(නිමන්ති රණසිංහ)
අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොරදී සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් රාජකාරිය පැහැරහැරීමේ චෝදනාව මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඉරිපත් කර තිබූ පුද්ගලික පැමිණිල්ලක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (02) නිෂ්ප්‍රභ කළේය.
පැමිණීල්ල සනාථ කිරීමට තරම් කරුණු අධිකරණයට ඉදිරිපත් නොකිරීම හේතුවෙන් වගඋත්තරකරුට එරෙහිව මෙම නඩුව පවත්වාගෙන හා නොහැකි බවට තීරණය කළ මහේස්ත්‍රාත්වරයා මෙම පුද්ගලික පැමිණීල්ල එසේ නිශ්ප්‍රභ කළේය.
අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවති “මයිනා ගෝ ගම” දී පහර කා බරපතළ තුවාල ලබා රෝහල් ගතකර සිටි සෙයිඩ් මොහොමඩ් නියාස් මව්ලානා නමැති ව්‍යාපාරිකයෙකු වන නීතීඥ අචලා සෙනවිරත්න මෙනවිය මඟින් මෙම පෞද්ගලික පැමිණිල්ල ඉකුත් මැයි මස 11 වැනිදා අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
තමා ඉකුත් මැයි මස 9 වැනිදා මයිනා ගෝ ගම දී සිදුවූ සිද්ධියේදී දරුණු ලෙස පහර කෑමට ලක්ව තුවාල ලබා රෝහල් ගත කළ බවත් බස්නාහිර පළාත භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය රාජකාරී නිසි අයුරින් ඉටු කළේ නම් තමන් එලෙස පහර කෑමට වෙනස් නොවනු ඇති බවත් පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් ඉදිරිපත් කර තිබිණ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙ අපරාධ කාරයව සුරකින සියලු දෙනා. . පරිස්සමින් ඉන්න.. ඔහෙලගෙ අසික්ත වැඩ වලට විපාක ලැබෙන්න තව වැඩි කාලයක් යන්නෙ නෑ. .
ජනතාධිකරණය දේශබන්දු කවුද කොහොම කෙනෙක්ද කියලා තීන්දුව දීලා බොහෝ කල්
තවමත් සපත්තු ලෙවකන අයගේ වෙනසක් නෑ වගේ...!