කොරෝනා සමයේ වැඩි කළ බස් ගාස්තු අඩු කරන්නලු ‘කොවිඩ්’ සමයේ ඉහළ දැමූ පෞද්ගලික බස් ගාස්තු සියයට 20 ක ප්‍රතිශතය අඩු කිරීමට ප්‍රවාහන අමාත්‍යංශයෙන් අවසර ඉල්ලා ඇති බවත් ඩීසල් මිල රුපියල් 10 කින් අඩු කිරීමෙන් බස් ගාස්තුවට ඇතිවූ බලපෑම ඉතා සුළු ප්‍රතිශතයක් බවත් ජාතික ගමනා ගමන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා අද (2) පැවසීය. 02 August 2022
අධිශීතකරණ ලොරියෙන් ඩීසල් රැගෙන ගිය තුනක් මාට්ටු ශිතකරණ ලොරියකින් අන්තරාදායක ලෙස ඩීසල් ලීටර් 2740ක් ප්‍රවාහනය කරමින් සිි අග්බෝපුර 87 පෙදෙසේදි පදිංචිකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කන්තලේ මුලස්ථාන පොලිස් නිලධාරිහු පවසති. 02 August 2022
ප්‍රමාණවත් ඉන්ධන නැත්නම් අධිවේගයට ඇතුල්නොවන්න ‘ප්‍රමාණවත් ඉන්ධන නොමැති නම් අධිවේගී මාර්ගයට ඇතුල්වීමෙන් වළකින්න’ යැයි අධිවේගී මාර්ගවල විද්‍යුත් දැන්වීම් පුවරුවල ප්‍රදර්ශන කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. 02 August 2022
ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිගෙන් අගමැති දිනේෂ්ට ලිපියක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සහ එහි ජනතාවගේ සමෘද්ධිය සහ යහපැවැත්ම සහතිකවී ඉක්මන් ආර්ථික ප්‍රකෘතියක් අත්කර ගනු ඇතැයි බලාපොරොත්තු වන බව ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කළේය. 02 August 2022
පොලිසියේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි පෙරටුගාමී පක්ෂයේ සාමාජිකයන් පිරිසක් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද සවස පැවැත්විමට සංවිධානය කර ඇති විරෝධතාව වළාක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි කොළඹ පොලිසිය කළ ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ප්‍රතික්ෂේප කළේය. 02 August 2022
කිව්.ආර් නිසා ඉන්ධන පෝලිම්වල සැළකිය යුතු අඩුවක් ඉන්ධන ලබාගැනීමේ පෝලිම්වල සැළකිය යුතු අඩුවක් ඇති බවත් කිව්.ආර්. කේත ක්රමයේ සාර්ථකත්වයක් තිබෙන බවත් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා අද (2) පස්වරුවේ පැවසීය. 02 August 2022
ගංවතුරින් නුවරඑළියට වෙච්ච හානිය දිසාපති හෙළි කරයි ගංවතුර තත්වය හේතුවෙන් අද (2) දහවල් 12.00 වනවිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ තිදෙනකු මියගොස් සිවු දෙනකු අතුරුදන්ව සිටින අතර පවුල් 254ක් අවතැන්ව සිටින බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා ලංකාදීපයට පැවැසීය. 02 August 2022
නාගරික සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක් නාගරික සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස නිමේෂ් හේරත් මහතා පත් කරනු ලැබ සිටී. 02 August 2022
බොරතෙල් මිල තවත් පහළට ලෝක බොරතෙල් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල පෙරදිනට සාපේක්ෂව අද (02) දින තවදුරටත් පහළ ගියේය. 02 August 2022
කාලගුණය පීඩාවට පත්කළ ජනතාවට නාවික හමුදා සහය අධික වැසි හේතුවෙන් ගංඟා පිටාර මට්ටමට පැමිණීමෙන් ඇතිවිය හැකි ගංවතුර අවධානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් 48 ක් අද (2) පෙරවරුවේ සිට සූදානම් කර ඇති බව නාවික හමුදාව පවසයි. 02 August 2022
විදෙස්ගත ශ්‍රමිකයින්ට හිමිවන තීරුබදු සහන ඉහළට බැංකු පද්ධතිය හරහා මෙරටට මුදල් එවන විදෙස්ගත ශ්‍රමිකයන් සඳහා තීරු බදු සහනය ඉහළ දැමීමටත්, විදුලියෙන් ක්‍රියාකරන වාහනයක් මිලදී ගැනීම සඳහා අවස්ථාව දීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කම්කරු හා විදෙස් රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද (2) පැවසීය. 02 August 2022
මහ කන්නෙන් පස්සේ කුකුල්ලු ගනං බස්සති මහ කන්නයේ දී හෙක්ටෙයාර් 60,000ක බඩඉරිඟු වගා කිරීමට සියලු කටයුතු සකසා අවසන් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 02 August 2022
පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට ආචාර වෙඩිමුර පෙළපාළි නෑ පාර්ලිමේන්තුව ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමේ උත්සවයට ආචාර වෙඩිමුර සහ පෙළපාළි මෙවර ඇතුළත් නොකෙරෙන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය. 02 August 2022
රට හදන්න මහින්දගේ අත්දැකීම් ද ඕනෑ රට ගොඩ නැඟීමෙි ගමනට පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ අත්දැකීම් ද ලබාගත යුතු බව කෘෂිකර්ම වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 02 August 2022
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම ගැන සාකච්ඡාවක් අද සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස කොළඹදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. 02 August 2022
