දේශබන්දු සී.අයි.ඩීයට කොල්ලුපිටිය හා ගාලුමුවදොර නිර්පාක්ෂික විරෝධකාකරුවනට ඉකුත් 9 වැනි දා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. 17 May 2022
’’භීෂණයේ බීජ වැපිරුවේ අරලියගහ මන්දිරයයි’’ භීෂණයේ බීජ වැපිරුවේ අරලියගහ මන්දිරයෙන් යැයිද අද එම බීජ වල ඵල නෙළා ගන්නට වරුන්ට සිදුවී ඇතැයි ද ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා (සජබ) පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය. 17 May 2022
නියෝජ්‍ය කතානායක කමට කාන්තාවක් පත් කළා නම් මම කැමතියි නියෝජ්‍ය කථානායක ලෙස කාන්තාවක් තෝරා ගත්තා නම් තමා කැමති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (17) පැවසීය. 17 May 2022
ජනපතිට අප්‍රසාදය පළ කෙරෙන යෝජනාව විවාදයට ගැනීම කල් යයි ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීම කල් ගියේය 17 May 2022
ඉන්ධන නැව් හතරක් ඉදිරි දෙසතියේ මෙරටට ඩීසල් සහ පෙට්‍රල් නෞකා හතරක් ඉදිරි දින 15 ක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 17 May 2022
හෙටත් පැය 4කට ආසන්න විදුලි කප්පාදුවක් විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (18) දිනයේ පැය 3 යි මිනිත්තු 40 ක් විදුලි කප්පාදු කරන බව විදුලිබල මණ්ඩලය මහතා පැවසීය. 17 May 2022
නීතිඥවරු අලුත්කඩේ උසාවිය ඉදිරිපිට උද්ඝෝෂණයක ගෝල්ෆේස් සාමකාමී අරගලයට පහරදුන් දේශපාලන මැර නඩය වහා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් නීතිඥවරුන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් කොටුව අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට අද (17) දැන් පැවැත්වේ 17 May 2022
මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන කතානායකගෙන් ප්‍රකාශයක් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට විවිධ පියවර ගෙන ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවැසීය. 17 May 2022
රුපියල ගණන් උස්සයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයේ අද (17) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශත 25 කින් පහළ ගියේය. 17 May 2022
මේ බෙදෙන්නට කාලය නොවේ මේ බෙදෙන්නට කාලයක් නොව සියලු මන්ත්‍රීවරුන් එකතු වන්නට කාලය යැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 17 May 2022
කළහාකාරි සිද්ධීන්වලට 664ක් අත්අඩංගුවට අරලියහග මන්දිරය හා ගාලුමුවදොර අරගල කරුවන්ට පහර දීම සහ එම සිද්ධියෙන් පසු දිවයින පුරා සිදු වු ප්‍රචණ්ඩක්‍රියා වලට සම්බන්ධ සැකකරුවන් 664 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. 17 May 2022
මන්ත්‍රීවරු දෙදෙනකුගෙන් මාධ්‍යවේදීන් දෙදෙනකුට පාර්ලිමේන්තුවේදී හිරිහැර පාර්ලිමේන්තුවේ කමිටු කාමරයක් අසලදී අද (17) උදෑසන වීඩියෝ දර්ශන ලබා ගනිමින් සිටි මාධ්‍යවේදීන් දෙදෙනකුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු විසින් පරුෂ වචනයෙන් බැණ වැදී පහරදීමට තැත් කර ඔවුන්ගේ ජංගම දුරකථන උදුරා ගනු ලැබ ඇතැයි වාර්තා වේ. 17 May 2022
පාර්ලිමේන්තුවේ තවත් ඡන්දයක් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත් හිටු වීම සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කළේය. 17 May 2022
නීතිපතිගේ උපදෙස් පිළිපදින්න අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවට පහර දීමට අදාලව නීතිපතිවරයා විසින් ලබා දී ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙසට පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජය පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇත. 17 May 2022
නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ලෙස හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා වැඩි ඡන්ද 30කින් තේරී පත් විය. 17 May 2022
මන්ත්‍රී ජීවිත හා දේපළ රකින්න විශේෂ වැඩපිළිවෙළක් හදන්න වත්මන් අර්බුදකාරී තත්ත්වය නිසා මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණීම තර්ජනයක් වන හෙයින් සියලු මන්ත්‍රීවරුන්ගේ දේපොළ සහ දේපළ සහ ජීවිත ආරක්ෂා කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් යොදන ලෙස පොලිස්පතිට සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 17 May 2022
