
(ටී.කේ.ජී.කපිල)
2022 - හතර වන ලෝක කුසලාන සූපවේදී තරගාවලියට (Calinary World Cup - 2022 ) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලාංකික සූපවේදීන් එකොළොස් දෙනකු රන් පදක්කම් 06 ක්,රිදී පදක්කම් 06 ක් සහ ලෝකඩ පදක්කම් 09 ක් දිනා අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් දිවයිනට පැමිණියහ.
සෑම වසර හතරකටම වරක් පවත්වන මෙම තරගාවලියට මෙවර රටවල් 55 ක් නියෝජනය කරන සූපවේදීන්ගේ සහභාගීත්වයෙන් ලක්සම්බර්ග් හිදී නොවැම්බර් 19 සිට නොවැම්බර් දක්වා පැවැත්විණි
මෙම තරගාවලිය තුළ උණුසුම් ආහාර සැකසීම ( Hot Cooking ) සහ ප්‍රේස්ට්‍රි (Pestri ) යන අංශ වල ආහාර පිළියෙල කිරීමේ ඉසව්වලදී වැඩි දක්ෂතා පෙන්නුම් කළ බව මෙම ශ්‍රී ලාංකික සූපවේදී කණ්ඩායමේ නායක දිමුතු කුමාරසිංහ මහතා ගුවන් තොටුපළේ දී පැවසීය .
එසේම මෙම ජයග්‍රහණයන් ලෝකයේ සංචාරකයන්ගේ අවධානය ශ්‍රී ලංකාව වෙත දිනා ගැනීමට හේතු වන බැවින් මෙම ජයග්‍රහණයන් අනාගතයේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නගා සිටුවීමට බෙහෙවින් උපකාර වන බව ද දිමුතු කුමාරසිංහ මහතා පැවසීය .
මෙම තරගාවලිය නියෝජනය කිරීම සදහා සහභාගී වූ ශ්‍රී ලාංකික සූපවේදීන් අතර එයිට්කන් ස්පෙන්ස් හෝටල් සමූහය නියෝජනය කරන සූපවේදීහු 07 දෙනෙක් , ෂැංග්‍රිල්ලා හෝටලය නියෝජනය කරන සූපවේදීහු තිදෙනෙක්ති සහ බාරෝස් හෝටලය නියෝජනය කරන එක් සූපවේදියෙක් සහභාගී වූහ .

2025 දෙසැම්බර් මස 04
757
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
570
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලෝක සුපවේදී තරගයෙන් ලංකාවට සම්මාන ගොඩක්
alwis Sunday, 04 December 2022 04:00 AM
ජය වේවා! ලංකාවේ කොච්චර දක්ෂ අය ඉන්නවා කියලා ද හිතෙනේවා . තව පුළුවන් තරම් හෝටල් ඉස්සරහ උද්ගෝෂණය කරපල්ලා . එතකොට ඔය ඉන්න දක්සොයෝ ටිකත් රට හැරලා යාවි .