(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

විපක්ෂය පාර්ලිමේන්තුවට නෑවිත්ම හිටියත් කමක් නැතැයි ද මන්ද ඔවුන් ආවා කියලත් කරන වැඩක් නැතැයි සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

අසනීපයක් බව කියා වඩිවෙල් සුරේෂ් මහතාගේ ඡන්ද මීටිමට විපක්ෂනායකවරයා නොගිය කාරණයෙන් ම ඔහු බොරු කරන නායකයෙක් බව තහවුරු වන්නේ යැයි කී ඩයනා ගමගේ මහත්මිය මෙවන් බොරු කරන නායකයන්ට රටක් කරන්න පුළුවන් දැයි ප්‍රශ්න කළේය.

ලංකා මාතාව දණින් වැටී සිටි මොහොතේ රනිල් වික්‍රමසිංහ මහතා කිසිම කොන්දේසියක් නැතිව ලංකා මාතාවට නැගිටින්න උරහිස දුන් බවද ඩයනා ගමගේ මහත්මිය කීවාය.