(නිමල කොඩිතුවක්කු)
අලි පොහොට්ටු ආණ්ඩුව මෙන්ම ජනතා විමුක්ති පෙරමුණත් මැතිවරණ වලට බිය වී පසු බසිමින් සිටින බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී අද (10) පැවසීය.
සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂය මැතිවරණ දිනා ගැනීම වෙනුවෙන් කටයුතු කරද්දී ආණ්ඩුව මෙන්ම ජනතා විමුක්ති පෙරමුණත් ඒ වෙනුවෙන් ක්‍රියා නොකළ බවත් මහ ලේකම්වරයා සඳහන් කළේ ය.
ජනතා විමුක්ති පෙරමුණේ අහස් මාලිගා කඩා වැටී ඔවුන්ගේ තරම තේරුම් යන බැවින් ඔවුන් මෙසේ මැතිවරණ මග හැරීමට හේතුවී ඇතැයි ද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු පැවසීය.
සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂයේ පක්ෂ අධිකරණයට ගොස් මැතිවරණය දිනා ගැනීම, ප්රජාතන්ත්රවාදයේ ජයග්‍රහණයක් බවත් මද්දුමබණ්ඩාර මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න බොලේ, මම තමයි විචක්ෂණශීලි, මම තමයි බුද්ධිමත්... හැකිනම් මාත් එක්ක වැඩ කරලා පෙන්වන්න කියලා කයිවාරු කෙලින නායකයාගේ ගෝලයෙක් රා බීපු මීයෙකුට ඇඳලා...
ඔලුව ගලක වැදිලාද? නැත්නම් හට්ටියකින් ඔලුවට ගහලාද? JVP එක මොකටද බය වෙන්නේ?
ඔව් ඔව් අපි දන්නවා. කවුද බය වෙලා ඉන්නේ කියලා. අන්න ඔයාගේ ලොක්කාගේ කැරැට්ටුව දැන් ටික ටික දිගහැරගෙන එන්නේ...
ඉස්සෙල්ලාම හිස් පුස් නැති හොඳ නායකත්වයක් තෝරාගන්න. ඇඟෙන් රැස් විහිදෙන, රට වෙනුවෙන්....
තමුන්ගේ ලොක්කගේ කැරැට්ටුව දැන් එළියට ඇවිත්... බයවෙලා ඉන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඔය පක්ෂයේ ඉන්න දූෂිත දේශපාලුවන් ගැනත් දන්නෝ දනිති.