වී වගාවට පොහොර යොදන අනුපාතය ගැන මහාචාර්ය නිර්දේශයක් 2022/23 මහ කන්නයේ වී වගාවට රසායනික පොහොර සියයට 70ක් හා කාබනික පොහොර සියයට 30ක් ලෙස යෙදීමට කෘෂිකර්ම මහාචාර්යවරුන් නිර්දේශ කර තිබෙි. 28 July 2022
හොරෙන් විකුණන්ද හැදූ ඉන්ධන ලීටර් 1500ක් අල්ලයි නීති විරෝධීව රැස් කරනලද ඩීසල් තොගයක් අධිවේගී මාර්ගයෙන් ප්‍රවාහනය කිරීමට සූදානම් වෙද්දී දක්ෂිණ අධිවේගයේ හම්බන්තොට පිවිසුම ආසන්නයේදී සැකකරුවන් දෙදෙනකු සමග අත් අඩංගුවට ගත් බව හම්බන්තොට පොලීසිය පවසයි. 28 July 2022
ඇමරිකාවේ බලාපොරොත්තුව තානාපතිනිය අගමැතිට කියයි දේශපාලනික අර්බූදය ප්රජාතන්ත්රවාදී ක්‍රමවේදය ඔස්සේ විසඳාගෙන සියලු පක්ෂ එකතු වූ රජයක් ශ්‍රී ලංකාවේ නිර්මාණය වනු දැකීම ඇමරිකා එක්සත් ජනපදයේ අපේක්ෂාව බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට අද (28) පැවසීය. 28 July 2022
ශ්රීලනිපය ජනපති හමුවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන යෝජනාවලිය සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරත විය. 28 July 2022
කුඩු බොන්න අක්කා නංගී විකුණයි පහළොස් හැවිරිදි තම නැගිනිය රුපියල් 15000 ක මුදලකට සහ හෙරොයින් ගෑම් 01කට හෙරොයින් ජාවාරම්කරුවකුට විකුනු අක්කා සහෝදරියක අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි. 28 July 2022
හදිසිනීතිය පොහොට්ටුවේ ප්‍රතිපත්තිවලට විරුද්ධයි හදිසි නීතිය පැනවීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති හා ව්‍යවස්ථාවට විරුද්ධ බව එහි ආරම්භක සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. 28 July 2022
මම දිනුවා නම් අටවන විධායක ජනපති අවසන් විධායක ජනපති වෙනවා ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී රනිල් වික්‍රමසිංහ මහතාට වාසිය හිමි නොවී තමන් තේරී පත් වූයේ නම් මෙරට අට වන විධායක ජනාධිපතිවරයා රටේ අවසන් විධායක ජනාධිපතිවරයා වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 28 July 2022
කොරෝනා බියකින් රාගම දුම්රිය කවුළු වැහෙයි රාගම දුම්රිය ස්ථානයේ නිලධාරීන් ඇතුළු සේවක පිරිසකට කොරෝනා වයිරසය ආසාදනයවීම හේතුවෙන් අද (28) දින මගීන්ට දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් නොකෙරිණි. 28 July 2022
අරගල ක්‍රියාකාරි පැතුම් කර්නර් අත්අඩංගුවට බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාවය මෙහෙයවූ බව කියන අරගලයේ ක්‍රියාකාරිකයකු වූ පැතුම් කර්නර් නැමැත්තා අද අත් අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 28 July 2022
ජනාධිපති උපදේශකවරු දෙදෙනෙක් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ධූරයට මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර සහ ශෙනුකා සෙනෙවිරත්න මහත්ම මහත්මීන් පත් කරනු ලැබ ඇත. 28 July 2022
ආරාධනා ගලට නැග්ග ප්‍රංශ ජාතිකයන්ගේ පාවහන් උස්සලා මිහින්තලේ සංචාරයක් සදහා පැමිණි ප්‍රංශ ජාතික සංචාරකයන් පිරිසක් ආරාධනා ගල නැරඹීමට ගිය අතරතුරු කඳු පා මුල ආරක්ෂක කුටියේ දමා ගිය 90,000ක් පමණ වටිනා පාවහන් අතුරුදහන් ව ඇතැයි පොලිසියට පැමිණිල්ලක් කර ඇත. 28 July 2022
හොර ඉන්ධන අල්ලද්දී කසිප්පුත් අසුවෙලා වේයන්ගොඩ වටද්දර ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුගේ නිවසක් සෝදිසි කිරීමේදී ඩීසල් ලීටර් පනස් පහක්, පෙට්‍රල් ලීටර් පහක් හා ගෝඩා බැරල් එකක් එහි තිබී හමුවීමෙන් අනතුරුව එම ව්‍යාපාරිකයා අත් අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලීසිය පවසයි. 28 July 2022
කොළඹ මන්දිරවල ඇඟිලි සලකුණු ගුවන්තොටුපොළට ජනාධිපති මන්දිරය ඇතුළු පරිපාලන මර්මස්ථානවල තිබී හඳුනා ගැනෙන ඇඟිලි සලකුණු ගුවන්තොටුපොළ වෙත යවන බවත් මේ අනුව ඒවායේ හිමිකරුවන් කිසිවකුටත් රටින් පිටව යෑමට හැකියාව නොලැබෙන බවත් මහජන ආරක්ෂක හිටපු ඇමැති රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේය. 28 July 2022
ලක්ෂ 15ක් කොල්ල කා ඇළට පැන පීනද්දී අල්ලයි මීගමුව - කොළඹ බස් රථයක මගි කාන්තාවක් සතුව තිබූ රුපියල් ලක්ෂ 15 කොල්ල කා වත්තල නගරයේ ඇළකට පැන පලායමින් සිටි සැකකරුවෙක් මුදල් ද සමග වත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 28 July 2022
