
(යොහාන් භාසුර)
බදු පැනවීම සහ රටේ පවතින ආර්ථික අර්බුදයෙන් රටේ අනාගතය පිළිබඳව පවතින අවිනිශ්චිත තත්වය නිසා තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ ඉංජිනේරුවන් ඇතුළු වෘත්තිකයන් සියයට 10 ක් පමණ විදේශ රැකියාවට ගොස් ඇති බව ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති දමිත් හෙට්ටිහේවා මහතා අද (2) පැවසීය.
ශ්‍රී ලංකා පරිගණක සංගමයේ ඇස්තමේන්තුව අනුව දැනට තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ සෘජුවම 150,000 ක පමණ රැකියා කරන බව කී හෙට්ටිහේවා මහතා 2021 වසරේ කළ සමීක්‍ෂණයට අනුව තොතුරු තාක්‍ෂණ ක්ෂේක්‍රයේ සෘජු ශ්‍රම බලකාය 125,000 පමණ වූ බව ද සඳහන් කළේය.
හතර වැනි තාක්‍ෂණ විප්ලව ඩිජිටල් විප්ලවක් වීම නිසා තොරතුරු තාක්‍ෂණ ඉන්ජිනේරුවන්ට සහ වෘත්තිකයන්ට හොඳ ඉල්ලුමක් ඇති බවත් ඒ හේතුවෙන් මේ වන විට තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයන් 10,000 ක් පමණ රටහැර ගොස් ඇතැයි ඇස්තමේන්තු කර ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.
තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ වසරක ශ්‍රමබලකා අවශ්‍යතාව වෘත්තිකයන් 20,000 ක් පමණ වුවද එහි සැපයුම වෘත්තිකයන් 8000 ත් 9000 ත් අතර පැවති බව කී හෙට්ටිහේවා මහතා තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ බුද්ධිගලනය පාලන කිරීමට බදු සහන ඇතුළු සහන දී ඔවුන් රටේ නවතා ගැනීමට රජය කටයුතු කළ යුතු බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
Software engineering is a field that is difficult to pick up, and it is really challenging to develop code. එමනිසා Work-life balance helps maintain mental health is very important. Most of the time they are on a computer screen. Not only that, it is a stressful profession. එමනිසා සේවකයන්ගේ වැටුප මෙන්ම ඔවුන්ගේ මානසිකත්වය පිළිබදවද තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ යෙදෙනාවූ සමාගම් වැඩි අවධානයක් යොමුකලයුතුවේ. "No code works right the first time"
උඹලට ඉස්මොල්ලෙ යන්නෙ රටින් ගිය පරිගණක විද්‍යා ආචාර්යවරුන් , කථිකාචාර්යවරුන්, සහාය කථිකාචාර්යවරුන් , උපදේශකයන් ගණන ඇහුවාම. එකෙක් නෑ එන්නෙ උගන්නන්න. ලක්ෂ 4ක් 5ක් ඉන්ඩස්ට්‍රි එක්ව්න් ගෙවනකොට ඊට වඩා දක්ෂ ප්‍රථම පන්ති සාමාර්ථයක් තීන කෙනෙක් ඒවිද හතලිස්පන්දාහට රාජ්‍ය විශ්වවිද්‍යාල වලට උපදේශකයන් ලෙස? තොරතුරු තාක්ෂණයේ මළගම වෙලා ඉවරයි. උගන්නන්න කවුරුත් ඉන්නෙ නෑ.
සියලු වෘත්තිකයෝ රට වැසියෝ ය. බදු සහන ලැබේ නම් සියල්ලන්ටම ලැබිය යුතුය. විය යුත්තේ බදු සහන දීම නොව තුච්ඡ බදු ගැසීම නවතා හොරුන්ගෙන් එම මුදල් අයකර ගැනීමය.
ඒ වුනාට තව 90% ක් ඉතුරුවෙලා ඉන්නවානේ. සසර වසන තුරු.... නිවන් දකින තුරු...
බදු පැටවීම නිසා රටින් පිටවෙනවා කීම අමුලික බොරුවක්. මොකද ඒ රටවල බදුගහන්නේ නැද්ද? නියම විදිහට බදු වදින්නේ ඒ රටවල කිසිම බේරුමක් නැහැ. තොරතුරු තාක්ෂණ සේවයේ ඉන්න බොහෝ දෙනා ගෙදර සිට වැඩ කරන නිසා කොටකලිසමක් ඇඳගෙන වැඩකලත් කමක් නැහැ ඇඳුමක් මැදගනීමට යන වියදමවත් ඔවුනට වියදම් වන්නේ නැහැ. පිටරකට වැඩ කරනවානම් උපාංග සපයන්නේ ඒ රටවලින්. එහෙනම් බදු ගේවන්න. එසේ නැතුව මේරට සපයන අනිකුත් පහසුකම් පිනට භුක්ති විඳින්නේ නැතුව රටහැර යන්න.