මෝදි අද ලුම්බිණියේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (16) නේපාලයේ ලුම්බිණි නුවර සංචාරයක නියැළීමට සූදානම් වෙයි. ඒ, නේපාල අග්‍රාමාත්‍ය ෂෙර් බහදූර් දෙයුබාගේ විශේෂ ආරාධනාවක් පිළිගනිමිනි. 16 May 2022
නිරිතදිග මෝසම නිසා තද වැසි නිරිතදිග මෝසම් කාලගුණ තත්වය ස්ථාපිත වෙමින් පවතින නිසා පළාත් කිහිපයකට ඉදිරි දිනවලදීත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 16 May 2022
වාසු-උදය-විමල්ගේ සහායත් රනිල්ට රටේ ආර්ථික සුභ සිද්ධිය වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ ගන්නා වූ තීරණවලට සහාය ලබාදීමට ආණ්ඩුවෙන් ඉවත්වී ස්වාධීනවූ දේශපාලන පක්ෂ දහය තීරණය කර ඇත. 16 May 2022
නැ‘හිර පළාත් නිලධාරිනියකගේ දියණිය නිල රථය අවභාවිතා කරලා නැගෙනහිර පලාත් මුදල්, ක්‍රම සම්පාදන අමාත්‍යංශ ලේකම්වරියට අයත් නිල රථය ඇගේ දියණිය පදවාගෙන යද්දි අනතුරකට ලක්විමෙන් පසු සිදුවු අලාභය කිසිදු විමර්ශණයකින් තොරව අදාල රක්ෂණ සමාගමෙන් පියවා ගැනිමට සුදානම් වන බව ඒම අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. 15 May 2022
හුළුගල්ල දිවි ගමනට සමු දෙයි ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් හුළුගල්ල මහතා එරටේදී පෙරේදා (14 )අළුයම අභාවප්‍රාප්ත විය. 15 May 2022
ශ්‍රිලනිපයේ සහායත් රනිල්ගෙ ආණ්ඩුවට නව ආණ්ඩුව පිහිටුවීමට සඳහා සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද තීරණය කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. 15 May 2022
අනුරාධපුර කලහකාරී සිද්ධිවලට සම්බන්ධ 13ක් රිමාන්ඩ් අනුරාධපුර දිසත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු අමාත්‍යවරුන් පිරිසකගේ නිවාසවලට පහරදි ගිනි තිබීමේ සිද්ධි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අනුරාධපුර නගරයේ ව්‍යාපාරිකයකුවන සාගර පියතිලක,කුරුන්දන්කුලමේ සුනීත හිමි ඇතුළු 13 දෙනකු ලබන 19 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා අද නියෝග කළේය. 15 May 2022
පොලිස්ථානවලට විශේෂ චක්‍රලේඛයක් දිවයින පුරා ක්‍රියාත්මක පවතින තත්ත්වය මත නිතිය හා සාමය තවදුරටත් ආරක්ෂා කර ගැනීම සඳහා සෑම පොලිස් බල ප්‍රදේශයකම අපරාධ වැළැක්වීමේ ජංගම සංචාර වැඩි වශයෙන් ක්‍රියාත්මක කළ යුතු බව පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථාන වෙත විශේෂ චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි. 15 May 2022
මැතිසබයේ අසුන් පැනවීම ඇරඹේ නව අගමැතිවරයාට සහ ඇමැතිවරුන්ට ආසන පැනවීමේ කටයුතු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් ආරම්භ කරනු ලැබ ඇත. 15 May 2022
ජපානයෙත් වෙසක් මහ ඉහළින් සමරති ජපානයේ ගුම්මා ප්‍රාන්තයේ ශ්‍රී බුද්ධ ශාන්ති ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේදී වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් ශීලසමාදාන වැඩසටහනක් ඇතුළු පිංකම් මාලාවක් සංවිධානය කර ඇත. 15 May 2022
පොලිසියේ 1000ක් කොළඹට කැඳවයි විශේෂ රාජකාරි සඳහා පිට පළාත්වලින් දහසකට අධික නිලධාරීන් සංඛ්‍යාවක් හෙට (16) ළඟට කැඳවා ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි. 15 May 2022
නි.කතානායක තෝරන්න ඡන්ද එපා රටේ බරපතළ අර්බුදයක් පැන නැගී ඇති මේ අවස්ථාවේ මහජන මුදල් නාස්ති නොකර, පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයන් එක්ව ,එක් මන්ත්‍රීවරයකු නියෝජ්‍ය කථානායකවරයා ලෙස නිතරඟයෙන් පත් කරගත යුතුයැයි ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම සියලුම පක්ෂ නායකයන් ගෙන් ඉල්ලීමක් කරයි . 15 May 2022
කිරිපිටි මිල යළි ඉහළට ආනයනික කිරිපිටි සහ ළදරු කිරිපිටි මිල නැවත ඉහළ දැමීමට කිරිපිටි සමාගම් පියවර ගෙන තිබේ. 15 May 2022
අගමැති හෙට ජාතිය අමතයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (16) ජාතිය ඇමතීමට නියමිතය. 15 May 2022
නිර්පාක්ෂික විරෝධයට පහරදුන්නැයි නගර සේවකයකු අල්ලයි අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවක නිරත පිරිසකට ඉකුත් (9) දින පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව නගර සභාවේ සේවකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අද (15) අත්අඩංගුවට ගෙන ඇත . 15 May 2022
පොහොට්ටුවේ මන්ත්‍රී රැස්වීමක් අනිද්දා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අගහරුවාදා (17) උදේ 8.00 ට පැවැත්වේ. 15 May 2022
