IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


දරුවන් මතට හුරුකරන්නන් දිය කරන්න පනතක්

(අංජුල මහික වීරරත්න)

පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කිරීම සඳහා ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාලය විනාශ කිරීම අරමුණු කර ගනිමින් විශේෂ පනත් කෙටුම්පතක් ගෙන ඒමට ආණ්ඩුවේ අවධානය යොමුව තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් අඟහරුවාදා ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ පැවැති සාකච්ඡාවකදී මෙම නව පනත ගෙන ඒමට අවධානය යොමුව ඇත.

ආන්තරායක ඖෂධ හා විෂ අබිං ආඥා පනත සංශෝධනය කිරීම වෙනුවට නව පනතක් මේ වෙනුවෙන්ම ගෙන ඒම සුදුසු බවට මෙහිදී සාකච්ඡා වී තිබේ.

එහිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇත්තේ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කොට නව පනත ගෙන ආ යුතු බවයි.

පාසල් ඉලක්ක කර ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන ජාවාරම්කරුවන් නීතියට හසු කර ගැනීම වෙනුවෙන් නියමයන් රාශියක් මෙහිදී ජනාධිපති ආරක්ෂක කටයුතු ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා ආරක්ෂක අංශ වෙත ලබාදී තිබේ.

දරුවන් මතට ඇබ්බැහි කිරීමට කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව සාගල රත්නායක මහතා මෙහිදී දැනුම් දී ඇත. මෙම මත්ද්‍රව්‍ය ජාලයේ සිටින කුමන තාරතිරමක පුද්ගලයකු වුවත් තරාතිරම නොබලා නීතිය ඉදිරියට ගෙන ආ යුතු බවට ද ඔහු වැඩි දුරටත් උපදෙස් දී තිබේ.

 



අදහස් (12)

දරුවන් මතට හුරුකරන්නන් දිය කරන්න පනතක්

sisira Saturday, 03 December 2022 09:54 AM

දරුවන් මතට ඇබ්බැහි කිරීමට කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක වන අතරම පාසල් තුල මත්ද්‍රව්‍ය රැගෙන සහ පානයකර හෝ ඇබ්බැහි වූ පාසල් සිසුන් සොයාගැනීමට පාසල තුළ ශිෂ්‍ය නායකයින් සහ පාසල තුළම සිසුන් මාර්ගයෙන් තොරතුරු ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කරන්න එවිට මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන ජාවාරම්කරුවන් නීතියට හසුකර ගැනීම අපහසු නොවනු ඇත...

:       0       49

SenakaSunday, 04 December 2022 07:13 AM

ඔය මත් ද්‍රව්‍ය බෙදන අය ඉස්සෙල්ලම අල්ලගන්නේ ශිෂ්‍ය නායකයෝ. ඒක නිසා විදුහල්පතිතුමා, විනය පාලක මණ්ඩලය එකතු වෙලා ශිෂ්‍ය නායකයන්ගෙන් වගේම පාසලේ අනිත් සියළුම දරුවන්ගෙන් නිර්නාමිකව තොරතුරු ලබා ගන්න ක්‍රමවේදයක් සකස් කරන්න ඕන.

:       0       0

ලුම්බිණි Saturday, 03 December 2022 10:05 AM

පනත් වලින් මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් නම් බොහෝ රටවල් මත් ද්‍රව්‍ය ප්‍රශ්නය විසඳල බොහෝ කල්....

:       16       17

Senjee Saturday, 03 December 2022 10:55 AM

මම දැඩි බෞද්ධයෙක්... ඒ වගේම කොළඹ වජිරාරාම දහම් පාසලේ මා සහ මගේ ළමයින් ඉගෙන ගත්තා. මෛත්‍රීපාල ජනාධිපති මත්ද්‍රව්‍ය වෙළෙන්දන්ට මරණීය දණ්ඩනය නියම කළවිට, විශාල වෙනසක් සිදු වුණා. අහෝ ඛේදයකි, සංඝරත්නය තරයේ විරුද්ධ වුණා. විශේෂයෙන් වජිරාරාමයේ නායක හාමුදුරුවෝ. දැන් කොහොමද? අපි රටම මත්ද්‍රව්‍ය වලින් ගිල ගන්නා තුරු නිශ්ශබ්දව සිටිමු.

:       35       19

ලුම්බිණි Saturday, 03 December 2022 02:25 PM

දහම් පාසල් ගිහිල්ලත් මරණීය දඬුවමට කැමතියි?

:       58       4

ලොකුගේ Sunday, 04 December 2022 08:12 AM

දහම්පාසල් ගිහින් ඉගෙන ගත්තේ මොන දහමද වජිරාරාමයේ ලොකු හාමුදුරුවෝ දහම් පාසලේ කියලා දීපු දේවල් හරියට ඉගෙනගෙන නෑ.

