මැතිසබා උත්සවයට මෙවර අඩු වියදම් තේ පාටියක් පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයෙන් අනතුරුව පැවැත්වෙන තේ පැන් සංග්‍රහය ඉතාම අඩු වියදමින් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු ප්‍රධානීන්ට උපදෙස්දී ඇත. 01 August 2022
‘‘පවතින අර්බුදයට මැති සබයෙන් විසැඳුම් සොයා ගත යුතුයි‘‘ සමගිව සාමකාමීව අනාගත පරපුර ගැන සිතා පවතින අර්බුදයට පාර්ලිමේන්තුව තුළින් විසඳුමක් සොයා ගන්නා ලෙස රාජ්‍ය නායකයන් ඇතුළු සියලුම දෙනාගෙන් ඉල්ලීමක් කරන බව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු කරු ජයසූරිය මහතා පැවසීය. 01 August 2022
බොරතෙල් මිල පහතට ලෝක බොරතෙල් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (01) දින පහත යාමක් දක්නට ලැබුණි. 01 August 2022
රට පනින්න ගිය 47ක් අල්ලයි නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 47 දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි 01 August 2022
ඉන්දියාවෙන් වඳුරු උණ මරණයක්? ‘වඳුරු උණ’ (මංකිපොක්ස්) රෝග ලක්ෂණ පෙන්නුම් කළ තරුණයකු මියගොස් ඇතැයි ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වේ. 01 August 2022
පාකිස්තාන පාර්ලිමේන්තුවේ කෑමවල කැරපොත්තෝ පාකිස්තාන පාර්ලිමේන්තුවේ භෝජනාගාර දෙකක් සීල් තැබීමට බලධාරීන් පියවර ගෙන තිබේ. ඒ, එම භෝජනාගාරවලින් ලබා ගත් ආහාරවල කැරපොත්තන් සිටිනවා යැයි මැති ඇමැතිවරුන්ගෙන් පැමිණිලි ලැබීමත් සමඟය. 01 August 2022
පක්ෂ පාට වලට බෙදුනොත් රට වලේ තව දුරටත් පක්ෂ පාට බලාගෙන දේශපාලනය කරනවා නම් රටට අනාගතයක් නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 01 August 2022
තංගල්ලේ අනතුරින් දෙකක් මරුට:පහක් රෝහලට තංගල්ල හේනකඩුව ප්‍රදේශයේදී මොටර් රථයක් පාරෙන් ඉවතට පැන නුග ගසක ගැටීමෙන් එහි ගමන්ගත් තරුණයන් දෙදෙනකු එම ස්ථනායේදී මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි බව තංගල්ල පොලීසිය පවසයි. 01 August 2022
ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ගාස්තු සියයට 30කින් ඉහළට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා ගාස්තු ඉහළ දැමීමට තීරණය කර ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශය උසස් නිලධාරියෙක් පැවසීය. 01 August 2022
තවත් නාඳුනන මළ සිරුරුක් ගාලුමුවදොර වෙරළට ගොඩ ගසයි ගාලු මුවදොර මුහුදු වෙරළට ගොඩ ගසා තිබූ නාඳුනන පුද්ගලයකුගේ මළ සිරුරක් අද අළුයම හමුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. 01 August 2022
පළාත් රැසකට තද වැසි සමඟ සුළං නිරිතදිග මෝසම් තත්වයේ සක්‍රීයවීමක් හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේත්, බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් පවතින වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක් අද (1) සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 01 August 2022
කේතය දිගේ ලක්ෂ 50ක් ඇවිත් ජාතික ඉන්ධන බලපත්‍රයේ කිව්.ආර්. කේතයෙන් ඉන්ධන ලබාගැනීමට ඊයේ (31) රාත්‍රී වන විට වාහන ලක්ෂ 50 ක් ලියාපදිංචි වී සිටි බවත් ඉන්ධන පිරවුම්හල් 1,140 ක් කිව්.ආර්. පද්ධතිය හරහා ඉන්ධන නිකුත් කිරීමට අනුගත වී සිටි බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 01 August 2022
ඉන්ධන අක්‍රමිකතා කළොත් කියන්න අංකයක් ජාතික ඉන්ධන බලපත්‍රයේ කිව්.ආර්. කේතයට පරිබාහිරව සිදුවන අක්‍රමිකතා ඡායාරූප සහ රූපරාමු ලෙස 0742123123 යන දුරකථන අංකයට උය්එි්චච හරහා යොමු කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 01 August 2022
අග්‍රාමාත්‍ය කාර්යාලය අසල මෝටර් රථයක් ගිනි ගනී කොළඹ 3 මල් පාරේ පිහිටි වෙළඳ සැලක් ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථයක් අද (31) පෙරවරුවේ හදිසි ගිනි ගැනීමකට ලක් විය. 31 July 2022
ගෙදරක් නැති මිනිහෙකුට ගෙදර යන්නැයි කීම කාලය නාස්ති කිරීමක් රනිල් ගෙදර යන්නැ යි කියා පෙළපාළි ගියාට තමාට යන්නට ගෙදරක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 31 July 2022
සිරිපාල ගැන සෙවූ කමිටු වාර්තාව ජනපති ලේකම්ට ජපානයේ තයිසේ සමාගමෙන් හිටපු අමාත්‍යවරයකු අල්ලසක් ඉල්ලූ බවට සමාජ මාධ්‍ය ජාලා ඇතුළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්හි පළකර තිබූ වාර්තා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නට පත් කළ කමිටුවෙි වාර්තාව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට අද බාර දී තිබේ. 31 July 2022
