IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


සංචාරක වීසාවලින් මැලේසියාවට යවන තවත් ජාවාරමක්

 

(යොහාන් භාසුර)

සංචාරක වීසා ඔස්සේ ශ්‍රී ලාංකිකයින් මැලේසියාවට යැවීමේ තවත් ජාවාරමක් හෙළිවී ඇති බවත් එම ජාවාරම මෙහෙයවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන අංශය විමර්ශනයක් ආරම්භ කර ඇතැයි එම කාර්යංශය පවසයි.

මැලේසියාවේ සංචාරය සඳහා යාමට පැමිණි 14 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් කටුනායක ගුවන් තොටුපොලේදී ඊයේ (1) කළ පරික්ෂාවේදී එම පුද්ගලයන්ගෙන් නව දෙනෙකු සංචාරක වීසාවලින් මැලේසියාවේ රැකියා සඳහා යාමට උත්සහ කර ඇති බව හෙළි වූ බවත් කාන්තාවන් සිව්දෙනෙක් හා පිරිමි පුද්ගලයින් පස් දෙනෙක් එම කණ්ඩායමට ඇතුළත් බවත් විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

මෙම පිරිසෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපොල ඒකකයේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙම වංචාව පිළිබඳව කරුණු අනාවරණය වූ බව කියන එම කාර්යංශය වැඩිදුර විමර්ශන සඳහා එම පිරිස කාර්යාංශයේ විමර්ශන අංශය වෙත යොමුකළ බව ද වැඩි දුරටත් සඳහන් කරයි. 



අදහස් (1)

සංචාරක වීසාවලින් මැලේසියාවට යවන තවත් ජාවාරමක්

Sanath Dubai Friday, 02 December 2022 09:01 PM

ඩුබායිවලට 40,000ක් ඇවිත් ඉන්නවා රස්සා හොයන්න​... ඉන්න, කන්න, බොන්න නැතුව අතරමං වෙලා...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site