රාජ්‍ය සේවකයන්ට දුන් සිකුරාදා නිවාඩුව අවලංගු කරයි රාජ්‍ය සේවකයන්ට සිකුරාදා නිවාඩු දෙමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට කැබිනට් ඇනුමැතිය හිමිවී තිබේ. 02 August 2022
ශෂි වෙල්ගම සභාපති ධූරයෙන් අස්වෙයි ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ බව එහි සභාපති ධූරයේ කටයුතු කළ ශෂි වෙල්ගම මහතා අද (2) පෙරවරුවේ පැවසීය. 02 August 2022
තරු හෝටලයෙන් අරගලයට කෑම දුන්න හැටි හොයයි ගාලුමුවදොර අරගලයේ ආරම්භයේ සිටම අරගලකරුවන්ට කොළඹ තරු හෝටලයකින් දිනපතා ආහාර ලබා දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් ආරම්භ කළ බව පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත. 02 August 2022
ගෝඨාට ආරක්ෂාවදීම රජයේ වගකීමක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරක්ෂාව සහ පහසුකම් ලබාදීම රජයක වගකීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. 02 August 2022
රත්මලානේ වෙඩි තැබීමට අයෙක් මාට්ටු රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය අසල නිවසට කඩා වැදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ පුද්ගලයකු පිස්තෝලයක් ,මත්කුඩු තොගයක් සහ තවත් උපකරණ රැසක් සමඟ පිළියන්දල දී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 02 August 2022
නිරිත දිග මෝසමේ බලපෑම තවදුරටත් නිරිතදිග මෝසම් තත්වයේ සක්‍රීයවීමක් හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේත්, බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් පවතින වැසි සහ සුළං තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 02 August 2022
ජනපති නිවෙසට ගිනි තැබූ තුනක් මාට්ටු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට වී ගිනි තබා අලාභානි කළැයි කියන තරුණයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්ලුව මහතා පවසයි. 02 August 2022
අල් කයිඩා නායක සවාරි මරා දැමේ අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායක අයිමාන් අල් සවේරී ඝාතනය කිරීමට ඇමෙරිකා හමුදාව සමත් විය. 02 August 2022
අල්ලස් චෝදනාවෙන් නිමල් සිරිපාල නිදහස් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්වූ නිමල් සිරිපාල ද සිල්වා මහතා එම අමාත්‍ය ධුරයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද (2) පෙරවරුවේ නැවතත් දිවුරුම් දීමට නියමිතව ඇතැයි වාර්තා වේ. 01 August 2022
ජනපති කාර්යාලයට මුලින්ම පැන්න අරගලකරුවා අල්ලයි අරගල කරුවන් විසින් ඉකුත් ජූලි මස 09 දින කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් කඩා වැදුණු අවස්ථාවේ, පිරිස කුපිත කරමින් එහි ආරක්ෂක වැට බිඳ දමමින් පළමුවරට එම පරිශ්‍රයට ඇතුළු වූ පුද්ගලයා අද (1) පස්වරුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් මහරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. 01 August 2022
රට හාල් ගැන හොයන්න කමිටුවක් සහල් ආනයන කිරීම තාවකාලිකව අත්හිටුවීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍ය මණ්ඩලයට කළ යෝජනාව සම්බන්ධව කරුණු සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය එකඟත්වය පළ කර තිබෙි. 01 August 2022
ලංවීම ප්‍රතිව්‍යුහගත කරන්න කැබිනට් අනුමැතිය ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අද (1) පස්වරුවේ ලැබුණු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 01 August 2022
පොලිස් කතක බලහත්කාරයෙන් රැගෙන යද්දී වෙඩි තබා මුදා ගනී අඹන්පොළ දී සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කර එය පොලිසිය රැගෙන යාම සඳහා කටයුතු කළ පොලිස් සැරයන්වරියක ද සමග නොනවත්වා පළා යද්දී මෝටර් රථයට වෙඩි තබා කාන්තාවන් දෙදෙනකු සහ එහි රියැදුරා අත්අඩංගුවට ගත් බව අඹන්පොළ පොලිසිය කියයි. 01 August 2022
රැට්ටා අත්අඩංගුවට සාමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වු රතිදු සේනානායක හෙවත් (රැට්ටා) නැමැත්තා අද (1) කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගනු ලැබීය. 01 August 2022
ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 10කින් අඩු වෙයි ඛනිජ තෙල් මිල සූත්‍රයට අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු කළ බවත් ඒ අනුව ඩීසල් ලීටරයක නව මිල රුපියල් 430 ක් බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව අද (1) පස්වරුවේ නිවේදනය කළේය. 01 August 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026