(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකා එක්සත් ජනපදයේ හාර්ට් ටු හාර්ට් සංවිධානය ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 6.9 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් බිලියන 2.6) ක් වටිනා කමින් යුත් ඉන්ද්‍රීයන් බද්ධ කිරීමට අවශ්‍ය ඖෂධ සහ පිළිකා ඖෂධ තොගයක් ප්‍රදානය කර ඇතැයි ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
ඒ සඳහා අවශ්‍ය සියලුම රජයේ අනුමැතියන් මේ වන විට ලබා ගෙන අවසන් බවත් මෙය හාර්ට් ටු හාර්ට් සංවිධානය පරිත්‍යාග කළ හතරවෙනි හදිසි වෛද්‍ය ආධාර තොගය බවත් එම නිවේදනයේ දැක්වේ.
මෙම ඖෂධ තොගය ලබන සතිය මුලදී ගුවන් මගින් කොළඹට ලැබෙනු ඇතැයි එම නිවේදනයේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිනට, අමරිකාවෙනුයි, යුරෝපයෙනුයි... කාලා, ඇඳලා විතරක් නෙමේ, බෙහෙතුත් බීලා, රුසියාවටයි, චීනේටයි කුලියට කහින කෙලෙහිගුණ නොදත් අමන ජනතාවකට මොනවාට මේ වගේ ආධාර දෙනවාද මන්දා? මතකයිනේ අර බයි ලොජික් ටියුෂන් ගුරෙක් සිතියම් ඇඳ ඇඳ ජනතාව මුලා කළා. එක අතකට ඉතින් සත්තුනට අනුකම්පා කරන එක උතුම් මනුෂ්‍ය ගුණයක් කියලා කියනවානේ.. තුප්පහි ගතිගුණ තියන මේ නොසණ්ඩාලයින්ට කරන මේ උපකාර වලට ඒ රටවල පාලකයින්ට හා ජනතාවට තව වැඩි වැඩිය ලැබෙන්න ඕනෑ...!!