චීනය-කොරියාව-ලංකාව හරහා මදුරෙයි ගිය කතට කොරෝනා චීනයේ සිට දකුණු කොරියාව,ශ්‍රී ලංකාව හරහා මදුරෙයි වෙත පැමිණි 36 හැවිරිදි මවකට හා ඇයගේ එක් දියණියකට කොවිඩ් රෝගය වැළඳී ඇතැයි තහවුරු වූ බව තමිල්නාඩු ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය සුබ්‍රමනියන් මහතා ප්‍රකාශ කර ඇත. 28 December 2022
සිවිල් සමාජිකයන් පත් කිරීම ගැන තීරණය හෙට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයින් පත්කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට(29) ගැනීමට නියමිතව ඇතැයි වාර්තා වේ. 28 December 2022
කොටුවෙන්ම කොච්චියට කෝච්චියෙන් කොටුවට දුම්රියෙන් කොළඹ කොටුවට එලවළු ප්‍රවාහනය කිරිමේ කටයුතු වසර 23 කට පසු ඊයේ දින පස්වරුවේ ආරම්භ කළ බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සහ නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය. 28 December 2022
ජනපතිගෙන් අඹේවෙල ගොවිපොළට තෑග්ගක් අඹේවෙල ගොවිපොළ ආසන්නයේ අතහැර දමා ඇති අක්කර 30ක ඉඩම කඩිනමින් ගොවිපොළට පවරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයාට සහ නාගරික කොමසාරිස්වරයාට උපදෙස් දුන්නේය. 28 December 2022
සජිත් නොකරන දෙයක් ගැන රංගෙ කියයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කිසි විටෙක ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. 28 December 2022
ට්රක්වල සැඟව හංගේරියා පනින්න හැදූ ලාංකිකයන් මාට්ටු ට්‍රක් රථ දෙකකකින් නීතිවිරෝධී ලෙස හංගේරියාවට ඇතුළු වීමට උත්සාහ දැරූ සංක්‍රමණිකයන් පිරිසක් අත් අඩංගුවට ගැනීමට රොමේනියානු දේශ සීමාවේදී එරට පොලිසිය සමත්ව ඇත. 28 December 2022
නිවාස අධිකාරියේ කලුතර වංචාව ගැන පරීක්ෂණ සී.අයි.ඩීට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කලුතර දිස්ත්‍රික් කාර්යාලයේ සිදුව ඇතැයි කියනු ලබන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන බව නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු කේ.ඒ ජානක මහතා පවසයි. 28 December 2022
මහව සමූප ඡන්දෙන් ජාජබට විශිෂ්ඨ ජයක් මහව විවිධ සේවා සමුපකාර සංගම් මහා සභාව වෙනුවෙන් සභිකයන් තෝරා ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේ දී සමස්ත ආසන සංඛ්‍යාවෙන් 62% ක ප්‍රතිශතයක් දිනා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සමත්ව තිබේ. 28 December 2022
සීමාවට තෙල් දෙන්නෑ ජී7 සාමාජික රටවල් රුසියානු බොරතෙල් සඳහා එකඟ වූ මිල සීමාව පනවන කිසිම රටකට හෝ සමාගමකට බොරතෙල් අලෙවි නොකරන බව රුසියාව පවසයි. 28 December 2022
සිමෙන්ති සංස්ථාව ලක්ෂ 64ක කොටස් පිනට දීලා ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව රුපියල් හැට හතර ලක්ෂයක කොටස් පෞද්ගලික සමාගමක ආයෝජනය කර තිබුණත් සංස්ථාවට කිසිදු ප්‍රතිලාභයක් ලැබී නොතිබුණු බව විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 28 December 2022
පිඟන් සංස්ථාවට උළු කැට වලිනුත් පාඩුවක් පිඟන් සංස්ථාවේ උස්වැව කම්හලින් චාවකච්චේරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සපයා තිබූ පළමු ශ්‍රේණියේ පැතලි උළු කැට 39,200 ක් ප්‍රතික්ෂේප වී තිබූ අතර එම ප්‍රතික්ෂේප වූ උළු කැට රැගෙන යෑමට සහ එම උළු කැට වෙනුවට හොඳ උළු කැට සැපයීමට සිදුවීම නිසා රුපියල් විසිඑක් ලක්ෂයක පාඩුවක් මණ්ඩලයට දැරීමට සිදුව තිබූ බව විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 28 December 2022
’’අපේ හඬට කන් නොදුන්නොත් අපි කන් දෙන්නෙත් නෑ’’ ’’ආණ්ඩුව අපේ හඬට ඇහුම්කන් නොදුන්නොත් අපිටත් ආණ්ඩුවේ හඬට ඇහුම්කන් දෙන්න බැරි වේවි’’ යැයි හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා ලංකාදීපයට පැවැසීය. 28 December 2022
වෙරළබඩ දුම්රියත් කොට උඩ වෙරළබඩ දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියේ හටගෙන ඇති දෝෂයක් හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ප්‍රමාද වීමෙන් මගී ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටිති. 28 December 2022
ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට වසර ගණනක් තිස්සේ මෙරට කෘෂිකාර්මික ක්ෂේත්රවේ අඩුපාඩුවක්ව පැවැති ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තිය මේ වනවිට අවසන් කෙටුම්පත සකස් කර අවසන් කර ඇති බව එම ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා පත් කළ විද්වත් කමිටුව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නේය. 28 December 2022
ප්‍රංශයට ’’සූර්’’වෙන්න ලංකාවෙන් තල් රා තල් රා විශාල ප්‍රමාණයක් පසුගියදා ප්‍රංශයට යැවූ බව තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිශාන්ත පතිරාජ මහතා පැවසීය. 28 December 2022
