රුපියල අදත් ශත 10කින් ඉහළට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයේ අද (19) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශත 10 කින් පහළ ගියේය. 19 May 2022
පිටි කිලෝවක් 40කින් ඉහළට බේකරි නිෂ්පාදන සදහා යොදා ගන්නා සහ අනෙකුත් ආහාර පිලියෙල කිරිම සදහා යොදා ගන්නා තිරිගු පිටි කිලෝවක් අද සිට රු 40 කින් ඉහල දමන ලෙසට ප්‍රීමා සමාගම දිවයිනේ සියළුම අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දි ඇත. 19 May 2022
’’අත්‍යඅවශ්‍ය නොවන රජයේ සේවකයන් වැඩට එන්නට එපා’’ අත්‍යඅවශ්‍ය රජයේ සේවකයන් හැර අනෙක් අය වැඩට එන්නට එපා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද ඉල්ලා සිටියේය. 19 May 2022
ඉන්දියාව තවත් ශ්‍රී ලංකාවක් වෙන ලකුණු? උද්ධමනය සහ විරැකියාව ඉහළ යෑමත් සමඟ ඉන්දියාව තවත් ශ්‍රී ලංකාවක් බවට පත්වන දිනය වැඩි ඈතක නොවේ යැයි ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ‘කොංග්රස්’ පක්ෂයේ හිටපු සභාපති රාහුල් ගාන්ධි චෝදනා නගයි. 19 May 2022
අලුත් ඇමතිවරුන්ට ඇමැති වැටුප නෑ අලුතෙන් ඇමැතිවරුන් පත් කරනකොට ඒ අයට ඇමැතිවරුන් වැටුප් ලබා නොගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 19 May 2022
හොරෙන් රට යන්න ගිහින් නාවික හමුදාවට මාට්ටු කලවංචිකුඩි වෙරළ ප්‍රදේශයේ ඊයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ විදෙස් ගත වීමට උත්සහ කළ පුද්ගලයන් 40 දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 19 May 2022
ඔක්කොටම කලින් කුඹුරු හාන්න ඉන්ධන දෙන්න අනෙක් සියලු වැඩ නතර කර හෝ කුඹුරු ටික හා ගැනීම සඳහා ට්‍රැක්ටර් වලට ඉන්ධන ලබා දුන්නේ නැතොත් සියලුම දෙනාට කන්න නැතුව මැරෙන්නට සිදු වනු ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 19 May 2022
‘මන්ත්‍රීවරුන්ට අඩුවට ඉන්ධන දෙන්නේ නෑ‘ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අඩු මිලට ඉන්ධන ලබා දීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 19 May 2022
වඳුරු උණ ඇමෙරිකාවට යුරෝපා රටවල් කීපයක මෙන්ම, කැනඩාවේත්, ව්‍යාප්ත වන වඳුරු උණ වයිරසය ඇමෙරිකාවට පැමිණ ඇතැයි ඇමෙරිකන් වසංගත රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය පැවැසීය. 19 May 2022
අලුත් මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු ලෙස ජගත් සමරවීර මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 19 May 2022
ඉන්ධන පෝලිමක වාහන 6ක් අනතුරට ලක්කළ අයි.පී අත්අඩංගුවට බුස්ස ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන ලබා ගැනිම සදහා පෝලිමේ තිබු ත්‍රිරෝද 5කට හා මෝටර් රියක් අනතුරකට ලක්කොට එක් අයෙකුට තුවාල සිදුකිරිම සම්බන්දයෙන් පොලිස් පරික්ෂකවරයෙකු අද (19) අත්අඩංගුවට ගත්බැව් රත්ගම පොලිසිය පවසයි. 19 May 2022
නිරිත දිග මෝසම ඇරැඹෙයි නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 19 May 2022
දුමින්දගේ පිස්තෝලයත් සේමසිංහගේ පවුම් 60ක් උස්සලා හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ නිවසේ තිබු බ්‍රවුනින් වර්ගයේ පිස්තෝලය ද උතුරු මැද පළාත් සභාවේ හිටපු අමාත්‍ය එච්.බී.සේමසිංහ මහතාගේ නිවසේ තිබු පවුම් 60 ක රන් ආභරණද ගිනි තබන්නට ආ පිරිස් සොරා ගෙන ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි. 18 May 2022
පාර්ලිමේන්තුවට ආ සී.අයි.ඩීය මන්ත්‍රීවරුන් හතරකගෙන් ප්‍රශ්න කරයි කොළඹ අරලියගහ මන්දිරය සහ ගාලු මුවදොර පිටිය අසල සිදුවූ ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් වන රෝහිත අබේගුණවර්ධන සහ සී බී රත්නායක යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිවු දෙනකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායමක් ඊයේ(18) උදේ ප්‍රශ්නකර ප්‍රකාශ සටහන් කර ගත්තේය. 18 May 2022
සා.පෙළ සිසුන්ට අමතර බස් රථ මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් අමතර බස් රථ යොදවන බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසීය. 18 May 2022
ඉන්ධන විරෝධයක් කැස්බෑවත් වහයි ඉන්ධන ලබා දෙන බවට පොරොන්දු වූ කැස්බෑව ඉන්ධන හලකින් පෙට්‍රල් ඉන්ධන නොදීම සම්බන්ධයෙන් උරණ වූ පාරිභෝගිකයෝ කැස්බෑව නගරය හරස් කර සිය විරෝධය දැක්වූහ 18 May 2022
