IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


දේශබන්දුට එරෙහි පැමිණිල්ල අධිකරනයේදී විසිවෙයි

(නිමන්ති රණසිංහ)

අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොරදී සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් රාජකාරිය පැහැරහැරීමේ චෝදනාව මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඉරිපත් කර තිබූ පුද්ගලික පැමිණිල්ලක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (02) නිෂ්ප්‍රභ කළේය.

පැමිණීල්ල සනාථ කිරීමට තරම් කරුණු අධිකරණයට ඉදිරිපත් නොකිරීම හේතුවෙන් වගඋත්තරකරුට එරෙහිව මෙම නඩුව පවත්වාගෙන හා නොහැකි බවට තීරණය කළ මහේස්ත්‍රාත්වරයා මෙම පුද්ගලික පැමිණීල්ල එසේ නිශ්ප්‍රභ කළේය.

අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවති “මයිනා ගෝ ගම” දී පහර කා බරපතළ තුවාල ලබා රෝහල් ගතකර සිටි සෙයිඩ් මොහොමඩ් නියාස් මව්ලානා නමැති ව්‍යාපාරිකයෙකු වන නීතීඥ අචලා සෙනවිරත්න මෙනවිය මඟින් මෙම පෞද්ගලික පැමිණිල්ල ඉකුත් මැයි මස 11 වැනිදා අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

තමා ඉකුත් මැයි මස 9 වැනිදා මයිනා ගෝ ගම දී සිදුවූ සිද්ධියේදී  දරුණු ලෙස පහර කෑමට ලක්ව තුවාල ලබා රෝහල් ගත කළ බවත් බස්නාහිර පළාත භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය රාජකාරී නිසි අයුරින් ඉටු කළේ නම් තමන් එලෙස පහර කෑමට වෙනස් නොවනු ඇති බවත් පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් ඉදිරිපත් කර තිබිණ .



අදහස් (6)

දේශබන්දුට එරෙහි පැමිණිල්ල අධිකරනයේදී විසිවෙයි

sharm warn Friday, 02 December 2022 04:37 PM

මෙ අපරාධ කාරයව සුරකින සියලු දෙනා. . පරිස්සමින් ඉන්න.. ඔහෙලගෙ අසික්ත වැඩ වලට විපාක ලැබෙන්න තව වැඩි කාලයක් යන්නෙ නෑ. .

:       9       68

චින්තාමණි Saturday, 03 December 2022 12:08 AM

ඔව්, ඒ වගේම ඔය දේශබන්දුවා තවත් මෙහෙ තියාගත්තොත් රටේ මිනිස්සුන්ට මහා කරදරයක් වෙනවා, ඒකාව හිරේ දැම්මත් ඒකාට කන්න දෙන්න , බෙහෙත් දෙන්න ..වගේ හැමදෙයකටම වියදම් වෙන්නේ මහජන මුදල්. ඒනිසා ඕකාව අහුවුන මුල් වතාවෙම පරලොව යවමු. මිනිහාට අපායේ ලෝදිය හැලියක් ලැහැස්තියිලු.

:       25       26

BamunuarachchiSaturday, 03 December 2022 06:44 AM

අරගල කරලා ගුටිකාවා මදිවට නඩුත් දාලා. අද කෝ අරගලකාරයෝ . ගහලා මදි අඬු කඩන්න ඕනේ.

:       42       5

Perera Friday, 02 December 2022 11:14 PM

ජනතාධිකරණය දේශබන්දු කවුද කොහොම කෙනෙක්ද කියලා තීන්දුව දීලා බොහෝ කල්

:       3       39

Rata Perata Saturday, 03 December 2022 01:12 AM

තවමත් සපත්තු ලෙවකන අයගේ වෙනසක් නෑ වගේ...!

:       0       15

BamunuarachchiSunday, 04 December 2022 06:13 AM

අරගලකාරයින්ගේ කෙරුවාව හෙළිවෙලා තිබෙන්දීත් උන්ගේ සපත්තු ලෙවකමින් රට පෙරට ගෙනියන්න හදන අය ඉන්නවා.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 757 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 570 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site