(සුජිත් හේවාජුලිගේ)
විදුලිය බිල සියයට 70 කින් වැඩි වුවහොත් මුළු නිෂ්පාදන ක්ෂේත්‍රයම කඩා වැටිය හැකි හෙයින් විදුලිය ගාස්තු සංශෝධනය කිරීමේ තීරණය ආපස්සට හරවා ගන්නා ලෙස මැති ඇමැතිවරුන් ගණනාවක් ජනාධිපතිවරයාගෙන් දැනටමත් ඉල්ලීමක් කර ඇත.
ඇමැතිවරුන් තවත් පිරිසක් මීළඟ කැබිනට් මණ්ඩල රැස්වීමේදීද විදුලි බිල වැඩිකිරිමේ තීරණය සම්බන්ධයෙන් විශේෂ ඉල්ලීමක් කිරීමට සූදානම් වන බව රජයේ ආරංචිමාර්ගවලින් පැවසේ.
අපොස උසස් පෙළ විභාගය ලබන මාසයේ පැවැත්වෙන හෙයින් විදුලිය කප්පාදුව හෝ විදුලි බිල වැඩි කිරීම මේ අවස්ථාවේදී නොකළ යුතු බව තමාගේ අදහස යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.
ලබන සතියේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.
විදුලිය ගාස්තු යළි වැඩි කළහොත් නිෂ්පාදන ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා පමණක් නොව භාණ්ඩ මිල දෙගුණයකින් පමණ ඉහළ යා හැකි බව පෙන්වා දෙන මැති ඇමැතිවරු පිරිසක් ජනතාව ආර්ථික අතින් තවත් පහළට ගොස් දැඩි පීඩාකාරී තත්ත්වයකට ඇද වැටිය හැකි බවද ප්‍රකාශ කරති.
විදුලිය ගාස්තු ලබන වසරේ ජනවාරි සහ ජුනි මාසවල දී පියවර 2 කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී රොහාන් සෙනවිරත්න මහතා ආර්ථිකය ස්ථායිකරණයට අදාල කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වන ජාතික සභා අනුකමිටුවේදී පැවසීය.
විදුලිබල මණ්ඩලයේ පාඩුව පියවා ගැනීමට විදුලි බිල සියයට 70කින් පමණ වැඩි කළ යුතු බව එම මණ්ඩලයේ ප්‍රධානීන්ගේ අදහස වී ඇත.
2025 දෙසැම්බර් මස 04
757
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
570
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආණ්ඩුවට විදුලි සැර වදීද?
Sunil Saturday, 03 December 2022 10:14 AM
ඇමැතිගේ අදහස නම් විදුලිබල මණ්ඩලයට හිතුමතේ වියදම් කරන්න දීලා හැම මුදලක්ම රටේ ජනතාවගෙන් අයකරගන්න. විදුලි බිල මෙලෙස ඉහළ නැංවුවොත් රටේ කර්මාන්ත සහ ජනජීවිතය අඩාල වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. පුදුමය නම් විදුලි ගාස්තු ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබීමයි.
sanjeewa Saturday, 03 December 2022 11:15 AM
විදුලි බල මණ්ඩලේ අනවශ්‍ය වියදම් කපාහරින්න.
කිරිපුතා Saturday, 03 December 2022 11:21 AM
මණ්ඩලයේ අය හොරකම් කරන ඒවයි හොරාට එක එක දීමනා , අතිකාල ලබාගන්න ඒවයි සේරම ජනතාව පිටින් දාන්නයි හදන්නේ .ජලවිදුලිය නිකම්ම හම්බවෙන එක. ඒවා වැඩි දියුණු කරන්න, සූර්ය බලශක්තියෙන් විදුලිය නිපදවන්න , සුලං බලය පාවිච්චි කරන්න කාටවත් අදහසක් නෑ. හොරා කන්න , කොමිස් ගන්න තමයි හැම කෙනෙක්ම මාන බලන්නෙ.
මොට්ටපාල Saturday, 03 December 2022 11:52 AM
ඇමතිලා කියන්නේ මෝඩයින් පිරිසක්ද කියලා හිතෙනවා. මොකද කැබිනට් එකේ නැත්නම් ඇමැති මණ්ඩලයේ අනුමැතිය දීලා නේද විදුලි ගාස්තු වැඩිකරන්න තීරණය කළේ...? එහෙම නම් ඇමතියෝ ඒක කියවලා නොවෙයිද අනුමැතිය සඳහා අත්සන් කළේ. කැබිනට් පත්‍රිකා අනුමත කරන්නේ සාකච්ඡා කරලා නොවෙයිද? නැත්නම් මොකද කාලය කකා නැවතත් ඉල්ලීම කරන්නේ කියලා තෝරා දෙන්න...!
සිල්වා Saturday, 03 December 2022 07:06 PM
විදුලිසැර පමණක් නොව අකුණු සැරත් වදීවි මෙහෙම අපරාධ කරන කොට...