නියෝජ්‍ය කතානායක ඡන්ද විමසීම ඇරඹේ නියෝජ්‍ය කතානායකවරයා තෝරා පත්කර ගැනීම සඳහා ඡන්ද විමසීම ආරම්භ විය. ඡන්ද විමසීම කාර්යයක්ෂම කිරීම සඳහා ඡන්ද පෙට්ටි දෙකක් සභාගර්භයේ තබන ලෙස කතානායකවරයා දැනුම් දුන්නේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පළමු ඡන්දය ප්‍රකාශය කළේය. 17 May 2022
නියෝජ්‍ය කථානායක පත්කර ගැනීමට ඡන්දයක් අවශ්‍යයි සභා රීති අනුව නියෝජ්‍ය කථානායක ධුරය පත්කර ගැනීම සඳහා නම් දෙකක් ඉදිරිපත් වූ හෙයින් ඡන්දයක් පැවැත්වීමට අවශ්‍ය බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය. 17 May 2022
නී.කතානායක ඡන්දයට මන්ත්‍රී ලන්සා විරෝධය නියෝජ්‍ය කථානායක ධුරය තේරීම සඳහා රුපියල් මිලියන ගණනක මුදලක් වැය වන හෙයින් පක්ෂ නායකයන් රැස්කොට තීරණයක් ගන්නා ලෙස ද එසේ නැතිවුවහොත් ඡන්ද විමසීම වර්ජනය කර එළියට යන බවද ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලංසා මහතා(පොපෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 17 May 2022
අරගල කරුවන්ට පහර දුන්නැයි හිටපු පළාත් සභා මන්ත්‍රී ඇතුළු 3ක් අත්අඩංගුවට අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර සිටි අරගල කරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන අමල් සිල්වා ඇතුළු තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 17 May 2022
පොල්දූව හන්දියේ පාර්ලිමේන්තු පිවිසුම වහයි දියත උයන අසල පොල්දූව හන්දියේ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය වසා ඇති බව පොලිසිය පවසයි. 17 May 2022
අකුණු අනතුරු-තද සුළං ගැන අනතුරු අගවයි බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 17 May 2022
‘‘අරගලයට පහරදුන් මැරයන් අල්ලනු‘‘ ගාලුමුදොර අරගලයට පහර දීමට මුල් වු මහින්ද රාජපක්ෂ ඇතුලු පිරිස සතියක් ඇතුළත අත්අඩංගුවට ගන්නා ලෙසට පොලිස්පතිවරයාට බලකරමින් සහ සමාජවාදී තරුණ සංගමය පාගමනින් පොලිස්පතිවරයාට ලිපියක් බාර දීමට පොලිස් මුලස්ථානයට අසලට පැමිණීම හේතුවෙන් පොලිස් මුලස්ථානය ඉදිරිපිට අද (16) උණුසුම් තත්ත්වයක් හටගත්හ. 16 May 2022
අභියෝගය බාර ගත්තේ අනාගතය බේරා ගන්න අභියෝගය භාර ගත්තේ පවුලක් හෝ කණ්ඩායමක් බේරා ගැනිම නොව මුළු රටේම ජනතාව මෙන්ම තරුණ පරපුරේ අනාගතය බේරාගැනීම සඳහා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද පැවසීය. 16 May 2022
‘‘අනතුරුදායක අභියෝග ජයගන්න සහාය දෙන්න‘‘ රට අනතුරට වැටී ඇති මොහොතේ තමා බාරගත් අනතුරුදායක අභියෝගය ජය ගැනීම සඳහා සැමගේ සහයෝගය ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද(16) පැවසීය. 16 May 2022
‘‘පාඩු ලබන ගුවන් සේවය පුද්ගලීකරණය කළ යුතුයි‘‘ දැඩි ලෙස අලාබ ලබමින් සිටින ශ්‍රී ලංකන් ගුවන් සේවය පුද්ගලීකකරණය කිරීමට තමා යෝජනා කරන බවත් 2020 - 2021වර්ෂයේ පමණක් ශ්‍රි ලංකන් ගුවන් සේවයේ පාඩුව රුපියල් බිලියන 45ක් වන අතර 2021මාර්තු 31 වන විට එහි සමස්ත පාඩුව බිලියන 372ක් බවත් අග්‍රාමාත්‍යවරයා කීය. 16 May 2022
‘‘මා අගමැතිකම ඉල්ලා සිටියේ නෑ‘‘ තමා කිසි විටෙක අගමැති ධූරය ඉල්ලා සිටියේ නැතැයි ද රටේ ඇතිවී තිබූ අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනාධිපති කළ ආරාධනයකට අනුව ධූරය බාර ගත් බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. 16 May 2022
සාමකාමී උද්ඝෝෂකයන්ට පහරදුන්නාට හිටපු ඇමැතිවරු ඇතුළු 22ක් අල්ලන්නැයි නීතිපතිගෙන් උපදෙස් සාමාකාමී උද්ඝෝෂකයින් සිටිනි මයිනා ගෝ ගමට’ සහිගෝඨා ගෝ ගමට’ පහර දීමේ සිද්ධීන් වලට සම්බන්ධ හිටපු ඇමතිවරු ඇතුළු 22 දෙදෙනකු වහාම අත්අංඩගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතීපතිවරයා පොලිස්පතිවරයාට සහ රහස් පොලිසිය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට අද ලිඛිතව උපදෙස් දී ඇත. 16 May 2022
අනිද්දා සිට දිනකට ගෑස් සිලින්ඩර 80,000ක් මෙම මස 18 වැනිදා (අනිද්දා) සිට ලිට්රෝ ගෑස් සිලින්ඩර 80,000 බැගින් දෛනිකව සපයන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ඉන්ජිනේරු විජිත හේරත් මහතා පැවසීය. 16 May 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026