(අංජුල මහික වීරරත්න)

75 වන ජාතික  නිදහස් සැමරුමට සමගාමීව  කොළඹ 07 සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේ  පැවැත්වෙන “ ආර්ට් ඔෆ් ශ්‍රී ලංකා” චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත සංවිධානය කළ “ ආර්ට් ඔෆ් ශ්‍රී ලංකා” චිත්‍ර ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පොජ් හාර්න්පේල් (Poj Harnpol) මහතා ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 4 වැනිදා ආරම්භ කෙරිණි.

මෙරට අභිමානය විදහා දැක්වෙන අයුරින්  නවක හා දක්ෂ චිත්‍ර ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම චිත්‍ර ප්‍රදර්ශනය ප්‍රවීණ චිත්‍ර ශිල්පී එච්. එස් සරත් මහතා විසින් සංවිධානය කර තිබේ. 

ජනාධිපතිවරයාගේ රුව සහිත ආලේඛ්‍ය චිත්‍රයක් ඇතුළු චිත්‍ර කිහිපයක් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම ද සිදු විය.