(රේඛා තරංගනී ෆොන්සේකා)
විශේෂ ආරක්ෂිත ආරක්ෂක කැමරා පද්ධතිය මගහැර මොරටු විශ්වවිද්‍යාල භුමියට සූක්ෂමව ඇතුලු වී ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිලි පරිශ්‍රයෙන් රුපියල් ලක්ෂ දාහයක ට අධික විදුලි උපාංග සහ විදුලි බල්බ සොරාගත් බව කියන සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය කියයි.
ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයේදී සැකකරුවන් ගබඩා කාමරයට ඉතා සූක්ෂම ලෙස ආරක්ෂක කැමරා මගහැර ඇතුළු වී ඇති බවට මූලික විමර්ශනයේදී හෙළිවූ බව පොලිසිය පවසයි.
ඒ අනුව සැකකරුවන් පිළිබඳව හෝඩුවාවන් සොයා මොරටු පොලිස් අපරාධ පරීක්ෂණ ඒකකය විමර්ශන ආරම්භ කර කළ බව පොලිසිය පැවසීය.
ඒ සඳහා කණ්ඩායම් දෙකක් යොදවා සිදුකළ විමර්ශනයේදී සොරා ගනු ලැබූ විදුලි බල්බ වෙලඳසල්වලට විකුණා තිබූ බව සඳහන් කරන පොලිසිය ඒ අනුව වෙළඳසැල හිමියන් ගෙන් ලැබුණු හෝඩුවාවන් ඔස්සේ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම්ට හැකි වූ බවත් පොලිසිය පැවසීය.
වෙළඳසල්වලට විකුණා තිබියදී එම විදුලි බල්බ පනහකට වැඩි ප්‍රමාණයක් සොයාගනු ලැබූ බව පොලීසිය පැවසීය
සැකකරුවන් කටුබැද්ද සිරිබර මැණිකේපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන් කරන පොලිසිය මොවුන් අධිකව හෙරොයින් අයිස් මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූවන් බව පොලීසිය පැවසීය
2025 දෙසැම්බර් මස 04
757
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
570
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මොරටු සරසවියේ බල්බ් සොරාගත් කුඩුඩෝ මාට්ටු
Lal Saturday, 03 December 2022 09:20 AM
අන්තරේද?
නිහාල් Saturday, 03 December 2022 10:57 AM
ඔහොම වෙන්නේ අමාරුවෙන් මාතෘකාව විතරක් කියවාගන්න පුළුවන් වුණාම...