පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 22 October 2022
ජේ.ආර් නොසිතපු දෙයක් සිදුවෙලා තමාගේ බෑනා ඡන්දෙන් පැරදී තමාගේම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවේ යැයි ජේ.ආර් නිකමටවත් සිතන්නට නැතුව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 October 2022
22 සම්මත කර ගැනීම ප්රජාතන්ත්රවාදයේ ජයග්‍රහණයක් අත්තනෝමතික අධිකාරීවාදී පාලනයකට රට නතුකරගැනීමේ අපේක්ෂාවෙන් යුතුව සම්මත කරගෙන තිබූ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බල රහිත කරමින් 22 වැනි සංශෝධනය සම්මත කරගැනීමට කටයුතු කිරීම ප්රජාතන්ත්රවාදය අගයන සියළුම පුරවැසියන් ලද සුවිශේෂී ජයග්‍රහණයක් බව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා සඳහන් කරයි. 21 October 2022
සාගලට තවත් තනතුරක් ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සභාපති ලෙස එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක පත් කිරීමට පක්ෂ කළමනාකරණ මණ්ඩලය තීරණය කර ඇත. 21 October 2022
සිරිනිවාස නාහිමිගේ අදාහනයට යන්න විශේෂ දුම්රියක් අපවත්වී වදාළ අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අදාහන පූජෝත්සවයට සහභාගි වන බැතිමතුන්ගේ ගමන් පහසුව සඳහා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට අනුරාධපුර දක්වා විශේෂ දුම්රියක් හෙට (22) පෙරවරුවේ ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 21 October 2022
පටු අරමුණු නිසා ව්‍යවස්ථාව තුවාල කරලා පටු අරමුණු නිසා දුර දැක්මකින් තොරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුවාල කර ඇති ආකාරය කොතෙකුත් දැකගන්න පුළුවන් බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකාර් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 October 2022
ඉම්රාන් ඛාන්ගෙන් මන්ත්‍රී ධුරය ගැලවෙයි පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා, අග්‍රාමාත්‍ය ධුරය කටයුතු කරන අවස්ථාවේ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් ලැබුණු තෑගි සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයක් සිදුකිරීම සහ නිවැරදි නොවූ වත්කම් ප්‍රකාශයක් ලබා දීම සම්බන්ධෙයන් වැරදිකරු යැයි ඔප්පු වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය වහාම ක්‍රියාත්මක වන පරිදි වසර 5 කට අහෝසි කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 21 October 2022
පරිසර අධිකාරියට නව සභාපතිවරයෙක් පරිසර අධිකාරියේ සභාපති ලෙස සුපුන් එස්.පතිරගේ මහතා පත් කර ඇත. 21 October 2022
22ක වැඩි ඡන්ද 178කින් සම්මත වෙයි විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 178කින් සංශෝධන සහිතව සම්මත විය. 21 October 2022
පාස්කුදා ඝාතකයන්ගේ ලේ ඥාතීන්ට එරෙහි නඩුවට දින පාස්කු ඉරුදින ෂැංගිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් වලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ස්වයං ඝාතක ඉන්සාෆ් අහමඩ් හා ඉල්ලාම් අහමඩ් ත්‍රස්ත සහෝදරයින්ගේ පියාට සහ සහෝදරයින් දෙදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන වසරේ ජනවාරි 27 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (21) නියම කළේය. 21 October 2022
“ලාබෙට බඩු” වෙබ් අඩවියෙන් මුදල් වංචා කළ තරුණයා රිමාන්ඩ් “ලාබෙට බඩු” නමින් වෙබ් අඩවියක් පවත්වාගෙන ගොස් කොරියාවෙන් ආනයනය කරන ලද ගෘහ විද්‍යුත් උපකරණ සහ පරිගණක ඇතුලු ඩිජිටල් උපාංග අඩුමිලට ලබාදෙන බව පවසා අන්තර්ජාලයෙන් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් විසිතුන් හැවිරිදි තරුණයකු ලබන 03 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා අද (21) නියෝග කළේය. 21 October 2022
‘සුපිරි 12’ වටයේ ශ්‍රී ලංකා තරග කාලසටහන විස්සයි20 ලෝක ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි 12’ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අනිද්දා (23) අයර්ලන්තයට එරෙහිව හෝබාට්හිදී පැවැත්වේ. 21 October 2022
උද්ධමනය තවත් ඉහළට ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය සැප්තැම්බර් මාසයේදී සියයට 73.7 දක්වා ඉහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. 21 October 2022
පිටකොටුවේ පරිප්පු - සීනි මිල අඩු කරයි පිටකොටුව තොග වෙළෙඳපොලේ පරිප්පු සහ සුදු සීනි මිල අඩු කළ බව අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමය පවසයි. 21 October 2022
රූපලාවන් සහ වාහන අමතර කොටස් ආනයන සීමා ඉවතට මෝටර් රථ අමතර කොටස් සහ රූපලාවන්‍ය උපකරණවලට පනවා තිබෙන ආනයන සීමා ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 21 October 2022
සති අන්තයේ විදුලි කප්පාදුව පැයයි විනාඩි 20යි එළඹෙන සති අන්තයේ (22 සහ 23) පැයයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක් සඳහා සහ ලබන සඳුදා (24) පැය දෙකයි මිනිත්තු 20 ක් විදුලිය කප්පාදු කිරීමටත් අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (21) පස්වරුවේ පැවසීය. 21 October 2022