මැතිසබයේ තනතුරු හතරකට අලුත් මුහුණු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරු දෙදෙනෙක් සහ සහකාර සංවිධායකවරු දෙදෙනෙක්ද පත් කරනු ලැබ සිටිති. 28 July 2022
ව්‍යාපාරවල වාහනවලටත් කිව්.ආර්. කේත ලබාගැනීමේ අවස්ථාව ව්‍යාපාර සතු වාහන අදාල ව්‍යාපාරයේ ලියාපදිංචි සහතිකයේ අංකය ඇතුළත් කර ජාතික ඉන්ධන බලපත්‍රය හරහා කිව්. ආර්. කේතය ලබා ගැනීමේ හැකියාව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 28 July 2022
උණ්ඩියල් ක්‍රමයට මුදල් ජාවාරම් කළ අයෙක් අත්අඩංගුවට මාතර ගල්බොක්ක ප්‍රදේශයේ නිවසක් තුළ විදේශ මුදල් තොගයක් නීති විරෝධී ලෙස ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි . 28 July 2022
වස්කඩුවේ ලීමෝලක් ගින්න වස්කඩුවේ ලී මෝලක මධ්‍යම රාත්‍රියේ හටගත් ගින්නකින් විදෙස් රටවලට ආපනයනයට සූදානම් කරන පැලට් ලෑලි විශාල ප්‍රමාණයක් විනාශ වී ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි. 28 July 2022
ධානිශ් අලී රිමාන්ඩ් විදෙස් ගත වීමට සූදානමින් ගුවන්යානයක රැඳී සිටියදී කොටුව අධිකරණය නිකුත් කළ වරෙන්තුවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ධානිශ් අලී නැමැත්තා ලබන 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (27) නියෝග කළේය . 28 July 2022
ප්‍රදේශ රැසකට සවස තද වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (28) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 28 July 2022
රත්මලානේ වෙඩි තැබීමකින් දෙදරු පියා මරුට රත්මලාන සිල්වා මාවතේ නිවසකට ඊයේ රාත්‍රියේ ටී 56 ගිනි අවියක් රැගෙන කඩාවැදුණු පුද්ගලයන් දෙදෙනකු සිදු කළ වෙඩි තැබීමකින් දෙදරු පියකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. 28 July 2022
වඳුරු උණ ආසාදිතයෝ 18,000 ක් ලොව සමස්ත වඳුරු උණ ආසාදිතයන් ගණන මේ වනවිට 18,000 පසු කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ යුරෝපා රටවලින් බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. 28 July 2022
පිලිපීනය භූමි කම්පාවකින් කැලැඹේ රික්ටර් පරිමාණයේ ඒකක 7.1 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවකින් උතුරු දිග පිලිපීනයේ ලුසොන් දූපත කැලැඹිණි. 28 July 2022
වෙඩි වැදුණු පස් පොඩ්ඩා මිය යයි ගම්පහ මහාධිකරණය ඉදිරිපිටදී අද දහවල් සිදුවූ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා ගම්පහ රෝහලේ දැඩි සත්කාර ඒකකයෙහි ප්‍රතිකාර ලබමින් සිටි අපරාධ කිහිපයකට සම්බන්ධ බව කියන සමන් රෝහිත පෙරේරා නොහොත් ’’ පස් පොඩ්ඩා ’’ නමැත්තා මීට සුලු මොහොතකට පෙර මියගිය බව පොලිසිය කියයි 27 July 2022
කොවිඩ් මරණ තවත් 4 ක් ‘කොවිඩ්’ ආසාදිතවූ පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (26) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (26) පස්වරුවේ තහවුරු කළේය. 27 July 2022
අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් දෙකක් මරුට අම්බලන්ගොඩ ගලගොඩ ජනපදයේ මලගෙදරකට ආ දෙදෙනකු ඒ් කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් එක් අයකු තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුලත් කල බව අම්බලන්ගොඩ පොලීසිය පැවසීය. 27 July 2022
ලබන නව වැනිදා ඇවිත් අරගලය අවසන් කරන්න මුළු රටම එකතු කරගෙන ලබන නව වෙනිදා කොළඹට පැමිණ මේ අරගලය අවසානය කරා ගෙන ගොස් දූෂිත දේශපාලනඥයන්ගෙන් රට බේරගන්න කියලා අරගලයේ දරුවන්ගෙන් ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය. 27 July 2022
ජනපති මහ ගෙදරට යයි අරගලයේ නිරතව සිටි තරුණයන්ගේ ඉල්ලීම වන රටේ ක්‍රමය වෙනස් කිරීම තමාගේ ද පිළිගැනීම යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. 27 July 2022
හදිසි නීතිය සම්මත වෙයි ජනාධිපතිවරයා විසින් නිකුත් කෙරුණු හදිසි නීතිය පැනවීමේ ගැසට් නිවේදනය වැඩි ඡන්ද 57 කින් පාර්ලිමේන්තුවේදී අද (27) පස්වරුවේ සම්මතවිය. 27 July 2022
ආබාධිතයන්ට පහර දුන්නැයි කීම බොරු ගාලුමුවදොර අරගලකරුවන්ට පසුගිය 22 වැනිදා පහර දුන් අවස්ථාවේදී ආබාධ සහිත පුද්ගලයන්ට අමානුෂික ලෙස පහර දුන්නේ යැයි වන සාවද්‍ය ප්‍රචාරයන් දැඩි පිළිකුලෙන් හෙළා දකින බවත් එය පදනම් විරහිත ප්‍රකාශයක් බවත් ‘අයිතීන් උදෙසා අපි’ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 27 July 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026