රාජිතගේ සුදුවෑන් නඩුවේ කොන්දේසියක් ඉවතට ආන්දෝලනාත්මක “සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව”ට අදාළව විදෙස් ගමන් තහනම් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගේ එම ගුවන් ගමන් තහනම ඉවත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුන්දර මහත්මිය අද (01) නියෝග කළාය. 01 August 2022
ජනපතිට පාකිස්ථානයේ හොඳ හිත පාකිස්ථානය සහ ලංකාව අතර පවතින සබඳතා දෙරටේම අභිවෘද්ධිය උදෙසා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සිය අපේක්ෂාව බව පාකිස්ථාන ජනාධිපති ආචාර්ය අරීෆ් අල්වි (Arif Alvi) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබපැතුම් පනිවිඩයක් එවමින් සඳහන් කරයි. 01 August 2022
රත්නපුරයට ගංවතුර පැවති අධික වැසි හේතුවෙන් කලූ ගඟේ ජල මට්ටම අද දහවල් 02.00 පමණ වනවිට සුලූ ගංවතුර මට්ටමකට ළඟාවූ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 01 August 2022
‘ඇනිමේට් හර්’ ලයනල් වෙන්ඩ්ට්හිදී මෙම හය සහ හත් වැනිදා බ්‍රිතාන්‍ය කවුන්සලය (බීරටිෂ් කවුන්සිල්) වාර්ෂිකව සංවිධානය කරන ‘මපට්’ නිර්මාණ සහ කෙටි චිත්‍රපටි ප්‍රදර්ශනය ‘ඇනිමේට් හර්’ වැඩසටහන කොළඹ 7, ලයනල් වෙන්ඩ්ට්හිදී මේ මස 6 සහ 7 දෙදින පෙරවරු 10.00 සිට රාත්‍රී 8.00 දක්වා පැවැත්වේ. 01 August 2022
මහින්දගේ බැසිල්ගේ විදෙස් ගමන් තහනම දිගුවෙති හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට අධිකරණයකින් අවසරයකින් තොරව විදෙස්ගත වීම වළකාලමින් නිකුත් කර තිබූ තහනම් නියෝගය ලබන අගෝස්තු මස 04 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) නියෝග කළේය. 01 August 2022
ශ්‍රී ලංකා ඉන්දියා මිත්‍රත්වයේ විරසකයක් ඇතිවීමට ඉඩනොදිය යුතුයි ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ඓතිහාසික මිත්‍රත්වයේ විරසකයක් ඇති කිරීමට බාහිර බලවේගවලට ඉඩ නොතැබිය යුතු බව දෙමළ ප්රගතිශීලී සන්ධානයේ උප සභාපති සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා පවසයි. 01 August 2022
ප්‍රකාශයක් දෙන්න රැට්ටා කොළඹ අපරාධ කොට්ඨාසයට සාමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වු රතිදු සේනානායක හෙවත් (රැට්ටා) නැමැත්තා ප්‍රකාශයක් ලබා දීම සදහා අද (1) පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණි බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 01 August 2022
කොවිඩ් මරණ තවත් 3ක් ‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් තිදෙනකු ඊයේ (31) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (1) පස්වරුවේ තහවුරු කළේය. 01 August 2022
මාර්ග අංක 175 පුද්ගලික බස් රථ වර්ජනයක ඉන්ධන ඉල්ලා මාර්ග අංක 175 කොහිලවත්ත, කොල්ලුපිටිය පුද්ගලික බස් රථ වර්ජනයක් ආරම්භ කර ඇත. 01 August 2022
උඩරට දුම්රියට වර්ෂාවෙන් බාධා මධ්‍යම පළාතට ඇඳ හැළෙන අධික වර්ෂාව හේතුවෙන් කඳු කඩා වැටීම සහ ගල් පෙරළිමෙන් දුම්රිය මාර්ගය අවහිරවීමෙන් අද (1) කොළඹ කොටුව සිට බදුල්ල දක්වාත්, බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වාත් ධාවනය කිරීමට නියමිතව රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 01 August 2022
නියෝජ්‍ය කතානායකගෙන් හම්බන්තොට ධීවරයන්ට ෆයිබර් ග්ලාස් ඔරු හම්බන්තොට දිස්ත්‍රික්කයේ මිරිදිය ධීවර කර්මාන්තය නගා සිටුවීම සඳහා නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා විසින් වැඩපිළිවෙළක් ආරම්භ කරනු ලැබ ඇත. 01 August 2022
මෝදර වෙඩි තැබීමට පුකුඩිකන්නාගේ ගෝලයෝ තුනක් මාට්ටු මෝදර රෙඩ්බානාවත්තේ දී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීම සිද්ධිය සම්බන්ධයෙන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමි කරුවකු හා සංවිධානාත්මක අපරකරුවකු වන බාලචන්ද්‍රන් පුෂ්පරාජ් නොහොත් පුකුඩිකණ්නාගේ කල්ලියේ ගෝලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි. 01 August 2022
ජන්ම පත්‍රයට හඳුනා ගැනීමේ අංකය අද සිට ශ්‍රී ලාංකික දෙමාපියන්ට දාව මෙරටදී උපත ලබන දරුවන්ට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිකුත් කරන උප්පැන්න සහතිකයට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කරන ජාතික හැදුනුම්පත් අංකය අද (1) සිට ඇතුළත් කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය. 01 August 2022
