ඩලස්ගේ නායකත්වයෙන් අලුත් ව්‍යාපාරයක් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් කිහිපයක් සමග එක්ව නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම තීරණය කර ඇතැයි වාර්තා වේ. 31 July 2022
ඉන්ධන හලේ අනතුරින් දියණිය මරුට පෙට්ටල් ලබා දෙන දිනයක් දැන ගැනීම සඳහා පණ්ඩුලගම ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම් හලකට යතුරු පැදියකින් පැමිණි මවක සහ දියණියක ටිපර් රථයක ගැටීම දියණිය මියගොස් මව තුවාල ලබා ඇතැයි අනුරාධපුර පොලිසිය පවසයි. 31 July 2022
චීන රොකට්ටුවක් ඉන්දීය සාගරයට වැටේ චීන අභ්‍යවකාශ ආයතනය පසුගිය ජූලි 24 වැනිදා අභ්‍යවකාශයට යැවූ රොකට්ටුව ඉන්දීය සාගරයට කඩා වැටුණු බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි. 31 July 2022
පොහොට්ටුවේ පිරිසක් අලියාට හේත්තු වේ? ආණ්ඩුව සමග එක්ව සිටින මැති ඇමතිවරුන් රැසක් ඉදිරි කාලයේ දී එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධ වීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 31 July 2022
ඉන්ධන පිරවුම්හල් 1,060 ක් කිව්.ආර්. ක්‍රමයට සූදානම් ජාතික ඉන්ධන බලපත්‍රයේ කිව්.ආර්. කේතයට ඉන්ධන පිරවුම්හල් 1,060 ක් ඊයේ (30) රාත්‍රී වන විට අනුගත වී සිටි බවත් ඉන්ධන පිරවුම්හල් 746 ක් ඊයේ කිව්.ආර්. පද්ධතිය හරහා ඉන්ධන නිකුත් කළ බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 31 July 2022
රංජන්ට පූර්ණ නිදහස දෙන්න සෑම දෙනාගේම අපේක්ෂාව වන රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස ලැබේවි කියා තමන් අපේක්ෂා කරන බවත් ඒ දවස එනතුරු බලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 31 July 2022
පවතින අර්බුදයට පාර්ලිමේන්තුව තුළින් විසඳුම් සොයා ගත යුතුයි සමගිව සාමකාමීව අනාගත පරපුර ගැන සිතා පවතින අර්බුදයට පාර්ලිමේන්තුව තුළින් විසඳුමක් සොයා ගන්නා ලෙස රාජ්‍ය නායකයන් ඇතුළු සියලුම දෙනාගෙන් ඉල්ලීමක් කරන බව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු කරු ජයසූරිය මහතා පැවසීය. 31 July 2022
පාද යාත්‍රාවට නාවික හමුදාවෙන් පහසුකම් යාපනය සිට කතරගම පාද යාත්‍රාවට සහභාගි වන බැතිමතුන්ට කුමන ජාතික වන උද්‍යානයේ පිවිසුම් දොරටුවේ සිට කුඹුක්කන් ඔය දක්වා වූ ගමන් මාර්ගයේදී අවශ්‍ය පහසුකම් සැලසීමට නාවික හමුදාව අවශ්‍ය පහසුකම් ලබාදීමට ඉදිරිවත් ව සිටියි. 31 July 2022
මිනී මරා රට පනින්න බැරි වෙයි ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශය තුළ මිනීමැරුමක් සිදු කර , ඩුබායි වෙත පලා යෑමට පැමිණි යුවළක් ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපළේ දී පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබ සිටිති. 31 July 2022
ගිගුරුම් සහිත වැසි සහ අකුණු අනතුරු බස්නාහිර,සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (31) වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 31 July 2022
දුම්රිය - වෑන් අනතුරින් ගුවන් සෙබළා මරුට කළුතර උතුර ප්‍රදේශයේ අද (31) අලුයම දුම්රියක් සහ ගුවන් හමුදාවට අයත් වෑන් රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් ගුවන් හමුදා සෙබළකු මියගොස් තවත් සෙබළකු තුවාල ලබා ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි . 31 July 2022
කටපුංචා වෙරළබඩ වැඩ වෙරළබඩ පොලිස් බල ප්‍රදේශයේ විවේකානන්ද පාරේ දී ඊයේ රාත්‍රී සිදුවූ වෙඩි තැබීමකින් බෝකර්වරයකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. 31 July 2022
රෝග ලක්ෂණ නැතත් බයිඩන් තවමත් පොසිටිව් ඇමෙරිකා එක්සත් ජනාධිපති ජෝ බයිඩන් ට කොවිඩ්-19 වෛරසය අසාදනය වී තිබේදැයි පරික්ෂා කිරීම සඳහා සිදු කරන ඇන්ටිජන් පරීක්ෂණය දෙවන වරට ධනාත්මක වී ඇතැයි ධවල මන්දිරය නිවේදනට කර තිබේ. 31 July 2022
කුඩම්මාගේ හිරිහැර නිසා දරුවකු කිලෝ මීටර් 200 අම්මා සොයා පා පාදියෙන් යයි සුලු මව ගෙන් සිදුවන හිරිහැර සහ අඩන්තේට්ටම් ඉවසා දරාගත නොහැකිව වයස අවුරුදු දාහතරක 14 ක පිරිමි දරුවකු නෙදුන්කේනි සිට වාලච්චේන දක්වා කිලෝමීටර් 200 අධික දුරක් ආසන්න දුරක් පාපැදියෙන් ගමන් කරමින් සිටියදී එම දරුවාගේ ආරක්ෂාව පතා සිය බාරයට ගත් බව කැබිතිගොල්ලෑව පොලිසිය පවසයි. 30 July 2022
