවාරම්කරුවනට එරෙහිව නීතියෙන් කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 19 October 2022
ඖෂධ ගැන සොයන්න තවත් ඇප් එකක් රෝගීන්ට අවශ්‍ය ඖෂධ මිලදී ගත හැකි ළඟම පිහිටි ඔසුසල් හා ඒවායේ මිල ගණන් පිළිබඳ තොරතුරු නිවසේ සිටම දැනගත හැකි නව ජංගම දුරකතන යෙදවුමක් (ඇප් එකක්) හඳුන්වා දී තිබේ. 19 October 2022
කතක සිරකර අතවර කළ රාලහාමිලා දෙකක් වසර 10 හිරේ කාන්තාවක අයුතු ලෙස සිරකර තබා ගෙන ලිංගික අතවර කිරීමේ චෝදනාන්ට වරදකරුවන් වු පිටකොටුව පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙකුට බරපතල වැඩ සහිත වසර 10 බැගින් වූ සිර දඬුවම් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියම කළේය. 19 October 2022
ප්‍රියමාලිගෙ ගනුදෙනුවලට අපේ සම්බන්ධයක් නෑ තිළිණි ප්‍රියමාලි නැමැති සැකකාරියගේ මුදල් ගනුදෙනු වලට තමා හෝ තම පවුලේ කිසිවකුත් සම්බන්ධයක් නැති බව තමා වගකීමෙන් ප්‍රකාශ කරන්නේ යැයි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය. 19 October 2022
ගෝඨාභයට යළි නොතීසි දෙන්නැයි නියෝග සමාජ ක්‍රියාකාරීන් දෙදෙනකු වන ලලිත් සහ කූගන් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් උසාවියේ විභාග වන නඩුවට සාක්ෂි දීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැඳවීමට බලයක් නොමැති බවට ප්‍රකාශ කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ගොනුකර ඇති විශේෂ අභියාචනා පෙත්සමේ වග උත්තරකාර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යළි නොතීසි බාරදෙන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුවන්ට නියෝග කළේය. 19 October 2022
දුෂ්කර පාසල්වලට දිවා ආහාරය රටපුරා දුෂ්කර පාසල්වල දරුවන්ට නොමිලයේ දිවා ආහාරය ලබාදීමට ‘‘රටේ දරුවෝ මගෙත් දරුවෝ‘‘ නමින් වැඩසටහනක් සිංගියුලරිටි ශ්‍රී ලංකා ආයතනය සහ සර්වෝදය ව්‍යාපාරය ඒකාබද්ධ ආරම්ඛ කර තිබේ. 19 October 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026