IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ධීවර වරාය නීතිගත සංස්ථාවේ රහස්‍ය වාර්තාවක් එළියට යවලා

(යොහාන් භාසුර)

ධීවර වරාය නීතිගත සංස්ථාව පුද්ගලික ආයෝජන සම්බන්ධයෙන් සකස් කළ රහසිගත තාක්ෂණික කමිටු වාර්තාවක් එම සංස්ථාවේ ප්‍රධානියෙක් ව්‍යාපාරිකයින් පිරිසක් අතට පත්වීම පිළිබඳව ධීවර ඇමති ඩග්ලස් දේවානන්ද මහතාට පැමිණිලි කර ඇතැයි ධීවර අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ප්‍රසිද්ධ නොකළ යුතු අදාල රහසිගත වාර්තාව මෙම ප්‍රධානියා ඡායාරූප ගෙන වට්ස්ඇප් ඔස්සේ හිතවත් ව්‍යාපාරිකයන්ට යොමුකර ඇති බවත් 2021 වසරේදී මෙවැනි ආකාරයේ වංචනික ක්‍රියාවක් සිදුකර ඇති අදාල ප්‍රධානියා තනතුරේ සිටින්නේ නම් සිය ආයතනවල තොරතුරු දීමට නොහැකි බවත් ව්‍යාපාරිකයින් පිරිසක් ධිවර අත්‍යවරයාට දැනුම් දී තිබේ.    

එම ප්‍රධානියා තනතුරේ කටයුතු කරන්නේ නම් රහස්‍යභාවය සහ විශ්වාසනීයත්වයක් ගැන විශ්වාසයක් නොමැති වීම නිසා පුද්ගලික අංශය ධීවර වරාය නීතිගත සංස්ථාවේ ආයෝජන සදහා ඉදිරිපත් වීම අඩාල විය හැකි බවද ඔවුහු පෙන්වා දෙති.

ශ්‍රී ලංකාවේ ධීවර වරායන්වල පුද්ගලික අංශයේ සැපයුම් හා ආයෝජන  සඳහා ව්‍යාපාරික සමාගම් වලින් ප්‍රකාශිත අභිප්‍රායන් විමසා ඒවා තාක්ෂණික කමිටුවකට ඉදිරිපත් කර ඒ සදහා වන අවසන් තාක්ෂණික වාර්තාව මත පදනම්ව තෝරාගන්නා සමාගම්වලට ආයෝජන අවස්ථා ලබාදීම ක්‍රමවේදය එම වාර්තාවේ සඳහන්ව ඇති බව ද දැනගන්නට තිබේ.

වාර්තාව අනියම් ආකාරයට පිට කළ බවට චෝදනා එල්ල වී සිටින ප්‍රධානියා හිටපු රාජ්‍ය ඇමතිවරයකුගේ ලේකම්වරයෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙක් බව ද දැනගන්නට තිබේ.



අදහස් (0)

ධීවර වරාය නීතිගත සංස්ථාවේ රහස්‍ය වාර්තාවක් එළියට යවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 75 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site