
(නිමන්ති රණසිංහ)
බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ඡාලගත වකුගඩු ඡාවාරමට අදාළව එක්කෝටි හැට ලක්ෂයක මුදලකට වෘෂණ කෝෂ විකිණීමේ ඡාවාරමක් සම්බන්ධයෙන් ද කරුණු අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසෙයි.
මහා පරිමාණ වකුගඩු ඡාවාරම සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව සාක්ෂි සටහන් කර ගැනීමේ දී මෙම කරුණු හෙළිවී ඇතැයි එම ආරංචි මාර්ග සදහන් කරයි.
බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි තරුණයකුගෙන් එක් වෘෂණ කෝෂයක් රුපියල් එක්කෝටි හැට අට ලක්ෂයකට මිලදී ගැනීම සඳහා සියල්ල සුදානම් කර තිබියදී වකුගඩුදායකයින් සඳහා මුදල් නොගෙවීම හේතුවෙන් එම තැනැත්තා සිය වෘෂණ කෝෂය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇතැයි පොලීසිය පවසයි.
බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මෙම වෘෂණ කෝෂ දායකයාට අදාළ රෝහල සම්බන්ධ කර ඇති බවත් සැත්කම සදහා දින නියම කර තිබියදී මුදල් ලබා නොදීම පිළිබද ඇතිවූ සැකය හේතුවෙන් ඊට අකමැති වී ඇති බවත් පොලිසිය සදහන් කරයි.
මෙම වකුගඩු සහ වෘෂණ කෝෂ ඡාවාරම ඡාලගතව සිදුවන එකක් වන අතර, මෙරට සිටින ඡාවාරම්කරුවන් මෙන්ම විදේශීය ඡාවාරම්කරුවන් කිහිප දෙනකුද ඊට සම්බන්ධවී ඇති බවට මේ වන විට කරුණු හෙළිවී ඇති බව ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ලංකාවේ ජීවත් වෙන්න මිනිස්සුන්ට හැමදේම විකුණන්න වෙලා. ඒ නිසා පාර්ලිමේන්තුවේ අනුමත වෙන දේවල් වගේම මේකත් නීතිගත කරන්න.
හිරුණිකා මෙයට සම්බන්ධ නැතිබව අපගේ විශ්වාසයයි...!
මේවගේ වැඩ රජයේ විද්ද විද්‍යාලයෙන් සමත් අය කරන්නේ නැහැ. මේකත් පුද්ගලික විද්ද විද්‍යාලේ අයගේ වැඩක්.
මොනම ක්‍රමේකින්වත් සල්ලි කීයක්වත් හොයාගන්න බැරි වෙලාවට, "දැන්නං ඉතිං මේක විකුණන්න තමයි තියෙන්නේ" කියලා අපි ඒ දවස්වල කිව්වේ කොමිටලේට... කාලය මැව් වෙනසක අරුමේ...!
දැන් ඉතින් ඒකත් නැතුව ඉන්න වෙන්නේ...
ඕක විකුණලා ඔච්චර මුදලක් ගන්න පුළුවන් නම් මමත් කැමැතියි. මට මොවුන්ව සම්බන්ධ කරගත හැකි ආකාරය කියන්න. මේ රටේ ජීවත් වෙන්න අවශ්‍යතා ටික පිරිමහගන්න ඕකවත් විකුණනවා හැර වෙන විකල්පයක් නැහැ.
මීට වඩා ලාබෙට මට දෙන්න පුළුවන්...
දෙවියන්ට ස්තුති වේවා...!!! අපටත් දැන් කෝටි ගණනකට විකුණාගන්න යමක් තියනවා. හුරේ...