ගංවතුරෙන් 2,352 ක් පීඩාවට දිවයිනේ නිරිත දිග ප්‍රදේශයන්ට දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන මහ වැසි සහ තද සුළං හේතුවෙන් රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කයන්හි පවුල් 601 කට අයත් 2,352 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 15 May 2022
‘ඛනිජ තෙල් සංස්ථාවේ ඩීසල් තොග නෑ‘ ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ඩීසල් තොග නොමැති බවත් ලබන අඟහරුවාදා වන විට ඩීසල් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය. 15 May 2022
විදුලි සැපයුම හෙටත් අඛණ්ඩව වෙසක් සතියේ දෙවැනි දිනය වන හෙට (16) විදුලිය කප්පාදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 15 May 2022
ශ්‍රීලනිපයේ විශේෂ රැස්වීමක් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ විශේෂ රැස්වීමක් අද සවස 7.00 කැඳවා ඇතැයි වාර්තා වෙයි. 15 May 2022
මැති ඇමති දේපළ හානි කළ 80 ක් අත්අඩංගුවට හිටපු ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන් ඇතුළු විවිධ තරාතිරම්වල දේශපාලඥයන්ගේ නිවාස ඇතුලු දේපළවලට හානි කළ බව කියන අනුරාධපුර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු සහ භික්ෂූන් වහන්සේ නමක් ඇතුළු පුද්ගලයෝ 80 දෙනෙක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. 15 May 2022
මන්ත්‍රී ඝාතන සිද්ධියට දෙකක් සැකපිට ගෝඨාගෝගම නිර්පාක්ෂික අරගල කරුවන්ට පහරදීමේ සිද්ධියෙන් අනතුරුව ඉකුත් 09 වන දා දිවයින පුරා පැවති කලහකාරී තත්වය පසුබිමේදී නිට්ටඹුව නගරයේදී පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂකයා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි. 15 May 2022
ඖෂධ රැසක දැඩි හිඟයක් හෘද රෝගීන්ට අවශ්‍ය ඖෂධ, සැත්කම් සඳහා අවශ්‍ය ශල්‍ය උපකරණ ඇතුළු ඖෂධ වර්ග රාශියක දැඩි හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති රැස්වීමකදී පැවසීය. 15 May 2022
ප්රචණ්ඩ ක්‍රියාවලට 230ක් සැකපිට අරලියගහ මන්දිරය, ගාලුමෝදර සහ දිවයින පුරා ඉකුත් 9 ප්රචණ්ඩ ක්‍රියාවන්වලට නිරතව සැකකරුවන් 230 මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ තල්දුව මහතා පවසයි. 15 May 2022
කල්එළියේ ව්‍යාපාරික ස්ථානයට පහරදුන් ක්‍රීඩා උපදේශක රිමාන්ඩ් රටතුළ නොසන්සුන්කාරී තත්වයක් හට ගත් දා රාත්‍රී කල්එළිය හිරිවල වාහන ගාල් කර තිබූ ව්‍යාපාරික ස්ථානයකට පහරදී රුපියල් ලක්ෂ තුන්සීයක අලාභයක් සිදු කොට ඇති බව කියන සිද්ධියක් සම්බන්ධව සැකකාර පාපන්දු ක්‍රීඩා පුහුණු උපදේශකවරයකු 17 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ රදවා තැබීමට අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ජයසේකර රණසිංහ මහතා නියෝග කළේය. 15 May 2022
සිරකරුවන් 244 ජනපති සමාව වෙසක් පුර පසොළොස්වක පොහොය දිනය නිමිති කරගෙන දිවයින පුරා බන්ධනාගාරගත ව සිටින සිරකරුවන් 244 දෙනෙකු ජනාධිපති සමාව යටතේ නිදහස හිමිව ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. . 15 May 2022
ක්‍රිකට් ක්‍රීඩක ඇන්ඩෘ සයිමන්ස් රිය අනතුරකින් මරුට ඕස්ට්‍රෙිලියානු හිටපු තුන් ඉදිරියව් ක්‍රීඩක ඇන්ඩෘ සයිමන්ස් රිය අනතුරකින් මරණයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 15 May 2022
ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානය මේ මස 18 වන දින ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇතැයි ඉන්දීය ඔත්තු සේවා උපුටා දක්වමින් පළවී ඇති මාධ්‍ය වාර්තා සාමාන්‍ය තොරතුරු මත පදනම් වී ඇති බවත් ඒ පිළිබඳ වැඩි දුර තොරතුරු ලැබුණ හොත් ශ්‍රී ලංකාවට දැනුම් දෙන බවත් ඉන්දීය බුද්ධි අංශය දැනුම් දී ඇතැයි ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ කාර්ය නියුක්ත අධක්ෂ කර්නල් එම්. බී. බී. හේරත් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 15 May 2022
විපක්ෂ නායක-විදෙස් තානාපතිවරු අතර හමුවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යුරෝපීය රටවල් ඇතුළු රටවල් රැසක තානපතිවරු හමුවී තිබේ. 15 May 2022
අ‘පුර මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට පහරදුන්නැයි 22ක් සැකපිට අනුරාධපුර නගරයේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිවු දෙනකුගේ නිවාසවලට සහ අනුරාධපුර නගරාධිපති, ඇතුළු නාගරික මන්ත්‍රීනියකගේ මිනිස් නිවාස වලට පහරදී අලාභ හානි සිදු කර, ගිනි තබා අනර්ථයක් සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට චීවරධාරියෙකු ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු ඇතුළු පුද්ගලයන් 22 ක් අද (15) උදෑසන අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 15 May 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026