රුසියන් ජෙට් යානයක් සයිබීරියාවට කඩා වැටෙයි රුසියන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානයක් උතුරුදිග සයිබීරියාවේ ඉර්කුට්ස්ක් නගරයේ මහල් නිවාස ගොඩනැගිල්ලක් මතට කඩා වැටුණි. අනතුරින් යානයේ නියමුවෝ දෙදෙනාම ජීවිතක්ෂයට පත් වූහ. 24 October 2022
අරගලයේ ප්‍රචණ්ඩකාරීන්ට පාපොච්චාරණයට ඉඩ අරගලය මුවාවෙන් ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදු කර තම දේශපාලන බලය ලබා ගැනීමට උත්සාහ කළ කණ්ඩායම් වලට අවශ්‍ය නම් පාපොච්චාරණයක් සිදු කර රටෙි ඉදිරි ගමනට එක්වීමට අවස්ථාව තිබෙන බවද ජනාධිපතිවරයා කීය. 24 October 2022
නෙවිල් ප්‍රනාන්දු රෝහලට හිතුමතේට කෝටි 218ක් දීලා සයිටම් ආයතනය සමග හෝ නෙවිල් ප්‍රනාන්දු රෝහල සමග කිසිදු ගිවිසුමකට එළඹීමකින් තොරව 2017 වසරේ සිට 2022 දක්වා කාලයේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වියදම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් කෝටි 218ක් වැය කර ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වී ඇත. 24 October 2022
ඔට්ටු සහ සූදු බදු තවත් ඉහළට ඔට්ටු සහ සූදු සඳහා වන බදු තවත් ඉහළ නැංවීම සඳහා ඔට්ටු සහ සූදු පනත කඩිනමින් සංශෝධනය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 24 October 2022
හිටපු ඇමැතිවරු දෙකක් වාහනවලින් කප් ගහලා 2015 -2019 කාලවකවානුවේ දී හිටපු සෞඛ්‍ය ඇමැතිවරයකු හා රාජ්‍ය ඇමැතිවරයකු ඔවුන්ගේ කාර්ය මණ්ඩලයට හිමි වාහන ප්‍රමණය ඉක්මවා වාහන 24ක් භාවිත කර ඇතැයි විගණන වාර්තාවක් කියයි. 24 October 2022
හිටපු සුව ඇමැතිගේ උපහාරයට මහජන මුදල් ලක්ෂ 70 වැය කරලා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකුට උපහාර දැක්වීමට රජයේ මුදල් රුපියල් ලක්ෂ 70ක් කිසිදු අධිකාරි බලයකින් තොරව වැය කර ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වී ඇත. 24 October 2022
දැව නිෂ්පාදන අපනයන බාධක නීති ඉවතට ජාත්‍යන්තර වෙළෙඳපොලට දැව හා දැව නිෂ්පාදන අපනයනය සඳහා දැනට පවතින නීතිමය බාධක සියල්ල ඉදිරි මාස දෙකේ ඉවත් කරන බව කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 24 October 2022
අඳුර එළවන්න පහන් සිළුව වටා රොක් වන්න ඉතිහාසයේ නොවූ විරු අභියෝගවලට මුහුණදී සිටින මාතෘ භූමිය වෙළාගෙන ඇති ඝන අඳුර පලවා හරින්නට සියලුදෙනා එක්ව සාමුහික වැඩපිළිවෙළකට එළැඹිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 24 October 2022
ඛනිජ තෙල් සේවකයන්ට තහංචියක් මින් ඉදිරියට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළ සේවක රැස්වීම් පැවැත්වීම සඳහා මානව සම්පත් හා පාලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයාගෙන් පූර්ව අවසරය ලබා ගත යුතු බව සංස්ථාවේ මානව සම්පත් කළමනාකාරවරයා විසින් නියම කර තිබේ. 24 October 2022
වැස්ස දිගටම වැසි තත්වය තවදුරටත් පවතින අතර, බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 24 October 2022
රබර් ආනයනයේදී රබර් වැඩක් කරලා රටේ අවශ්‍යතාවයට වඩා වැඩි ප්‍රමාණයක් රබර් ආනයනය කිරීම නිසා මෙරට රබර් මිල පහත බැස ඇති බව මුදල් රාජ්‍ය ඇමැති රජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි. 24 October 2022
ගල් අඟුරු ගෙන්වීමේදී ප්‍රතිපත්ති කඩලා ගල් අඟුරු ගෙන්වීම සඳහා ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් පමණක් ලංසු කැඳවීම සිදුකර යුතු වුවත් පසුගිය ජුනි මාසයේ ලියාපදිංචි නොවන සැපයුම්කරුවකු ඉදිරිපත් කළ ලංසුව පිළිගෙන ඇති බව විගණන වාර්තාව සඳහන් කරයි. 24 October 2022
බොරිස් ජොන්සන් සටනින් ඉවත් වෙයි බ්‍රිතාන්‍ය කන්සර්වටිව් පක්ෂ නායකත්ව සටනට තමන් ඉදිරිපත් නොවන බව බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඊයේ(23) නිවේදනය කළේය. 24 October 2022
මොල හතාගේ දතක් ගැලෙව්වා 22 වන සංශෝධනය සමග මොළ හතාගේ එක දතක් ගැලවූ බව විපක්ෂ නායක සජිත ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. පියවරෙන් පියවර රාජපක්ෂ ආධිපත්‍ය ජනබලයෙන් ඉවත් කරන බව ද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය. 23 October 2022
රුවන් නවසීලන්ත මහ කොමසාරිස් හමුවෙයි නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදි පැවැත්විණි. 23 October 2022