ප්‍රධාන මාර්ගයේ දුම්රිය අදත් ප්‍රමාදයි තාක්ෂණික දෝෂයක් හේතුවෙන් දුම්රිය මාර්ගයේ රාගම දුම්රිය ස්ථානය සිට මරදාන දක්වා දුම්රිය ධාවනය ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවැසීය. 28 December 2022
එතෙරින් ඇවිත් කතරගම සුරිඳුන් නමදිති කතරගම සුරිඳුන් වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන් අතරින් විදෙස් සංචාරකයන් ද මේ දිනවල දැක ගත හැකිය . 28 December 2022
චීනයේ ‘කොවිඩ් 19’ ප්‍රභේද 4 ක් පැතිරෙනවා චීනයේ ‘කොවිඩ් 19’ වයිරසය ඔඩුදුවන්නේ, උප ප්‍රභේද හතරක් රට පුරා පැතිරෙන නිසා යැයි එරට වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති. 28 December 2022
යුක්රේන ජනපතිගෙන් අගමැති මෝදිට ඇමතුමක් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට දුරකතන ඇමතුමක් ලැබුණි. එහිදී, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සමඟ රුසියන් යුක්රේන අර්බුදය අවසන් කිරීමේ සාම වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වීය. 28 December 2022
තඹුත්තේගම රිය අනතුරින් දෙකක් මරුට: දෙකකට බරපතළයි පාදෙණිය අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ තඹුත්තේගම කෝන්වැව ප්‍රෙද්ශයේදී දී අද (27 දා) සවස සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති බව තඹුත්තේගම මූලස්ථාන පොලීසිය පවසයි. 27 December 2022
පේරාදෙණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරුන්ගේ ශිෂ්‍යභාවය අත්හිටුවයි පේරාදෙණිය විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයාගේ සහ වත්මන් සභාපතිවරයාගේ ශිෂ්‍යභාවය අත්හිටුවීමට පියවර ගත් බව එම විශ්වවිද්යායලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක ටෙරන්ස් මධුජිත් මහතා පැවසීය . 27 December 2022
මිල අඩු බිත්තර හෙට සිට තැන් විස්සකදී කොළඹ හා ගම්පහ ස්ථාන 20ක දී රුපියල් 55 ට බිත්තර හෙට සිට (28) අලෙවි කිරීමට පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 27 December 2022
විදුලි ගාස්තු ඉහළ දමන්නේ වැරදි තොරතුරු මතයි ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු ඉහළ දැමීමට යොදාගෙන ඇති තොරතුරු නිවැරදි නොවන බවත් වර්තමානයේ දිනක විදුලි ඉල්ලුම ගිගාවොට් 37 ක් වුවත් දිනක ඉල්ලුම ගිගාවොට් 48 ක් ලෙස ගෙන ලබන වසරේ විදුලි ඉල්ලුම පුරෝකථනය කර ඇති බවත් හිටපු විදුලිබල අමාත්‍යවරයෙක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා අද (27) පැවසීය. 27 December 2022
ඉදිරි වසර තුනේ මෙගාවොට් 2800 ක් පුනර්ජනනීය ක්‍රමවලින් පුනර්ජනනීය මාර්ගවලින් ඉදිරි වසර තුන තුළ ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 2800 ක් ජනනය කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 27 December 2022
මයුරි පින්නවල හැර යයි පින්නවල අලිසංරක්ෂණාගාරයේ නිරෝගි සුවයෙන් පසුවූ බව කියන 37 හැවිරිදි මයුරි කෙනර අද දහවල් 2.30 ට පමණ හදිසියේ මියගොස් ඇතයි පින්නවල අලිසංරක්ෂණාගාරයේ ප්‍රකාශකයෙක් පැවසීය. 27 December 2022
අලුත් ලේකම්ලා ජනපති ලේකම් හමුවෙති කැබිනට් අමාත්‍යාංශ සඳහා පත් කෙරුණු නව ලේකම්වරුන් සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අතර හමුවක් කොළඹ ජනාධිපතිකාර්යාලයේදී අද පැවැත්විණි. 27 December 2022
ප්‍රියමාලි ගෙදර යයි මූල්‍ය වංචා චෝදනාවක් මත වැලිකඩ බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තිළිණි ප්‍රියමාලි සියලුම නඩුවලින් ඇප ලැබීම හේතුවෙන් බන්ධනාගාරයෙන් මුදාහැරි බව බන්ධනාගාර මධ්‍ය ප්‍රකාශක සහ අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පැවසීය. 27 December 2022
විදුලි බිලට එරෙහි විරෝධතාවලට මුහුණ දෙනෙවා විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවත් ඊට එරෙහිව කවුරුන්ගේ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නේ නම් නීත්‍යානුකූලව ප්‍රතිචාර දක්වන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (27) පැවසීය. 27 December 2022
ජායා පර්යන්තය පුළුල් කිරීමට උපදෙස් ශ්‍රී ලංකා වරායට පූර්ණ අයිතිය ඇති ඉපැරිණිම පර්යන්තය වන ජායා පර්යන්තයේ පුළුල් කිරිමේ සංවර්ධන කටයුතු නැවති ඇති බැවින් එය වහාම කඩිනම් කරන ලෙස වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දෙනු ලැබීය. 27 December 2022
තල් ලොක්කන් දෙදෙනෙකු නෙරපයි රාජ්‍ය දේපළ සහ රාජ්‍ය මුදල් අවභාවිත කළ තල් සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයකු ඇතුළු උසස් නිලධාරීන් දෙදෙනකු සේවයෙන් නෙරපා හැරි බව එම මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිශාන්ත පතිරාජ මහතා පැවසීය. 27 December 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026