(රේඛා තරංගනී ෆොන්සේකා)
විශේෂ ආරක්ෂිත ආරක්ෂක කැමරා පද්ධතිය මගහැර මොරටු විශ්වවිද්‍යාල භුමියට සූක්ෂමව ඇතුලු වී ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිලි පරිශ්‍රයෙන් රුපියල් ලක්ෂ දාහයක ට අධික විදුලි උපාංග සහ විදුලි බල්බ සොරාගත් බව කියන සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය කියයි.
ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයේදී සැකකරුවන් ගබඩා කාමරයට ඉතා සූක්ෂම ලෙස ආරක්ෂක කැමරා මගහැර ඇතුළු වී ඇති බවට මූලික විමර්ශනයේදී හෙළිවූ බව පොලිසිය පවසයි.
ඒ අනුව සැකකරුවන් පිළිබඳව හෝඩුවාවන් සොයා මොරටු පොලිස් අපරාධ පරීක්ෂණ ඒකකය විමර්ශන ආරම්භ කර කළ බව පොලිසිය පැවසීය.
ඒ සඳහා කණ්ඩායම් දෙකක් යොදවා සිදුකළ විමර්ශනයේදී සොරා ගනු ලැබූ විදුලි බල්බ වෙලඳසල්වලට විකුණා තිබූ බව සඳහන් කරන පොලිසිය ඒ අනුව වෙළඳසැල හිමියන් ගෙන් ලැබුණු හෝඩුවාවන් ඔස්සේ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම්ට හැකි වූ බවත් පොලිසිය පැවසීය.
වෙළඳසල්වලට විකුණා තිබියදී එම විදුලි බල්බ පනහකට වැඩි ප්‍රමාණයක් සොයාගනු ලැබූ බව පොලීසිය පැවසීය
සැකකරුවන් කටුබැද්ද සිරිබර මැණිකේපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන් කරන පොලිසිය මොවුන් අධිකව හෙරොයින් අයිස් මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූවන් බව පොලීසිය පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තරේද?