IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මණ්ඩලය විදුලි ගාස්තු ඉහළ දැමීමට සූදානම්

 

(යොහාන් භාසුර)

විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා වන ගණනය කිරීම් මේ වන විට ක්‍රියාත්මක වන බවත් විදුලි ගාස්තු ඉහළ දැමීමට අනුමැතිය හිමිවූ කැබිනට් පත්‍රිකාව ලැබුණු පසු එහි නිර්දේශ අනුව කටයුතු කරන බවත් විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් අද (2) පැවසීය.

ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව මේ දක්වා විදුලිබල මණ්ඩලයට ලැබී නොමැති බව කී එම නිලධාරියා එය නිලවශයෙන් ලැබීමට තවත් දින කීපයක් ගතවනු ඇති බව ද සඳහන් කළේය.

විදුලි ගාස්තු ඉහළ දැමීමට විරෝධතා යොමු වුවද රජයේ තීරණය ක්‍රියාත්මක කිරීමට විදුලිබල මණ්ඩලය බැදී සිටින බව කී එම නිලධාරියා සඳහන් කළේ විදුලි ගාස්තු ඉහළ දැමීම හිටිහැටියේ කළ නොහැති කාර්යක් වීම නිසා සූදානම් වන බවත්ය. 



අදහස් (10)

මණ්ඩලය විදුලි ගාස්තු ඉහළ දැමීමට සූදානම්

චන්දන Friday, 02 December 2022 08:06 PM

මැති ඇමැතිවරු විදුලි බිල ගෙවන්නේ නැහැ වගේම මින් ඉදිරියට පාරිභෝගික ජනතාව බිල් ගෙවන එකක් නැහැ. හැබැයි ලයිට් කපන්න ආවොත් ඉතුරු ටිකත් ජනතාව බලාගනීවි.

:       8       19

සම් වන් Friday, 02 December 2022 08:23 PM

කොහොමද ගෙවන්නේ...? කල්පනා කරපල්ලා, මේ තීරණ ගන්න ඈයෝ වගේ අපිටත් හොරකම් කරන්න කියලද කියන්නේ..? ඔවුන් හොරකම් කරලාත් ගෙවලා නෑ. පක්ෂ විපක්ෂ දෙගොල්ලෝම... අපිට ආදායම් ගොඩක් අඩුයි. වියදම් අහස උසට, කවදා වෙනකන් මේ කරුමේ ගෙවන්නද? හැම මාසෙම අනිත් අයට ණය වෙනවා. කවදා කොහොම ගෙවන්නද? ගෙදර දොරේ කිසිඳු වටිනාකමක් ඇති බඩු නෑ. ඕකයි තත්වේ... මොවුන් තීරණ ගන්නේ සීතල කාමරවල ඉඳන්...

:       1       19

ගමගේ Friday, 02 December 2022 08:41 PM

අද දවසට රුපියල් 1000ක් හොයන මනුස්සයෙක් පරිප්පු කිලෝ 1කට වියදම් කරන මුදලම තමයි දවසට ලක්ෂයක් හොයන මනුස්සයත් වියදම් කරන්නේ, බදු ප්‍රතිපත්තිය වෙනස් කරන්න වෙන නිදසුනක් අවශ්‍යද...? හොරකම් කරන්න හොඳට මොලය පාවිච්චි කරනවා, මේ තීරණ ගන්න අයට මේ රටේ කොච්චර දුප්පත් මිනිස්සු ඉන්න රටක් බව තේරුම් ගන්න බැරිද? ඒක පුද්ගල ආදායමට වියදම් හදලා තියෙන්නේ, කෝටියක් උපයන කෙනෙක් වියදම් කරන මුදලම 25000ක් උපයන කෙනෙක්ට වියදම් කරන්න බැරිබව මේ තීරණ ගන්න අයට තේරුම්ගත නොහැකි ඇයි?

:       2       18

de silva Friday, 02 December 2022 09:01 PM

මුලින්ම විදුලිබල මණ්ඩලයේ වංචා, දූෂණ, හොරකම් නවත්වන්න. එහෙම නැතිව ඔක්කොම පවු අපේ කරපිට පටවන්න ආවොත් කුපිතවන ජනතාව මොවුන්ට මහමග දමාගෙන පහර දෙනු ඇත...