නිර්පාක්ෂික රජයක් වෙනුවෙන් අගමැති මනූෂ සහ හරීන්ගේ සහාය පතයි නිර්පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන්ගේ සහයෝගය අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන් වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දෙයි. 18 May 2022
සනත්-මිලාන් 25 තෙක් රිමාන්ඩ් ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවති සාමකාමී විරෝධතා ව්‍යාපාරයට පහර දුන්නැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත මිලාන් ජයතිලක යන මහත්වරුන් ලබන 25 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (18) නියෝග කළේය. 18 May 2022
හෙටත් පැය 4 කට ආසන්න විදුලි කප්පාදුවක් විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (19) දිනයේ පැය 3 යි මිනිත්තු 40 ක් විදුලි කප්පාදු කරන බව විදුලිබල මණ්ඩලය මහතා පැවසීය. 18 May 2022
අගමැතිතුමා රාජපක්ෂවරුන්ගේ රැකවලෙක් වෙන්න යනවාද? අගමැතිතුමා රාජපක්ෂවරුන්ගේ රැකවලෙක් වෙන්න යනවාද? එහෙම නැතිනම් ජනතාවගේ රැකවලෙක් වෙන්න යනවාද කියා ප්‍රශ්නයක් තිබෙන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේ දී අද (18) පැවසීය. 18 May 2022
ගාලු පාර වැල්ලවත්තෙන් වහයි භූමිතෙල් ලබාදෙන ලෙසට ඉල්ලා වැල්ලවත්ත රාම ක්‍රිෂ්ණා පාර ආසන්නයෙන් ගාලු පාර අවහිර කරමින් වැල්ලවත්ත ප්‍රදේශයේ ජනතාව මේ වන විට විරෝධතාවයක නියැලෙයි. 18 May 2022
අනුර කුමාරට පොහොට්ටුවෙන් දෝස්මුරයක් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය දිනවල ඇති වූ ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අදහස් දැක්වූ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් ඔහුගේ කතාවට දිගින් දිගටම බාධා එල්ල කිරීම නිසා පාර්ලිමේන්තුවේ දැඩි නොසන්සුන් තත්වයක් අද (18) පස්වරුවේ ඇතිවිය. 18 May 2022
විජයග්රහනය සැමරුට ත්‍රිවිධ හමුදාවේ 14,401 ට උසස්වීම් 13 වැනි විජයග්රහන ජාතික රණවිරු සැමරුම උත්සවය ට සමගාමීව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිළයින් 14,401 දෙනෙකු උසස් කර ඇති බව හමුදාව පවසයි. 18 May 2022
කොළඹ ප්‍රදේශ කීපයකට පැය 10 ක ජල කප්පාදුවක් ජලය බෙදාහැරීමේ පද්ධතියේ අත්‍යාවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් කොළඹ නගර සභා බල ප්‍රදේශයේ කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවල මේ මස 21 වැනිදා (සෙනසුරාදා) රාත්‍රී 10.00 සිට පසුදින (22 වැනිදා) පෙරවරු 8.00 දක්වා පැය 10 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 18 May 2022
රජිව් ගාන්ධි ඝාතකයාට නිදහස රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳි ඒ.ජී පෙරරිවාලන් වසර 31 කට පසු නිදහස් කරන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) නියෝග කළේය. 18 May 2022
‘ලංකාවේ ණය ගෙවන්න ඩොලර් නෑ‘ ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය ඩොලර් බිලියනයක් වුවත් බිලියන 10ක් වුනත් ඒවා ගෙවන්නට ලංකාව සතුව ඩොලර් මිලියනයක් වත් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (18) පැවසීය 18 May 2022
‘‘කොටි එනවෝ‘‘ කියා ගැමියන් බය කළ හතක් අල්ලයි කොටි ත්රස්තවාදීන් පහර දෙන බවට අම්පාර නවගිරියාව කැලයේ සිට කෑ ගසා ගම්වාසීන් බියට පත්කොට මහත් කල බැගෑනියක් ඇති කළ බව කියන පුද්ගලයන් හත් දෙනකු අද මධ්‍යම රාත්‍රියේ අත් අඩංගුවට ගත් බව බක්කිඇල්ල පොලීසිය පවසයි. 18 May 2022
ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ සජබ අයට දඬුවම් සමගි ජන බලවේගයේ අය ප්රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ නම් තරාතිරම නොබලා ඔවුන්ට විරුද්ධව පරීක්ෂණ කර නිසි පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද (18) පැවසීය. 18 May 2022
බ්‍රිතාන්‍ය ප්‍රාදේශිය ඡන්දෙන් මුසම්මිල් දියණියට ජය කොළඹ හිටපු නගරාධිපති සහ ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතාගේ දියණිය ශස්නා මුසම්මිල් මහත්මිය බ්‍රිතාන්‍ය ප්‍රාදේශීය මැතිවරණයෙන් ජයග්‍රහණය කළාය. 18 May 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026