ඉදිරි දෙසතිය තුළ කොවීඩ් රෝගීන්ගේ වර්ධනයක් ඉදිරි දෙසතිය තුළ විශාල වශයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා විය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය. 01 August 2022
රත්නපුරට හා මාතරට ගංවතුර අවදානමක් පවතින වැසි සහිත කාලගුණ තත්වය සමඟ නිල්වලා සහ කළු ගංඟා ආශ්‍රිතව ගංවතුර අවදානමක් මතුව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 01 August 2022
මිත්තනියයි - මිණිබිරිය දොලේ ගසා ගෙන යති පොල්පිටිය හිටිගේගම බොකරවැවිල ප්‍රදේශයෙන් ගලා යන කැළණි ගඟේ අතු ඇළ මාර්ගයක් තරණය කිරිමට ගිය මිත්තණියක (60) සහ මිණිබිරියක (05) සැඩ පහරට අසුව ගසාගෙන ගොස් ඇති බව පොල්පිටිය පොලිසිය පවසයි. 01 August 2022
සහල් ආනයනය නවතින ලකුණු අවශ්‍ය තරම් සහල් රටෙි සහල් දැනට තිබෙන බැවින් සහල් ආනයනය තාවකාලිකව අත්හිටුවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලීමට තීරණය කර තිබෙි. 01 August 2022
ගෑස් ගැන ගෑස් සභාපති මෙසේ කියයි ගෑස් අර්බුදය විසඳා ගැනීම සඳහා ගෑස් ආනයනයට මේ වන විට රජය පියවර ගනිමින් සිටින බව සීමා සහිත ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. 01 August 2022
ජනපතිගේ ලිපියට විමල්ගෙන් සහ පාඨලීගෙන් පිළිතුරු ආර්ථික සහ සමාජයීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වන සර්වපාක්ෂික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යොමුකර ඇති ලිපියට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ 43 වන සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක යන මහත්වරුන් විසින් පිළිතුරු ලිපි යොමුකර ඇත. 01 August 2022
දිස්ත්‍රික්ක 7ක නායයෑමේ අවදානමක් පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 01 August 2022
‘‘සර්ව පාක්ෂික ආණ්ඩුවකට අපේ සහාය‘‘ ජාතික ගැටලූව විසඳා ගැනීමට නම් සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිවීම අත්‍යවශ්‍ය බැවින් එවැනි ආණ්ඩුවකට තම පක්ෂය පුර්ණ සහයෝගය දෙන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතා පවසයි. 01 August 2022
ධීවරයන්ට අනතුරු ඇගවීමක් පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයන්හි නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කර ඇත. 01 August 2022
මුලතිව් ප්‍රා.ලේකම්ගේ වැසිකිළියෙන් ඉන්ධන මතු වේ මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැසිකිලියේ සහ ප්‍රාදේශීය ලේකම්වරයාගේ නේවාසිකාගාරයේ තිබී ඉන්ධන තොගයක් සොයාගත් බව මුලතිව් පොලිසිය කියයි. 01 August 2022
ලිට්රෝ ගෑස් මිල 5 වැනිදා අඩුවෙයි ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල මේ මස 5 වැනිදා අඩුකරන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මුදිත පීරිස් මහතා පැවසීය. 01 August 2022
පාර්ලිමේන්තුවේ විශේෂ පෙරහුරුවක් හෙට පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයේ විශේෂ පෙරහුරුවක් හෙට පැවැත්වෙන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය. 01 August 2022
ධානිශ් අලී 15 තෙක් රිමාන්ඩ් රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී බලහත්කාරයෙන් කටයුතු කලැයි කියන සිද්ධියට අදාළ ව අධිකරණයට ඉදිරිපත් කළ සමාජ ක්‍රියාකාරී ධානිශ් අලී නැමැත්තා ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (01) නියෝග කළේය. 01 August 2022
වල් අලියා දිවි නසා ගන්නා වැඩක් කරයි හම්බන්තොට කටුවැව ප්‍රදේශයේ අධිබලති විදුලි කණුවකට පහර දුන් වල් අලියකු විදුලි සැරවැදී මිය ගොස් ඇතැයි වනජීවී නිළධාරීහු පවසති. 01 August 2022
ගෝඨාට එන්න සුදුසු කාලය මෙය නොවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවට පැමිණීමට සුදුසු කාලය මෙය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. 01 August 2022
මැතිසබා උත්සවයට මෙවර අඩු වියදම් තේ පාටියක් පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයෙන් අනතුරුව පැවැත්වෙන තේ පැන් සංග්‍රහය ඉතාම අඩු වියදමින් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු ප්‍රධානීන්ට උපදෙස්දී ඇත. 01 August 2022
‘‘පවතින අර්බුදයට මැති සබයෙන් විසැඳුම් සොයා ගත යුතුයි‘‘ සමගිව සාමකාමීව අනාගත පරපුර ගැන සිතා පවතින අර්බුදයට පාර්ලිමේන්තුව තුළින් විසඳුමක් සොයා ගන්නා ලෙස රාජ්‍ය නායකයන් ඇතුළු සියලුම දෙනාගෙන් ඉල්ලීමක් කරන බව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු කරු ජයසූරිය මහතා පැවසීය. 01 August 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026