ඉන්ධනහල් යුද හමුදා සහාය යළි පතයි ඉන්ධන පිරවුම්හල්වලින් ඉවත් කළ යුද හමුදා ආරක්ෂාව නැවත දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා අද (31) පස්වරුවේ පැවසීය. 31 July 2022
පැය 3 ක විදුලි කප්පාදුව තවත් දීර්ඝ වෙයි විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට සහ අනිද්දා (1 සහ 2) දෙදින ද පැය 3 ක් විදුලි කප්පාදුවට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (31) පස්වරුවේ පැවසීය. 31 July 2022
කිව්.ආර්. කේතයට හෙට සිට වැඩ සමස්ත ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරවුම්හල්වල ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. කේතයට ඉන්ධන ලබාදීම හෙට (1) ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 31 July 2022
තෙල්මිල පොඩ්ඩක් පහළට ඉන්ධන මිල රුපියල් 50ත් 100ත් අතර සංඛ්‍යාවකින් යළිත් වරක් අඩු කෙරෙනු ඇතැයි ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග වලින් පැවසේ. 31 July 2022
ජනාධිපතිවරයා දිනාගත යුත්තේ ජනතා විශ්වාසයයි රාජ්‍ය පාලනයේදී ජනාධිපතිවරයා දිනාගත යුත්තේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය නොව ජනතා විශ්වාසය බවත්, සියලු පක්ෂ එක්කරගත් සර්ව පාක්ෂික වැඩපිළිවෙලකට යොමුවන්නේ නම් ඒ සඳහා ජනාධිපතිවරයාට සහය ලබාදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 31 July 2022
ශ්‍රී ලංකාවේ ඉදිරි ආහාර අර්බුද ඩබ්ලිව්.එෆ්.පී පෙන්වයි මෙරටට මසකට ආහාර ආනයන සඳහා වැය කළ මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 130 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 50 දක්වා පහත වැටී ඇතැයි ලෝක ආහාර වැඩසටහනේ නවතම දත්ත වාර්තාව පෙන්වා දුන්නේය. 31 July 2022
අරගලකරුවෙක් අල්ලන්න ගියාම පහක්ම අසුවෙලා අරගලයට සම්බන්ධවී ජනපති මන්ධිරයට අලාභහානි කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නුවරඑළිය කළුකැලේ බොනස්ටා ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගිය පොලිසිය එම නිවසේ සැඟව සිටි අරගලයට සම්බන්ධ බව කියන තවත් සැකකරුවන් හතර දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 31 July 2022
රත්ගම වෙඩි තැබීමකින් අයෙක් මරුට රත්ගම ගම්මැද්දගොඩ දී මීට ස්වල්ප වේලාවකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් තවත් අයකු තුවාල ලබා රෝහල් ගත කළ බව රත්ගම පොලීසිය කියයි. 31 July 2022
ත්‍රිරෝද රියකට සතියකට ලීටර් 30ක් අවශ්‍යයි පොදු ප්‍රවාහනයේ නියැලෙන ත්‍රීරෝද රථවලට සතියකට පෙට්‍රල් ලීටර 30 ක් ලබාදීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා ‘ලංකාදීප’යට පැවසීය. 31 July 2022
ජූලි මාසයේ කොරෝනා මරණ 30ක් රටේ විවිධ ප්‍රදේශවලින් කොවිඩ් මරණ 30 ක් පමණ මේ මාසයේදී වාර්තාවී ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසීය. 31 July 2022
සංස්ථා - මණ්ඩලවලට අලුත් මුහුණු රජයේ සංස්ථා -මණ්ඩල රැසක ප්‍රධානීන්ට සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් ට ඉවත් වන ලෙස දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 31 July 2022
රටේ තියෙන්නේ බලවතුන්ගේ නීතියක් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වරදකරුවන් ලෙස හඳුන්වා ඇති අය අදත් දේශපාලන කටයුතුවල නිරතවෙමින් හා පොලීසියේ තනතුරු දරමින් නිදහසේ ජීවත් වන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 31 July 2022
පුරාවිද්‍යා ගැසට්ටුවේ ලොකු හිලක් අරගලකරුවන්ගේ බාරයට පත්වූ ජනාධිපති මන්දිරය ඇතුළු කොළඹ ප්‍රධාන ගොඩනැගිලි හතර පෞරාණික ස්ථාන ලෙස විධිමත් සහ නිශ්චිත ආකාරයට ගැසට් නිවේදන මගින් ප්‍රකාශයට පත්කර නැති හෙයින් ඒවායේ පෞරාණික දේපළවලට හානි කළ පුද්ගලයන් සම්බන්ධයෙන් පුරාවිද්‍යා පනත යටතේ නීතිය ක්‍රියාත්මක කිරීම ගැටළු සහගතවී ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීහු පෙන්වා දෙති. 31 July 2022
කුරුඳුවත්තේ ආයතනයකින් රන් සහ මැණික් ඉස්සූ දෙකක් මාට්ටු කුරුඳුවත්ත ප්‍රධාන පෙළේ ආයතනයකට ඇතුළු වී රුපියල් කෝටි 16 කට ආසන්න වටිනා මැණික් සහ රන් ආභරණ අඩංගු සේප්පුවක් සොරාගත් එම ආයතනයේ හිටපු රියදුරකු සහ තවත් පුද්ගලයකු තොටළඟ ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාෂය කියයි. 31 July 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026