ලෙඩා ගොඩ ගන්නවාද? මැරෙන්න අරිනවාද ශ්‍රී ලංකා ආර්ථිකය නැමති ලෙඩා බෙහෙත් දීලා සුව කරන්න උත්සාහ කරනවාද?බෙහෙත් නොදී මැරෙන්න ඉඩ දෙනවාද?කියා තීරණය කළ යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 30 July 2022
බණ්ඩාරගම ඉන්ධනහලේ ගින්නක් බණ්ඩාරගම නගරයේ සිපෙට්කෝ ඉන්ධනහලේ අද දහවල් ගින්නක් ඇතිවිය එක් අයකුට තුවාල සිදුව ඇතැයි පොලිසිය කියයි. 30 July 2022
ඉන්දියාවේ නිවේදනයට චීනයෙන් ප්‍රතිචාර තම නීත්‍යානුකූල නාවික කටයුතුවලට මැදිහත් වීමෙන් ’අදාළ පාර්ශ්ව’ වැළකී සිටිනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව චීනය ඊයේ(29) ප්‍රකාශ කළේය. 30 July 2022
පැය 24 ක් යන්න කලින් තවත් මරණයක් පළමු ‘වඳුරු උණ’ මරණය වාර්තා වී පැය 24 ක් ගතවීමට පෙර ස්පාඤ්ඤයෙන් දෙවැනි ‘වඳුරු උණ’ මරණය ද වාර්තා වූ බව එරට සෞඛ්‍ය අංශ පැවැසීය. ඒ අනුව, මේ වනවිට අප්‍රිකාවෙන් පිට ‘වඳුරු උණ’ මරණ වාර්තා වීමට පටන්ගෙන තිබේ. 30 July 2022
වේගයෙන් පැතිරෙන කොවිඩ් අනු ප්‍රභේදයක් ශ්‍රී ලංකාවේ සීඝ්‍ර පැතිරීමක් සහිත ඔමික්‍රොන් බී.ඒ 5 යනුවෙන් හැඳින්වෙන කොවිඩ් අනු ප්‍රභේදය මෙරටින් ප්‍රථම වතාවට හමුවී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය. 30 July 2022
ජනාධිපති දළදා වැඳපුදා ගනී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (30) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාව වෙත පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගත්තේය. 30 July 2022
ලබන සතියේත් පාසල් දින තුනයි සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් අගෝස්තු 1 වැනිදා සිට 5 වැනිදා දක්වා සතියේ සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා පමණක් පැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු පැවැසීය. 30 July 2022
මැතිසබා උත්සවයට ජනපති ධජය නෑ පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට මෙවර ප්‍රථම වතාවට ජනාධිපතිවරයාගේ ධජය එසවීමට කටයුතු නොකරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය. 30 July 2022
’’මාසයක් හරි නවතින්න බලාගෙන 9වෙනිදා කොළඹට එන්න’’ රටේ ජනතාව සියලු දෙනා එකතු වී කොළඹ මාසයක් හෝ නැවතී මේ ප්රශ්නය විසඳාගත යුතු බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. 30 July 2022
විශේෂඥ පුහුණුවට එතෙර යැවීම නතර වෙයි විශේෂඥ වෛද්‍ය පුහුණුව සඳහා වෛද්‍ය නිලධාරීන් විදෙස් රටවලට යැවීම තාවකාලිකව නතර කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. 30 July 2022
ජුලී චන්ග්-අලි සබ්රි අතර හමුවක් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අතර හමුවක් ඊයේ(29) විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්විණ. 30 July 2022
මන්ත්‍රීවරු තෙල් මුදල වැඩි කරගනිති සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව හදිසියේම ලක්ෂ දෙකකට ආසන්න මුදලකින් වැඩි කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 30 July 2022
ජනපති පාර්ලිමේන්තු අසුනේ ලාංඡනය ගැලවෙයි පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාට වෙන් කෙරුණු ආසනයෙන් ජනපති ලාංඡනය පළමු වතාවට ඉවත් කෙරෙන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය. 30 July 2022
පස් පොඩ්ඩා සමග වෙඩි කෑ තවත් අයෙක් මරුට ගම්පහ මහාධිකරණය ඉදිරිපිටදී ඉකුත් 27 වෙනි දින සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියේදී තුවාල ලබා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටි තවත් අයෙකු අද අලුයම ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. 30 July 2022
රට තැපල් ගාස්තු වැඩිවෙයි විදේශීය තැපැල් ගාස්තු ලබන මස 1 වෙනිදා සිට වැඩි කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. 30 July 2022
පළාත් රැසකට සවස ගිගුරුම් සහිත වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (30) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 30 July 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026