:       0       16

saman Friday, 02 December 2022 10:34 PM

පළමුව දේශපාලුවන්ගෙන් අයවීමට ඇති විදුලි බිල් අයකර ගන්න

:       0       12

අහිංසක Saturday, 03 December 2022 04:35 AM

මණ්ඩලයේ මෙහෙම තීරණ ගැනීමට සූදානම් වෙන අයගෙන් අහන්නෙ මණ්ඩලයේ ඉංජිනේරුතුමන්ලා ලබන සාමාන්‍ය මාසික වැටුප් හා දීමනා කොපමණ වේද ඔවුනුත් නිසියාකාරව විදුලි බිල් ගෙවන්නේද තම තමන්ගෙ වාහන ආදිය කුලියට සපයා ආදායම් නොලබන්නේද මණ්ඩලයේ අයම මණ්ඩලය සදහා විදුලිය සපයා ඉපැයීම නොකරන්නේද.ඔවුන් සතු පුද්ගලික බලාගාර කොපමණ තිබේද .මණ්ඩලයේ අය පුද්ගලික මුදලින් රජයට ගෙවිය යුතු මුදල් මණ්ඩලයේ මුදලින් ගෙවීම් කරනවාද මණ්ඩලය දිගින් දිගටම ඔහොම පාඩු ලබන්නේ ඇයි ආදී ප්‍රශ්න කීපයක් ගැනවත් ජනතාව දැනුවත් කර ඔය වැඩට සූදානම් වෙන්න.

:       0       1

de silva Saturday, 03 December 2022 08:01 AM

මහාපරිමාණ ගල්අඟුරු බලාගාර වලට වියදම් කරපු මුදල් වලින් යම් සහනාධාරයක් දීලා නිවාසවල වහලවල් මත සූර්ය කෝෂ ව්‍යාපෘති ප්‍රචලිත කරා නම් මේ ප්‍රශ්නය මෙච්චර අමාරු වෙන්නේ නැහැ. ගල් අඟුරු ගෙන්වන්න මේ විදියට විදේශ විනිමය වියදම් වෙන්නේ නැහැ. මණ්ඩලේ ඉහළ නිලධාරීන් සහ දේශපාලකයෝ ගල් අඟුරු සහ තාප බලාගාරවලින් විශාල ලෙස කොමිස් ගහන නිසා මේවගේ පුනර්ජනනී ව්‍යාපෘති වලට කැමති නැහැ. විදුලි බිල නැවත වැඩි කරන එක සාධාරණ නැහැ. රජය විදුලි බල මණ්ඩලයේ පාලකයන්ගේ මණ්ඩලයේ පිරිවැය අඩුකරගන්න ප්ලෑන් එකක් ඉල්ලන්න ඕනි. දැන් කලහැකි හොඳම දෙය සූර්ය කෝෂ ලංකාවේ නිපදවියහැකි ආයෝජකයෝ සොයා ඔවුන්ට මෙහේ කම්හල් ඉදිකිරීමට යම් දිරියක් ලබාදීමයි.

:       0       3

sanjeewa Saturday, 03 December 2022 10:57 AM

ලංකාවට අවුරුද්දේ සෑම කාලයකම හොඳින් හිරුඑළිය වැටෙන නිසා මේකට දියහැකි හොඳම දීර්ඝ කාලීන විසඳුම නිවාස වල වහලය මත සවිකළ හැකි සූර්යකෝෂ, ඉන්වර්ටර් සහ බැටරි සහිත කුඩා පද්ධතිය.., නමුත් බලධාරීන් ඒවාට උනන්දු වන බවක් නොපෙනේ...

:       0       2

සුරංග Saturday, 03 December 2022 02:22 PM

මේ අදහස ඉතාමත් නිවැරදියි. මේ කියන ක්‍රමය ක්‍රියාත්මක කළොත් සාර්ථක විසඳුමක් ලබන්න හැකිවේවි. දැනට අලුතින් ඉදිකරන නිවාස සැලසුම් අනුමත කිරීමේදී සූර්ය බලශක්තිය සඳහා අවශ්‍ය උපකරණ සවිකිරීමට කැමැත්ත ඇති අයගේ පමණක් නිවාස හා ගොඩනැගිලි සැලසුම් අනුමත කළයුතුයි..

:       0       0

දිමුත් Saturday, 03 December 2022 11:35 AM

මේ අයට තලන්න ඕනෙ මඩු වලිගෙන්....

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 757 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 570 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site