:       1       0

චින්තක Saturday, 03 December 2022 12:04 PM

පනත් හැදුවාම ඇද්ද? එහෙනම් ඉතින් මේ රට කොතරම් දියුණුවට පත්වෙන්න ඕනෑද? ඒ නිසා මේ මත්ද්‍රව්‍ය බෙදාහැරීම කරන්නේ කොහොමද මොන වාහන වලද සොයා ඒවා තහනම් කරන්න බොහෝවිට අධික ශබ්දයක් ඇති අධිවේගී යතුරු පැදි බොහෝවිට ඒවා කරනවා කියලා ජනතාව කියනවා.. මෙහෙම වෙන්න තරුණ පිරිස් රැකියාවක් නැතුව සිටීමද හේතුවක් වෙනවා කියන්න පුළුවන්... එනිසා පාසල් හැරයන පිරිස් ගැන (සාමාන්‍ය පෙළ /උසස් පෙළ අසමත් පිරිස් පමණක් නොවෙයි සාමාන්‍ය පෙළ විභාගයට පෙර අයත් ගැන ) අවධානයට ගන්න. අඩුම තරමින් හරියට (කලයුතු දෙයක් නොමැති නිසා) සේවයක් නොකරන උපාධිධාරී (සංවර්ධන නිළධාරින්) ඒ සඳහා යොදන්න...

:       2       36

Perera Saturday, 03 December 2022 04:45 PM

මත්ද්‍රව්‍ය රටට ගෙන්නන අයව පාර්ලිමේන්තුවෙන් යවන්න අදහසක් නැහැ වගේ...

:       2       3

SL Saturday, 03 December 2022 06:34 PM

දැනට මතට ඇබ්බැහි වූ දරුවන් වෙනමම පුනරුත්ථාපනය කිරීමට ආයතනයක් හෝ පන්සල්, පල්ලි හරහා ඉක්මන් වැඩසටහනක් ක්‍රියාත්මක විය යුතුමයි, අවම අවුරුදු 2ක් !!! මතට ඇබ්බැහි වූ දරුවන් පුනරුත්ථාපනය පහසු කාර්යයක් නොවේ. ශරීරයෙන් විෂ ඉවත් කිරීමට, පුනරුත්ථාපනය, නැවත මතට ඇබ්බැහිවීමට ඇති හැකියාව නැතිකිරීම, අඩාල වූ අධ්‍යාපනය නැවත ප්‍රතිසංස්කරණ කරදීම... ලේසි නැහැ. මේ සියල්ලට වගකිවයුතු මත්කුඩු වෙළෙන්ඳන් ඉක්මනින්ම විනාශ කර දැමීම අනිවාර්යය කරුණක්. මරණ දඬුවම හැර වෙන විකල්ප නැත... මරණ දඬුවමට වෙන්වූ කුඩු වෙළෙන්ඳන් මරණ දඬුවම තෙක් ජංගම දුරකථන, සිග්නල් නැති දුපතක ඇති හිරගෙදරක කොටු කිරීම අනිවාර්යයි...

:       0       32

Bamunuaracchi Saturday, 03 December 2022 08:21 PM

අනේ නිකන් බොරු කියන්නේ නැතුව ඉන්න. කොහෙන්ද මෙහෙම දරු කැක්කුමක්...?

:       6       2

මහේෂ් Saturday, 03 December 2022 11:41 PM

අමුඩේ ගහන වැඩ නොකර මේවා රටට ඇතුල් කරන මාර්ග වැහුවනම් හරිනේ. කුඩු මුදලාලිලා නිදැල්ලේ. පිටරටකදී අල්ලපු කුඩු මුදලාලි කෙනෙක් නිදහස් උනා මේ රටේ නිලධාරීන්ගේ දෝෂ නිසා. ඒවා ගැන හොයන්නේ නැත්තේ ඇයි. ඒ ඒ පළාතේ පොලිස් මේවාට වගකියන්න ඕනේ. මහජනතාවට කුඩ්ඩෝ අල්ලන්න බලයක් නැහැනේ.

:       0       0

රන්මුතුගල Sunday, 04 December 2022 01:38 AM

මේ රටේ පුරවැසියන්ගේ තොරතුරු රැස් කරන්න පුළුවන්. විශේෂයෙන් තරුණයන්ගේ. ඔව්න්ගේ රැකියාව, අදායම් මාර්ගය, ආදී තොරතුරු ග්‍රාම සේවක, සංවර්ධන නිලධාරීන් මාර්ගයෙන් රැස් කරන්න පුළුවන්. අසල්වැසියන්ගේ උපකාර ගන්න පුළුවන්. නිකරුනේ කාලය ගෙවන තරුණයින්ට රැකියා පුහුණුවක් (සුදුසුකම් අනුව, තමන් කැමති ) දෙන්න පුළුවන්. තරුණ පිරිස් එක් කරලා සංවිධාන පිහිටුවල කුඩු විකුණන පිරිස අල්ලන්න උදව් ගන්න පුළුවන් පොලිසිය මැදිහත්වෙලා. පොලිසියට අවශ්‍යතාවය තියෙනවනම් මේවා නැති කරන එක ලොකු දෙයක් නෙමෙයි.... දැන් අර ජාත්‍යන්තර පොලිසියෙන් අල්ලපු කුඩු මුදලාලිත් නිදහස් කරනකම් අපේ කට්ටිය උඩ බලාගෙන හිටියේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 757 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 570 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site