අයිතිවාසිකම් කඩකලැයි ජවිපෙන් පෙත්සමක් වත්මන් රජයේ ප්රජාතන්ත්රවාදී විරෝධී ක්‍රියාවන්ට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ උද්ඝෝෂණයට සහභාගී වෙමින් සිටි තමන් හට පොලිසිය පහර දී තුවාල සිදු කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩකරන ලදැයි සඳහන් කරමින් ඊට වන්දි වශයෙන් රුපියල් කෝටියක මුදලක් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කළේය. 21 October 2022
ජොන්ස්ටන්ට එරෙහි නඩුව පවත්වා ගෙන යන්න බෑ වෙළඳ ඇමතිවරයා වශයෙන් කටයුතු කරන සමයේ ස.තො.ස. සේවකයන් ඔවුන්ගේ රාජකාරි කටයුතු වලින් බැහැරව දේශපාලන හා පෞද්ගලික කටයුතුවල යොදා ගැනීමෙන් රජයට පාඩු කළ බවට චෝදනා කරමින් හිටපු සමුපාකාර ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙකුට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම පවරා ඇති නඩුව පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්තිකරුවන්ගේ නීතීඥවරු කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ මූලික විරෝධතාවයක් අද මතු කළේය. 21 October 2022
අයවැය ලේඛනය 8 වෙනිදා මැතිසබයට ලබන වසර සඳහා වන අයවැය ලේඛනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන මස 8 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමිතය. 21 October 2022
22ට සහය දීමට සජබයේ කොන්දේසි මෙන්න ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරු විය හැක්කේ වසර දෙකහමාරකින් පසුව හා ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවට නොපැමිණීමේ හැකියාව සහ ව්‍යවස්ථාදායක සභාවට ජනාධිපති වරයාගේ අත්තනෝමතික පත් කිරීම් යන කොන්දේසි තුනට යටත්ව සමගි ජනබලවේගය 22 වන සංශෝධනයට සහයෝගය දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා කොළඹදී පැවසීය. 21 October 2022
ද්විත්ව පුරවැසිභාවය ගෙනාවොත් 22ට සහය නෑ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනයට කාරක සභා අවස්ථාවේ දී අනවශ්‍ය සංශෝධන එක් කළහොත් එයට පක්ෂව ඡන්දය භාවිතා නොකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 21 October 2022
අභ්‍යවකාශයට සංචාරකයන් ගෙනයන්න සියල්ල සූදානම් හෙලෝ ස්පේස් අභ්‍යවකාශ සංචාරක සමාගම 2025 වසරේ සිට බැලූනයක් ආධාරයෙන් සංචාරකයින් අභ්‍යවකාශයට රැගෙන යාමට බලාපොරොත්තුවෙන් පසුවෙයි. 21 October 2022
25 දෙමළ පාසල් නිවාඩු දීපවාලී උත්සවය නිමිත්තෙන් දෙමළ මාධ්‍ය පාසල් මෙම මස 25 වැනි දා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 21 October 2022
20ට ඡන්දෙ ගත් දා ගීතා මැතිසබේ පුස්තකාලයේ හැංගිලා විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන දිනයේ තමා සිටියේ පාර්ලිමේන්තු පුස්තකාලයේ හැංගිලා යැයි පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය. 21 October 2022
මුල්ලේරියාව - අහුන්ගල්ල සැබෑ වෙඩික්කරු මාට්ටු මුල්ලේරියාව සහ අහුන්ගල්ල යන ප්‍රදේශවලදී පුද්ගලයන් ඉලක්කමින් පසුගිය කාලයේ වාර්තා වූ වෙඩි තැබීම් සිද්ධිවල සැබෑ වෙඩික්කරුවන් යැයි කියන සැකකරුවන් බස්නාහිර දකුණ අපරාධ විමර්ශන ඒකකය හදුනාගෙන ගෙන ඇති බව පොලිසිය පවසයි. 21 October 2022
විදුලි ගාස්තු සෙසු රටවල් සමඟ සසඳන්න යෝජනාවක් ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම සඳහා කර්මාන්ත පවත්වා ගැනීමට සහ ආයෝජකයන් දිරිමත් කිරීම පිණිස විදුලි ගාස්තු කලාපයේ අනෙක් රටවලට සමගාමීව ස්ථාවර සහ සාධාරණ අගයක පවත්වා ගැනීමේ අවශ්‍යතාවය ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදි අනාවරණය විය. 21 October 2022
රේගුවෙන් ඇල්ලූ හමර් රථය වෙන්දේසියේදී ආනයනයකරුටම දීලා රාජසන්තක කර තිබූ හමර් වර්ගයේ මෝටර් රථයක් වෙන්දෙසීයේදී ආනයනයකරුවාටම ලපාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණයක් ආරම්භ කර ඇත. 21 October 2022
හොරෙන් කෑලි ගෙනත් ජිප් රථයක් හැදූ ව්‍යාපාරිකයා මාට්ටු නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා තිබු රුපියල් ලක්ෂ 80ට අධික වටිනා ජිප් රථයක් ව්‍යාජ අංකයන් සවිකර ධාවනය කරවමින් සිටි ව්‍යාපාරිකයකු දැරණියගල ප්‍රදේශයේ පානදුර වලාන මාධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් අද (21) දහවල් අත්අඩංගුවට ගෙන ඇත. 21 October 2022
සබරගමු සරසවි සිසුවා නිදි ඇඳේම මියයයි සබරගමුව විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා විද්‍යව හා ශාරිරික අධ්‍යාපන අධ්‍යයන අංශයේ අවසන් වසරේ සිසුවකු විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයක නිදා සිටියදීම අද (21) අලුයම මරණයට පත්ව ඇති බව වාර්තාවේ. 21 October 2022
කුකුළු මස් මිල අඩු වෙයි කුකුළු මස් මිල රුපියල් 500 කට ආසන්න මුදලකින් පහත දමා ඇතැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසයි. 21 October 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026