දිසා පහකට නාය යෑමේ අවදානම් පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 23 October 2022
මාල කොල්ලකරුවන්ට පොලිසියෙන් වෙඩි කටුනායක රාහුල පාරෙදි යතුරු පැදියකින් ආ කොල්ල කරුවන් දෙදෙනකු පොලිසිය සමග ඇති වූ වෙඩි හුවමාරුඅවකින් අනතුරුව එක්ක කොල්ලකරුවකු මියගොස් අනෙක් කොල්ලකරු තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. 23 October 2022
විදුලිබලයේ වෙනස්කම් යෝජනා ඇමතිට විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාල යෝජනා ඉදිරිපත් කිරීමේ කමිටු වාර්තාව ලැබුණු බවත් එය ඉදිරියේදී ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 23 October 2022
ලක්ෂ 21කට තට්ටු කළ දෙකක් මාට්ටු මොරටුවේ වෙළඳසලක තිබූ රුපියල් ලක්ෂ 21 ක බැංකුවේ තැන්පත් කිරීමට රැගෙන යමින් සිටි සේවකයකු පැහැරගෙන ගොස් පහර දී එම මුදල කොල්ලකෑ සැකකරුවන් දෙදෙනකු රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 23 October 2022
රාජකීයයෝ රාජකීයයා හමුවෙති මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ප්‍රමාදය වළක්වා සිසුන්ට නියමිත කාලයේ දී අධ්‍යාපන කටයුතු අවසන් කිරීමට අවස්ථාව සලසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 23 October 2022
අන්තරේ පිරිසක් තංගල්ලට පාරවල් වසයි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලා තංගල්ලට විශාල පිරිසක් පැමිණීම නිසා තංගල්ලේ මාර්ග රැසක වසා දමා ඇතැයි අප වාර්තා කරුවෝ පවසති. 23 October 2022
එල්.ටී.ටී.ඊ. සිරකරුවන් අටකට ජනාධිපති සමාව එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරකම් හේතුවෙන් බන්ධනාගාර ගතව සිටි එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් අටදෙනකුට ජනාධිපති සමාව හිමිව ඇතැයි අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, චන්දන ඒකනායක මහතා පවසයි. 23 October 2022
බැසිල්ගේ බලය ඉවර බව අලවතුවල කියයි බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ තවදුරටත් යමක් කළ නොහැකි බව විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ඡන්ද විමසීමේදී හොඳින් පැහැදිලි වුණු බව සමගි ජන බලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පැවසීය. 23 October 2022
වික්ටෝරියාව වීඩියෝ කළ හතක් මාට්ටු වික්ටෝරියා වේල්ලේ අධි ආරක්ෂිත කලාපයේ අනවසරයෙන් ඩ්‍රෝන යානාවකින් සහ කැමරාවකින් වීඩයෝ සහ ඡායාරූප ගනිමින් සිටි සැකකරුවන් 7 දෙනකු ඊයේ (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය පොලිසිය කියයි. 23 October 2022
අන්තරේ පිරිසක් තංගලු යති ත්‍රස්ත පනත යොදාගනිමින් රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලා තංගල්ලේ දී අද (23) පස්වරුවේ විරෝධතාවයක් පැවැත්වීමට නියමිතය. 23 October 2022
ස්වාධීන කොමිෂන් සභා අහෝසි වෙයි දැනට ක්‍රියාත්මක ස්වාධීන කොමිෂන් සභාවල නිල කාලය විසිඑක්වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීමත් සමග අවසන් වන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 23 October 2022
ආහාර ගබඩාවල කෑම හිඟවෙයි ආහාර දෙපාර්තමේන්තුවේ ගබඩා සංකීර්ණ( වේයන්ගොඩ) නවීකරණයට රුපියල් කෝටි 29 කට වැඩි මුදලක් වැය කර ඇතත් මෙට්‍රික් ටොන් ලක්ෂයක නිශ්චිත ආහාරතොගයක් පවත්වාගෙන යෑමට නොහැකිවීම සම්බන්ධයෙන් කෝපා කමිටුවේ දැඩි අවධානය යොමුවිය. 23 October 2022
මැති සබේ දහයකට මන්ත්‍රී ධුර අහිමි වෙයි! විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත් සමග ද්විත්ව පුරවැසිභාවය සහිත කිසිවකුටත් පාර්ලිමේන්තු මන්ත්‍රීධුර දැරිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 23 October 2022
අපේ ආප්ප - අච්චාරු ලෝකෙටම රහ වැටේ ආසියාවේ රසවත්ම වීථි ආහාර 50 අතරට පැමිණීමට ශ්‍රී ලංකාවේ අච්චාරු සහ ආප්ප සමත් වූ බව සී.එන්.එන් පුවත් සේවය ප්‍රකාශ කළේය. 23 October 2022
ශ්‍රී ලංකාවට ලකුණු 129 ක ඉලක්කයක් විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි 12’ වටයේ තුන්වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර හෝබාට්හිදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් අයර්ලන්තය ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 128 ක් රැස්කළේය. 23 October 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026