(යොහාන් භාසුර)

විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා වන ගණනය කිරීම් මේ වන විට ක්‍රියාත්මක වන බවත් විදුලි ගාස්තු ඉහළ දැමීමට අනුමැතිය හිමිවූ කැබිනට් පත්‍රිකාව ලැබුණු පසු එහි නිර්දේශ අනුව කටයුතු කරන බවත් විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් අද (2) පැවසීය.

ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව මේ දක්වා විදුලිබල මණ්ඩලයට ලැබී නොමැති බව කී එම නිලධාරියා එය නිලවශයෙන් ලැබීමට තවත් දින කීපයක් ගතවනු ඇති බව ද සඳහන් කළේය.

විදුලි ගාස්තු ඉහළ දැමීමට විරෝධතා යොමු වුවද රජයේ තීරණය ක්‍රියාත්මක කිරීමට විදුලිබල මණ්ඩලය බැදී සිටින බව කී එම නිලධාරියා සඳහන් කළේ විදුලි ගාස්තු ඉහළ දැමීම හිටිහැටියේ කළ නොහැති කාර්යක් වීම නිසා සූදානම් වන බවත්ය.